Home Sinhala බංග්ලාදේශ අභියෝගය හමුවේ ශ්‍රී ලංකාව නැගී සිටියි

බංග්ලාදේශ අභියෝගය හමුවේ ශ්‍රී ලංකාව නැගී සිටියි

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය 2022

579

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර පැවති පළමු ටෙස්ට් තරගය අද (19) Chattogram හිදී ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

ඒ අනුව ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනට ලකුණු 4 බැගින් එකතු කරගැනීමට ශ්‍රී ලංකාවට සහ බංග්ලාදේශයට හැකියාව ලැබුණා.

පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය වූ අද දිනය ආරම්භ වන විට ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිමට කඩුලු 2ක් දැවී ලකුණු 39ක් ලබාගෙන සිටියේ බංග්ලාදේශ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 29ක් පසුපසින් සිටිමින්.

නායක දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් දිනය ආරම්භ කරමින් පිටියට අවතීර්ණ වුනු අතර ඔවුන් දෙදෙනා තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 88ක් තුල ලකුණු 67ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් වුනා.

එම සබඳතාවය ගොඩනැංවීමේ දී මෙන්ඩිස් සහ දිමුත් තරමක් පහසුවෙන් සහ වේගවත් ලෙස ලකුණු රැස්කර ගැනීම නිසා බංග්ලාදේශය තරමක් ආක්‍රමණශීලි ලෙස සිය පන්දු රකින්නන් ස්ථාන ගත කරමින් යම් විශේෂිත සැලසුමකට අනුව පන්දු යවන බවක් දැකගන්නට ලැබුණා.

එහි දී රවුන්ඩ් ද විකට් ආකාරයෙන් පැමිණි Taijul Islam ගුවනට මුසු කළ පන්දුවක් ඉතාමත් සියුම් ලෙස දඟකැවී කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා ටෙස්ට් අර්ධ ශතකයක් ආසන්නයේ සිටි මෙන්ඩිස්ගේ ඉනිම ලකුණු 48කට නිමා කිරීමට බංග්ලාදේශයට හැකි වුනා. පන්දු 43ක දී වාර්තා වුනු මෙන්ඩිස්ගේ වේගවත් ලකුණු 48 ඉනිමට 4 පහර 8ක් සහ එක් 6 පහරක් ඇතුළත් වුනා.

ශ්‍රී ලංකා පළමු ඉනිමේ කතානායකයා වුනු ඇන්ජලෝ මැතිව්ස් මේ ඉනිමේ දී ලකුණු ලබා ගැනීමටත් පෙර දවා ගැනීමට වමතින් දඟපන්දු යවන Taijul සමත් වුනා. දෙවැනි ඉනිමේ මුල්පෙළ ස්ථාවර කළ කරුණාරත්න 4 පහර 2ක් එල්ල කරමින් ලකුණු 52ක් ලබාගෙන සිටිය දී පසුපාදයට ගොස් midwicket කලාපයට ඉහළින් පන්දුව යොමු කිරමට උත්සහ කළ නමුත්, midwicket කලාපයේ සිටි නායක Mominul Haque එය උඩපන්දුවක් ලෙස සාර්ථකව රැකගත් නිසා කරුණාරත්නගේ ඉනිමත් නිමා වුනා.

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබා ගත් 28 වැනි අර්ධ ශතකය ලබා ගත් කරුණාරත්නගේ ඉනිමට 4 පහර 2ක් ඇතුළත් වුනා. ධනංජය ද සිල්වා ලකුණු 33යි.

ලකුණු 161කට කඩුලු 6ක් දැවී තිබූ ශ්‍රී ලංකා දෙවැනි ඉනිමට නැවත වතාවක් යම් ජීවයක් එකතු කරමින් ශ්‍රී ලංකාව සිටි අවදානමෙන් මුදවා ගත් දිනේෂ් චන්දිමාල් සහ කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල 7 වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවුණු ලකුණු 99*ක සබඳතාවයක් ගොඩනංවමින් බංග්ලාදේශය ගොඩනැංවූ පීඩනයට එරෙහිව සාර්ථක ප්‍රතිඅභියෝගයක් එල්ල කිරීමට සමත් වුනා.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ පන්දුවාර 90කුත් එක් පන්දුවක් අවසානයේ දී දික්වැල්ල සහ චන්දිමාල් ඉතාමත් හොඳ ස්ථාවරයක් ගොඩනංවාගෙන ශ්‍රී ලංකා පසුපෙළට හොඳ අඩිතාලමක් සකස් කරමින් සිටියා.

