ඕෂධ සහ මෙන්ඩිස්ගෙන් අර්ධ ශතක

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරය 2023

158
Sri Lanka tour of New Zealand 2023

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත XI අතර පැවති දෙදින පුහුණු තරගය අද (05) අවසන් වුනේ ජය පරාජයෙන් තොරවයි.

තරගය ක්‍රීඩා කළ කණ්ඩායම්,

ශ්‍රී ලංකාව: ඕෂධ ප්‍රනාන්දු, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිවුස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, නුවනිඳු ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු, ලහිරු කුමාර, ප්‍රබාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න.

නවසීලන්ත XI: JM Cumming, JJNP Bhula, TB Robinson, M Boyle, BL Wiggins, MTMMJ Ave†, TF van Woerkom, RM ter Braak, SB Davey, BP Coburn, JW Hartshorn, MB Bacon.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුලු 4ක් දැවී ලකුණු 276ක් ලබා සිටින විට ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ ආරම්භයක් ගෙන දුන් ආරම්භක පිතිකරු ඕෂධ ප්‍රනාන්දු ලකුණු 78ක් ලබා සිටින විට පිටියෙන් ඉවත් වුනා.

පසුව පිටියට එක් වූ කුසල් මෙන්ඩිස් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 87ක් තුළ ලකුණු 95ක් ලබා ගැනීමට සමත් වුනා.

කණ්ඩායමේ අත්දැකීම් බහුලම ක්‍රීඩකයින් වන ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 38ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 35ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල නවසීලන්ත ක්‍රීඩකයින් තරගය අවසන් වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 141ක් ලබා සිටියා.

නවසීලන්ත XI වෙනුවෙන් JCT Boyle නොදැවී ලකුණු 73ක් ලබා ගැනීමට සමත් වූ අතර JJ Bhula නොදැවී ලකුණු 37යි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දවා ගත් එකම කඩුල්ල දවා ගත්තේ වේග පන්දුයවන ක්‍රීඩක ලහිරු කුමාරයි.

ශ්‍රී ලංකා කණ්ඩායම – 276/4 (57.3): කුසල් මෙන්ඩිස් 95, ඕෂධ ප්‍රනාන්දු 78, ඇන්ජලෝ මැතිව්ස් 38, දිනේෂ් චන්දිමාල් 35.

නවසීලන්ත XI – 141/1 ( 38): JCT Boyle 73*, JJ Bhula 37*, ලහිරු කුමාර 1/16.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<