Home Sinhala Milneගේ වේගයට සිංහයෝ පසුබහිද්දී කිවි පිතිකරුවන්ගෙන් ප්‍රහාරයක්

Milneගේ වේගයට සිංහයෝ පසුබහිද්දී කිවි පිතිකරුවන්ගෙන් ප්‍රහාරයක්

261
New Zealand vs SL T20I

දකුණත් වේගපන්දු යවන ක්‍රීඩක Adam Milneගේ විශිෂ්ට පන්දුකරණයත්, නවසීලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ මල්වෙඩි සන්දර්ශනයක් වැනි ප්‍රවේගකාරී පිතිකරණයත් නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට අද (05) දෙවැනි විස්සයි විස්ස තරගයෙන් කඩුලු 9ක දරුණු පරාජයක් භාර ගැනීමට සිදු වුනා.

ශ්‍රී ලංකාව අද තරගයට පිවිස තිබුණේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න වෙනුවට කසුන් රාජිත කණ්ඩායමට ඇතුළත් කර ගනිමින්. ඕක්ලන්ඩ් තරගයේ දී චාමිකට කිසිඳු කඩුල්ලක් බිඳ හෙළීමට හැකි වුනේ නැහැ. පසුගිය තරගය පරාජය වුවත්, අද නවසීලන්තය තරගයට පිවිස සිටියේ කිසිඳු වෙනස්කමකින් තොරවයි.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්:

  • නවසීලන්තය: Tom Latham (නායක), Chad Bowes, Tim Seifert, Mark Chapman, Daryl Mitchel, James Neesham, Rachin Ravindra, Henry Shipley, Adam Milne, Ish Sodhi, Ben Lister.
  • ශ්‍රී ලංකාව: දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ඩිල්ශාන් මධුශංක, ප්‍රමෝද් මදුශාන්, කසුන් රාජිත.

අද ශ්‍රී ලංකා ආරම්භය ලකුණු 18කට පමණක් සීමා වුනේ හයේ පහරක් සහ හතරේ පහරක් සමඟ ලකුණු 10ක් ඉක්මනින් ලබා ගත් කුසල් මෙන්ඩිස්ගේ දැවී යාමත් සමඟයි. එහි දී තවදුරටත් ලකුණු වේගය වැඩි කර ගැනීමට ගිය කුසල් මෙන්ඩිස් තම කල් මැනීම වරද්දා ගත්තා. පසුගිය තරගයේ පළමු පන්දුවෙන්ම දැවී ගිය පැතුම් නිශ්ශංකත් අද ලබා ගත්තේ ලකුණු 9ක් පමණයි.

>> Photos – Sri Lanka tour of New Zealand 2023 – 2nd T20I

ඉන්පසු ලකුණු 62ක හොඳ ලකුණු සම්බන්ධතාවයක් වර්ධනය වෙන්නේ කුසල් පෙරේරා සහ ධනංජය ද සිල්වා අතරයි. පසුගිය තරගයෙන් ලබා ගත් රිද්මය නොනැසී පවත්වා ගැනීමට සමත් වූ කුසල් අදත් ලකුණු 35ක් ලබා ගත්තා. ඒ හතරේ පහර 2ක් සහ එක් හයේ පහරක් සමඟින්. නමුත් පසුගිය තරගයේ මෙන් ප්‍රහාරයට යොමු වීමට ඉඩක් නොලද ඔහු තම ඉනිමට පන්දු 32ක් වැය කළා.

ශරීර ශක්තියට වඩා තාක්ෂණය විශ්වාස කරන ධනංජය ද සිල්වා අද සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළේ පන්දු 26කින් ලකුණු 37ක් ලබා ගනිමිනුයි. ඔහුගේ ඉනිම හතරේ පහර 3කින් සහ හයේ පහර 2කින් හැඩවුනා. ශ්‍රී ලංකා ඉනිමේ තෙවැනි කඩුල්ල ලකුණු 91 දී බිඳ වැටෙන විට 12 වැනි පන්දුවාරය ගෙවෙමින් තිබූ නිසා ඔවුන්ට ලකුණු 180ක ඉලක්කයක් නවසීලන්තයට ලබා දිය හැකි බව පෙනෙන්නට තිබුණා.

නමුත් නවසීලන්ත පන්දු යවන්නන්ගේ හැකියාවත්, ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ පහරවල් තේරීමේ දුර්වලතාවයත් නිසා ඉතිරි කඩුලු 7ම ලකුණු 50ක් තුලදීම බිඳ වැටුනා. ලකුණු 24ක් රැස් කරගෙන සිටි අසලංක පවා අද පිට ඉන්නෙන් ඈත ඇදී යන පන්දුවකට පුල් පහරක් එල්ල කිරීමට ගොස් දැවී ගියා. පැය කිහිපයකට පෙර IPL තරගාවලිය සඳහා වරම් ලැබූ දසුන් ශානක අද රැස් කළේ ලකුණු 7ක් පමණයි.

