ත්‍රිත්ව, සාන්ත සෙබස්තියන් හා රිච්මන්ඩ් ජය ගනී

758

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ශ්‍රී ලංකා ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු දිනය වෙනුවෙන් ක්‍රියාත්මක වූ තරග කිහිපයක් අද (26) පැවැත්විය.

පළමු තැන සොයා ටැමිල් සහ සී. සී. සී. සටනට

තවත් සති දෙකකින් අවසන් වන Major League සුපරි 8 ක්‍රිකට් තරගාවලියේ……

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය

මරදාන සාන්ත ජෝසප් විදුහල් ක්‍රිකට් පිටියේ දී පැවති මෙම සුහද තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 66ක් ලබා සිටින ලදි.

සාන්ත තෝමස් විද්‍යාල පිතිකරණ අංශය සවිබලගැන්වූ වමතින් පිත්ත හසුරුවන කලන පෙරේරා ඉතාමත් ඉවසිලිවන්ත පිතිකරණයක නිරත වෙමින් ලකුණු 42ක් රැස්කර ගත්තේ තවදුරටත් සාන්ත තෝමස් විද්‍යාලයේ (මෙවර තරග වාරය තුල)  හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා බවට පත් වෙමිනි.

ඊට අමතරව පසුපෙළ ක්‍රීඩක ඩෙලෝන් පීරිස්  ලබාගත් ලකුණු 29 හා ආරම්භක කඩුලු රකින පිතිකරු වන සිතර හපුහින්න ලබාගත් ලකුණු 28 නිසා සාන්ත තෝමස් විද්‍යාලයට එවැනි මට්ටමක ලකුණු ප්‍රමාණයක් වෙත යාමට හැකි විය.  පන්දු යැවීමේ දී දකුණතින් පිට දඟපන්දු යවන ක්‍රීඩක නායක අශේන් ඩැනියල් කඩුලු 3ක් තමා සතු කරගත්තේය.

>>Photos : St. Joseph’s College vs S. Thomas’ College | Singer U19 Cricket Tournament 2018/19<< 

ලකුණු 85ක පළමු ඉනිමේ වාසියක් ද සහිතව පිටියට පැමිණි සාන්ත ජෝසප් විද්‍යාල කණ්ඩායමේ සියලුම පිතිකරුවන් ලකුණු 112ක් තුල දවා ගැනීමට ඩෙලෝන් පීරිස් ඇතුළු සාන්ත තෝමස් විද්‍යාල පන්දු යවන්නන් සමත් වුවත් පළමු ඉනිමේ ලද පරාජයෙන් ගැලවී තරගය ජය ගැනීමට සාන්ත තෝමස් විද්‍යාලයට නොහැකි වූයේ ඔවුන්ට ලැබුණු ලකුණු 186ක ජයග්‍රාහී ඉලක්කය  හඹා යාමට තරම් ප්‍රමාණවත් පන්දුවාර ප්‍රමාණයක් ඉතිරිව නොතිබූ නිසයි.

සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම – 266/9d (69.4): දිනෙත් ජයකොඩි 63, ලක්ෂාන් ගමගේ 51, ශෙරන් ෆොන්සේකා 43, දුනිත් වෙල්ලාලගේ 37, දිලේෂ් පෙරේරා 24*, කලන පෙරේරා 3/67.

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම – 181/9d (68.4): කලන පෙරේරා 42, ඩෙලෝන් පීරිස් 29, සිතර හපුහින්න 28 , අශේන් ඩැනියල් 3/22, ශාලින්ද සෙනෙවිරත්න 3/38.

සාන්ත ජෝසප් විද්‍යාල දෙවන ඉනිම – 112 (52): දිනෙත් ජයකොඩි 37, ඩෙලෝන් පීරිස් 3/40.

සාන්ත තෝමස් විද්‍යාල දෙවන ඉනිම – 41/0 (5) සිතර හපුහින්න 34.

පිතිපෙළ නැවත වරක් නාය යයි; ශ්‍රී ලංකාවට ලැජ්ජා සහගත පරාජයක්!

තරගය පුරාවට දැක්වූ දියාරු පිතිකරණ රටාව නිසා ඕස්ට්‍රේලියානු සංචාරය…..


