ශ්‍රී ලංකා – නවසීලන්ත තරග කාලසටහන නිකුත් වේ

1905
(Ross Setford/SNPA via AP)

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසිලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය  මාසයකට ආසන්න කාලයක් මේ වසරේ දෙසැම්බර් මස 15 සිට ලබන වසරේ ජනවාරි මස 11 වැනිදා දක්වා නවසීලන්තයේ දී පැවැත්වේ.

කෞෂාල්, සම්මු, කමිඳු සහ චාමිකගේ උත්සාහයන් මල්ඵල දරයි

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම් අතර කටුනායක මේරියන් ක්‍රිකට්…

ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසිලන්ත කණ්ඩායම අතර මෙවර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය ටෙස්ට් ක්‍රිකට් තරග දෙකකින්, එක්දින ක්‍රිකට් තරග පහකින් හා එක් විස්සයි – විස්ස ක්‍රිකට් තරගයකින් සමන්විත වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමක් අවසන් වරට නවසීලන්තයේ තරග සංචාරයක් සඳහා පිටත්ව ගොස් ඇත්තේ 2015 දෙසැම්බර් මස දී වන අතර තරගාවලියේ පැවති තරග 9න් (ටෙස්ට් 3, එක්දින 5, විස්සයි – විස්ස 2) ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කිරීමට හැකි වූයේ එක් එක්දින ක්‍රිකට් තරගයක් පමණි. අනෙක් තරග සියල්ලම නවසිලන්ත කණ්ඩායම ජයග්‍රහණය කළ අතර තවත් එක් එක්දින තරගයක් ප්‍රතිඵලයකින් තොරව අවසන් වී ඇත.

මේ දිනවල පැවැත්වෙන දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය අගෝස්තු මස 14 වැනිදායින් අවසන් වූ පසුව සැප්තැම්බර් මස 15 වැනිදා ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිටත්ව යනු ඇත.

ආසියානු ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 28 වැනිදායින් අවසන් වූ පසුව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මෙරටට පැමිණෙන අතර එම තරගාවලිය ඔක්තෝබර් මස 10 වැනිදා සිට නොවැම්බර් මස 27 වැනිදා දක්වා පැවැත්වේ. එම ක්‍රිකට් තරගාවලියට එක්දින තරග 5ක්, එක් විස්සයි විස්ස තරගයක් හා ටෙස්ට් ක්‍රිකට් තරග 3ක් අන්තර්ගතව ඇත.

වසර හතරකට පසු එක්දින ජයක් සොයා ශ්‍රී ලංකාව දඹුල්ලට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග…

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය 2018/19 – තරග කාලසටහන

  • පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය – දෙසැම්බර් 15 – 19 – වෙලින්ග්ටන් හිදී (උදෑසන 3.30ට)
  • දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය – දෙසැම්බර් 26 – 30 – ක්‍රයිස්චර්ච් හිදී (උදෑසන 3.30)
  • පළමු එක්දින ක්‍රිකට් තරගය – ජනවාරි 3 – මවුන්ට් මන්ගුවානි (දිවා/රාත්‍රී) (උදෑසන 6.30)
  • දෙවන එක්දින ක්‍රිකට් තරගය – ජනවාරි 5 – මවුන්ට් මන්ගුවානි (දිවා/රාත්‍රී) (උදෑසන 6.30)
  • තෙවන එක්දින ක්‍රිකට් තරගය – ජනවාරි 8 – නෙල්සන් හිදී (උදෑසන 3.30)
  • එකම විස්සයි – විස්ස තරගය – ජනවාරි 11 – ඕක්ලන්ඩ් හිදී (උදෑසන 11.30)

සැ.යු:  *සියලුම වේලාවන් ශ්‍රී ලංකා වේලාවෙන් දක්වා ඇත.

තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<