වනිඳු හසරංග හතරේ පහරක් බලාපොරොත්තුවෙන් ලෝන්ග්-ඕෆ් කලාපයෙන් වේගයෙන් එල්ල කිරීමට ගිය පහර Adam Milneගේ දෑතේ රැඳුණා. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 3ම බිඳ හෙළු Adam Milne අවසානයේ ලකුණු 26කට ඉනිමක කඩුලු 5ක් දවා ගැනීම සටහන් කළේ තම T20 දිවියේ හොඳම පන්දු යැවීම ලෙසයි. හොඳ ලකුණු පුවරුවක් ගොඩ නැගීමේ අපේක්ෂාවෙන් සිටි ශ්‍රී ලංකාවට අවසානයේ ලකුණු 141කට දැවී යන්නට සිදු වුනේ තවත් පන්දුවාරයක් ඉතිරිව තිබිය දීයි.

කිසිඳු පීඩනයකින් තොරව හඹා යා හැකි ඉලක්කයක් ලද නවසීලන්තය අද තරගය ජයග්‍රහණයෙන් අවසන් කරන විට ගෙවී ගොස් තිබුණේ පන්දුවාර 14.4ක් පමණයි. අද Chad Bowes රැස් කළේ ලකුණු 31ක් පමණක් වුවත් ඔහු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කරමින් නවසීලන්ත ඉනිමට හොඳ අඩිතාලමක් දමා දුන්නා.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් ශතක සබඳතාවයක් ගොඩ නැගූ Tim Seifert සහ Tom Latham නවසීලන්ත පිළේ තරගාවලි ජයක බලාපොරොත්තු අවසන් තරගය තෙක් රැක ගත්තා. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Seifert අද ලකුණු 79ක් ලබා ගැනීම වෙනුවෙන් වැය කළේ පන්දු 43ක් පමණයි. ඔහුගේ ඉනිමට හතරේ පහර 3ක් සහ දැවැන්ත හයේ පහර 6ක් ඇතුළත් වුනා.

නායක Latham තම භූමිකාව රඟ දැක්වූවේ පන්දු 30කින් ලකුණු 20ක් ලබාගෙන නොදැවී සිටිමින්. ඉනිමේ දැවී ගිය එකම කඩුල්ල හිමිවුනේ කසුන් රාජිතටයි. තරගයේ වීරයා සම්මානය ශ්‍රී ලංකා ඉනිම සුණුවිසුණු කළ Adam Milneට හිමි වුනා.

Result


New Zealand
146/1 (14.4)

Sri Lanka
141/10 (19)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Benjamin Lister b Adam Milne 9 9 2 0 100.00
Kusal Mendis c Tom Latham b Benjamin Lister 10 5 1 1 200.00
Kusal Perera c James Neesham b Adam Milne 35 32 2 1 109.38
Dhananjaya de Silva c Benjamin Lister b Rachin Ravindra 37 26 3 2 142.31
Charith Asalanka c & b 24 19 0 0 126.32
Dasun Shanaka c & b 7 8 0 0 87.50
Wanindu Hasaranga c & b 9 5 0 0 180.00
Mahesh Theekshana c & b 0 4 0 0 0.00
Pramod Madushan b 1 3 0 0 33.33
Kasun Rajitha not out 1 1 0 0 100.00
Dilshan Madushanka b 0 2 0 0 0.00


Extras 8 (b 1 , lb 2 , nb 0, w 5, pen 0)
Total 141/10 (19 Overs, RR: 7.42)
Bowling O M R W Econ
Adam Milne 4 0 26 5 6.50
Benjamin Lister 4 0 26 2 6.50
Henry Shipley 3 0 25 1 8.33
Rachin Ravindra 3 0 24 1 8.00
James Neesham 2 0 20 1 10.00
Ish Sodhi 3 0 17 0 5.67


Batsmen R B 4s 6s SR
Chad Bowes c Wanindu Hasaranga b Kasun Rajitha 31 15 7 0 206.67
Tim Seifert not out 79 43 3 6 183.72
Tom Latham not out 20 30 1 0 66.67


Extras 16 (b 0 , lb 1 , nb 0, w 15, pen 0)
Total 146/1 (14.4 Overs, RR: 9.95)
Bowling O M R W Econ
Mahesh Theekshana 4 0 18 0 4.50
Dilshan Madushanka 1 0 18 0 18.00
Kasun Rajitha 2 0 25 1 12.50
Pramod Madushan 2 0 21 0 10.50
Dasun Shanaka 1 0 10 0 10.00
Wanindu Hasaranga 3 0 22 0 7.33
Dhananjaya de Silva 1.4 0 31 0 22.14



ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් මෙම තරග දෙකේ දී දැඩි ප්‍රහාරයකට ලක්වීම නිසා තෙවැනි තරගයේ දී මතීෂ පතිරණ වැනි පන්දු යවන්නෙක් අත්හදා බැලීම වාසිදායක වන්නට ඉඩ තිබෙනවා. තීරණාත්මක තෙවැනි එක්දින තරගය ලබන සෙනසුරාදා (08) උදෑසන 6.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

එහි තරග සූදානම, තතු විත්ති මෙන්ම ඡායාරූප සියල්ල එසැණින් ලබා ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<