කොළඹ මහානාම විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය

C කාණ්ඩයේ තරගයක් ලෙස ආරම්භ වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සංචාරක ධර්මරාජ විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ධර්මරාජ විද්‍යාලයේ දුර්වල පිතිකරණය නිසාවෙන් ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 151කට සීමා විය.

>>Photos: Mahanama College vs Dharmaraja College | Singer U19 Cricket Tournament 2018/19<<

පිළිතුරු ඉනිම දියත් කළ මහානාම විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3ක් දැවී ලකුණු 326ක් ලබාගෙන සිය පළමු ඉනිම අත්හිටුවන ලදි. දක්ෂ පිතිකරණයක නිරත වූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ පවන්ත වීරසිංහ තරගයේ නිමාව වන විට සිය දෙවන ඉනිම වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටියේ ධර්මරාජ පළමු ඉනිමට සාපේක්ෂව ඉතාමත් ප්‍රබල තැනක පසුවෙමිනි. අවසානයේ සිය ද්විත්ව ශතකය අභියස සිටි පවන්ත වීරසිංහ ලකුණු 196 සීමාවේ දී අවාසනාවන්ත ලෙස දැවී ගියේය. නොදැවී ක්‍රීඩා කළ සොනාල් දිනූශ  ලකුණු 74*යි.

ධර්මරාජ විද්‍යාල පළමු ඉනිම – 151 (60.2): සචින්ත සේනානායක 47, කසුන් ගුණවර්ධන 37, ලහිරු කාවින්ද 4/59, කවිෂ්ක පෙරේරා 3/14,

මහානාම විද්‍යාල පළමු ඉනිම – 326/4d (84.3): පවන්ත වීරසිංහ 196, සොනාල් දිනූශ 74*, දිනුක රූපසිංහ 38.

ධර්මරාජ විද්‍යාල පළමු ඉනිම –  119/3 (48): සචින්ත සේනානායක 43, ඉසුරු දයානන්ද 39*.

කොළඹ නාලන්දා විද්‍යාලය හා මරදාන සහිරා විද්‍යාලය

B කාණ්ඩයේ තරගයක් ලෙස ආරම්භ වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරක නාලන්දා විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 290ක් වැනි හොඳ ලකුණු ප්‍රමාණයකට ඔසවා තබා ගැනීමට ඔවුන්ට හැකි විය.

පිළිතුරු ඉනිම දියත් කළ සහිරා විද්‍යාලය තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 35ක් ලබාගෙන සිටියේ නාලන්දා විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 245ක් පසුපසින් සිටිමිනි. මොහොමඩ්  ශහදුල්ලා ලබාගත් ලකුණු 44 සවියෙන් සහිරා විද්‍යාලය සිය පළමු ඉනිම ලකුණු 156ක් දක්වා රැගෙන එන ලදි.

අවසානයේ නැවත වතාවක් පන්දුවට පහර දීමට සහිරා විද්‍යාලයට ආරාධනා කළ නාලන්දා විද්‍යාලය සහිරා විද්‍යාල දෙවන ඉනිම ලකුණු 165කට සීමා කළේය. දක්ෂ පිතිකරණයක නිරත වූ මොහොමඩ්  ශහදුල්ලා ලකුණු 74ක් ලබාගනිමින් සටන්කාමී පිතිකරණයක නිරත නොවන්නට නාලන්දා විද්‍යාලයට ඉනිමක ජයක් ලබාගැනීමට තිබුණි. මහීම වීරකෝන් කඩුලු 4යි.

අවසානයේ මේ තරගය නිමා වූයේ නාලන්දා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමිකරදෙමිනි.

නාලන්දා විද්‍යාල පළමු ඉනිම – 290 (75.4): ලක්ෂිත රසාංජන 74, අවිශ්ක පෙරේරා 61, ජිතේෂ් වාසල 45*, ඉමිතියාස් සල්සා 8/111.

සහිරා විද්‍යාල පළමු ඉනිම – 156 (58): මොහොමඩ්  ශහදුල්ලා 44, දිල්සර ශමින්ද 33, ලක්ෂිත රසාංජන 4/41, කවීෂ මදුරප්පෙරුම  3/40.

සහිරා විද්‍යාල දෙවන ඉනිම (F/O) – 165 (47): මොහොමඩ්  ශහදුල්ලා 74, මහීම වීරකෝන් 4/30, කවීෂ මදුරප්පෙරුම 3/53.