ඒ වන විට දිනය තුල අවම වශයෙන් ක්‍රියාත්මක කළ යුතු පන්දුවාර ප්‍රමාණය ක්‍රියාත්මක කොට අවසන්ව තිබූ නිසා කණ්ඩායම් දෙකේම එකඟතාවය ඇතිව තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට විනිසුරුවරුන් තීරණය කළා.

තරගය අවසන් වන විට චන්දිමාල් (4 පහර 4ක් සහ එක් 6 පහරක්) නොදැවී ලකුණු 33*ක් ලබාගෙන සිටි අතර සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 20 වැනි අර්ධ ශතකය ලබා ගත් දික්වැල්ල (4 පහර 6) නොදැවී ලකුණු 61*ක් ලබා ගැනීමට සමත් වුනා.

පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන Taijul මේ දක්වා ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ කඩුලු 4ක් දවාගෙන සමස්ත තරගය තුල ශ්‍රී ලංකා කඩුලු 5ක් දවාගෙන දස්කම් දැක්වූවා.

තරගයේ වීරයා – ඇන්ජලෝ මැතිව්ස්

ඒ අනුව 2021-23 ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ දැනට තිබෙන ප්‍රසාද ලකුණු සටහන මෙසේයි,

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර පැවැත්වෙන මේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට තරග දෙකක් ඇතුළත් අතර එහි දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය මේ මස 23 වැනිදා සිට 27 වැනිදා දක්වා Dhaka හිදී පැවැත්වීමට නියමිතයි.

එහි තරග තොරතුරු ද ඔබ වෙතට සමීප කිරීමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result

Match drawn

Sri Lanka
397/10 (153) & 260/6 (90.1)

Bangladesh
465/10 (170.1)

Batsmen R B 4s 6s SR
Oshada Fernando c Liton Das b Nayeem Hasan 36 76 3 1 47.37
Dimuth Karunaratne lbw b Nayeem Hasan 9 17 0 0 52.94
Kusal Mendis c Nayeem Hasan b Taijul Islam 54 131 3 0 41.22
Angelo Mathews c Shakib Al Hasan (vc) b Nayeem Hasan 199 397 19 1 50.13
Dhananjaya de Silva c Mahmudul Hasan Joy  b Shakib Al Hasan (vc) 6 27 0 0 22.22
Dinesh Chandimal lbw b Nayeem Hasan 66 148 2 3 44.59
Niroshan Dickwella b Nayeem Hasan 3 3 0 0 100.00
Ramesh Mendis b Shakib Al Hasan (vc) 1 8 0 0 12.50
Lasith Embuldeniya lbw b Shakib Al Hasan (vc) 0 1 0 0 0.00
Vishwa Fernando not out 17 84 3 0 20.24
Asitha Fernando  b Nayeem Hasan 1 27 0 0 3.70


Extras 5 (b 4 , lb 0 , nb 1, w 0, pen 0)
Total 397/10 (153 Overs, RR: 2.59)
Fall of Wickets 1-23 (7.5) Dimuth Karunaratne, 2-66 (21.2) Oshada Fernando, 3-158 (56.1) Kusal Mendis, 4-183 (65.2) Dhananjaya de Silva, 5-319 (113.1) Dinesh Chandimal, 6-323 (113.5) Niroshan Dickwella, 7-328 (116.2) Ramesh Mendis, 8-328 (116.3) Lasith Embuldeniya, 9-390 (148.5) Asitha Fernando , 10-397 (152.6) Angelo Mathews,