නාලන්දා විද්‍යාල දෙවන ඉනිම –  11/0 (1)

ශ්‍රී ලංකා වේගපන්දු බලාපොරොත්තුවකට ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචාරය අහිමි වේ

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර පාදයේ ආබාධයක් නිසා….


මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා කොළඹ වෙස්ලි විද්‍යාලය

ත්‍රිත්ව විද්‍යාලයට ඉනිමක හා ලකුණු 18ක ජයක් හිමි වූ මේ තරගය D කාණ්ඩයේ තරගයක් ලෙස නිමාව දිටීය.

මහනුවර අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම වෙස්ලි විද්‍යාල පන්දු යවන්නන් හමුවේ ලකුණු 293කට සීමා විය.

එම ඉනිමට දෙවතාවක්ම පිළිතුරු දුන් වෙස්ලි විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිමේ දී රැස්කරගත්තේ ලකුණු 127ක් පමණි. දෙවන ඉනිම ලකුණු 148කට සීමා විය. වෙස්ලි විද්‍යාල ඉනිම දෙක පුරාවටම සාර්ථක වූ එකම පිතිකරුවා වූ කාවින්දන පෙරේරා ඉනිම දෙකක දී ලකුණු 96ක් ලබාගෙන දස්කම් දැක්වූ නමුත් ඔවුන්ගේ විද්‍යාලයේ අනෙකුත් පිතිකරුවන්ගේ සහාය ඔහුට නිසි පරිදි නොලැබුණි. ත්‍රිත්ව විද්‍යාලය දිනා ගත් මේ ජයග්‍රහණය පසුපස සිටි දඟපන්දු යවන ක්‍රීඩක කවිෂ්ක සේනාධීර තරගය පුරාවටම කඩුලු 10ක් දවා ගත්තේය.

ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම – 293/7d (64): ශේන් ගුණතිලක 74, අභිෂේක් ආනන්දකුමාර් 67, පුබුදු බණ්ඩාර 60, රනුද සෝමරත්න 29, මොවින් සුබසිංහ 3/90.

වෙස්ලි විද්‍යාල පළමු ඉනිම – 127 (39.5): ශෙනාල් දංගල්ල 33, කාවින්දන පෙරේරා 30, කවිෂ්ක සේනාධීර  5/46, නගිත විජේසුන්දර 3/34.

වෙස්ලි විද්‍යාල දෙවන ඉනිම (F/O) – 148 (52.3): කාවින්දන පෙරේරා 66, කවිෂ්ක සේනාධීර  5/87, උවිඳු විමලධර්ම 3/34.


ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හා මාතර සාන්ත තෝමස් විද්‍යාලය

රිච්මන්ඩ් විද්‍යාලයට කඩුලු 9ක දැවැන්ත ජයක් හිමිකරදෙමින් අවසන් වූ මේ තරගයේ දී තවීෂ අභිෂේක් හා දිලුම් සුධීර යන ක්‍රීඩකයින්ගේ දස්කම් කැපී පෙනුනි.

හම්බන්තොට සූරියවැව මහින්ද විද්‍යාලයීය ක්‍රිකට් පිටියේ දී පැවැත්වුණු මෙම D කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන්   රිච්මන්ඩ් විද්‍යාල පළමු ඉනිම ලකුණු 198කට සීමා විය.

තරගයේ දෙවන දිනය ආරම්භ වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි මාතර සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 60ක් ලබාගෙන තරමක අසීරු අඩියක සිටියේ රිච්මන්ඩ් විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 138ක් පසුපසින් සිටිමිනි.

අවසානයේ ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 95කට සීමා වීම නිසා නැවත වතාවක් ඔවුන්ට පිතිකරණයේ නිරත වීමට රිච්මන්ඩ් විද්‍යාලය තීරණය කළේය. අවසානයේ ලකුණු 13ක ඉලක්කයක් හඹා යාමේ අරමුණින් පිටියට පැමිණි රිච්මන්ඩ් විද්‍යාලය එක් කඩුල්ලක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගත්තේය.

රිච්මන්ඩ් විද්‍යාල පළමු ඉනිම – 198 (67.3): තවීෂ අභිෂේක් 82*, විනුජ කිරිඇල්ල 28, ගෙශාන්තික ජයවීර 4/15.

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම –  95 (49.4): දිලුම් සුධීර 5/18.

සාන්ත තෝමස් විද්‍යාල දෙවන ඉනිම (F/O) – 115 (54.3): වොෂිත අත්සර 38, ගිශාන්තික ජයවීර 27, දිලුම් සුධීර 6/45, සඳුන් මෙන්ඩිස් 4/54.

රිච්මන්ඩ් විද්‍යාල දෙවන ඉනිම – 15/1 (3.5):


මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය

සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ඉනිමක හා ලකුණු 9ක දැවැන්ත ජයක් හිමි වූ මේ තරගය සාන්ත සෙබස්තියන් විදුහල් පිටියේ දී නිමා විය.

කාසියේ වාසිය දිනා ගත් සාන්ත සෙබස්තියන් විද්‍යාලයට එරෙහිව පළමුව පන්දුවට පහර දුන් සාන්ත ජෝසප් වාස් විද්‍යාල පළමු ඉනිම ලකුණු 129කට සීමා වූ අතර එයට පිළිතුරු ලෙස සත්කාරක සාන්ත සෙබස්තියන් විද්‍යාලය රැස්කර ගත්තේ ලකුණු 193ක් පමණි. ලකුණු 64ක පළමු ඉනිමේ අවාසියක් සහිතව පිටියට පිවිසුණු සාන්ත ජෝසප් වාස් විද්‍යාල කණ්ඩායම ඉනිමක පරාජයෙන් ගැලවීමට ප්‍රබල උත්සාහයක් දැරූ නමුත්  ප්‍රවීන් කුරේ ඇතුළු සාන්ත සෙබස්තියන් විද්‍යාල පන්දු යවන්නෝ ඒ සඳහා අවසර නොදුන්හ. නදීර ප්‍රනාන්දු කඩුලු 3යි.

මේ තරගයේ වැඩිම ලකුණු ලාභියා රැස්කර ගත්තේ ලකුණු 40ක් පමණක් වීමද සුවිශේෂී වේ.

සාන්ත ජෝසප් වාස් විද්‍යාල පළමු ඉනිම –  129 (40.4): ගිහාන් පතිරණ 38*, සොහාන් අනුරුද්ධ 38, නදීර ප්‍රනාන්දු 4/40.

සාන්ත සෙබස්තියන් විද්‍යාල පළමු ඉනිම – 193 (63.4): විනුජ රණසිංහ 40, ජනිෂ්ක පෙරේරා 34, සුකිත ප්‍රසන්න 30, නිපුන් ධනංජය 3/37, ධනුක නිර්මාල් 3/56.

සාන්ත ජෝසප් වාස් විද්‍යාල දෙවන ඉනිම – 55 (26): ප්‍රවීන් කුරේ 5/23, නදීර ප්‍රනාන්දු 3/30.


සාන්ත පීතර විද්‍යාලය හා මොරටුව වේල්ස් කුමර විද්‍යාලය

සාන්ත පීතර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවති මෙම B තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දු යැවූ සාන්ත පීතර විද්‍යාලය හමුවේ ක්‍රියාත්මක වූ වේල්ස් කුමර  විද්‍යාල පිතිකරුවන් සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 225ක් රැස්කර ගත්තේය.

වේල්ස් කුමර විද්‍යාල පිතිකරණ අංශය සවිබලගැන්වූ දකුණතින් පිත්ත හසුරුවන දේවක පීරිස්, තරිඳු අමරසිංහ හා විනුජ රන්පුල් ලබාගත් වටිනා අර්ධ ශතක නිසාවෙන් වේල්ස් කුමර විද්‍යාලයට එවැනි මට්ටමක ලකුණු ප්‍රමාණයක් වෙත යාමට හැකි විය.

පන්දු යැවීමේ දී රන්මිත් ජයසේන හා කනිෂ්ක මදුවන්ත අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය. තරගයේ පළමු දිනයේ නිමාව සනිටුහන්  වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින සාන්ත පීතර විද්‍යාලය කිසිවෙක් නොදැවී ලකුණු 3ක් ලබාගෙන තිබුණි.

වේල්ස් කුමර විද්‍යාල පළමු ඉනිම – 225 (90.5): දේවක පීරිස් 55, තරිඳු අමරසිංහ 54, විනුජ රන්පුල් 53, රන්මිත් ජයසේන 3/27, කනිෂ්ක මදුවන්ත 3/49.

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 3/0 (2):

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග හෙට (27) දෙවන දිනයටත් පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<