Bowling O M R W Econ
Shoriful Islam 20 3 55 0 2.75
Taskin Ahmed 16 1 66 0 4.12
Nayeem Hasan 30 4 105 6 3.50
Taijul Islam 48 12 107 1 2.23
Shakib Al Hasan (vc) 39 12 60 3 1.54
Batsmen R B 4s 6s SR
Mahmudul Hasan Joy  c Niroshan Dickwella b Asitha Fernando  58 142 9 0 40.85
Tamim Iqbal b Kasun Rajitha 133 218 15 0 61.01
Najmul Hossain Shanto c Niroshan Dickwella b Kasun Rajitha 1 22 0 0 4.55
Mominul Haque b Kasun Rajitha 2 19 0 0 10.53
Mushfiqur Rahim b Lasith Embuldeniya 105 282 4 0 37.23
Liton Das c Niroshan Dickwella b Kasun Rajitha 88 189 10 0 46.56
Shakib Al Hasan (vc) c Niroshan Dickwella b Asitha Fernando  26 44 3 0 59.09
Nayeem Hasan c Kusal Mendis b Dhananjaya de Silva 9 53 0 0 16.98
Taijul Islam c Chamika Karunaratne b Asitha Fernando  20 45 3 0 44.44
Shoriful Islam retired 3 11 0 0 27.27
Khaled Ahmed not out 0 4 0 0 0.00


Extras 20 (b 4 , lb 8 , nb 8, w 0, pen 0)
Total 465/10 (170.1 Overs, RR: 2.73)
Fall of Wickets 1-162 (48.5) Mahmudul Hasan Joy , 2-172 (54.4) Najmul Hossain Shanto, 3-184 (60.5) Mominul Haque, 4-385 (134.1) Liton Das, 5-385 (134.2) Tamim Iqbal, 6-421 (146.1) Shakib Al Hasan (vc), 7-439 (157.1) Mushfiqur Rahim, 8-450 (163.6) Nayeem Hasan, 9-465 (169.2) Taijul Islam, 10-465 (170.1) Shoriful Islam,

Bowling O M R W Econ
Vishwa Fernando 8 0 42 0 5.25
Asitha Fernando  26 4 72 3 2.77
Ramesh Mendis 45 10 119 0 2.64
Lasith Embuldeniya 47 9 104 1 2.21
Dhananjaya de Silva 19 2 48 1 2.53
Kasun Rajitha 24.1 6 60 4 2.49
Kusal Mendis 1 0 8 0 8.00


Batsmen R B 4s 6s SR
Oshada Fernando run out (Taijul Islam) 19 36 3 0 52.78
Dimuth Karunaratne c Mominul Haque b Taijul Islam 52 138 2 0 37.68
Lasith Embuldeniya b Taijul Islam 2 22 0 0 9.09
Kusal Mendis b Taijul Islam 48 43 8 1 111.63
Angelo Mathews c & b Taijul Islam 0 15 0 0 0.00
Dhananjaya de Silva c Mushfiqur Rahim b Shakib Al Hasan (vc) 33 60 3 1 55.00
Dinesh Chandimal not out 39 135 4 1 28.89
Niroshan Dickwella not out 61 96 0 0 63.54


Extras 6 (b 0 , lb 2 , nb 4, w 0, pen 0)
Total 260/6 (90.1 Overs, RR: 2.88)
Fall of Wickets 1-36 (11.5) Oshada Fernando, 2-39 (17.1) Lasith Embuldeniya, 3-106 (31.2) Kusal Mendis, 4-110 (35.6) Angelo Mathews, 5-143 (47.1) Dimuth Karunaratne, 6-161 (56.2) Dhananjaya de Silva,

Bowling O M R W Econ
Nayeem Hasan 23 5 79 0 3.43
Khaled Ahmed 7 2 37 0 5.29
Shakib Al Hasan (vc) 25 5 58 1 2.32
Taijul Islam 34 9 82 4 2.41
Najmul Hossain Shanto 1 0 2 0 2.00
Mehidy Hasan Miraz 0.1 0 0 0 0.00