ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ නායකත්වය මැතිව්ස්ට

564

ශ්‍රී ලංකා ක්‍රිකට් සීමිත පන්දුවාර නායක ඇන්ජලෝ මැතිව්ස් දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර ජූලි මස 6 හා 7 යන දෙදින පුරාවට කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වෙන එකම පුහුණු ක්‍රිකට් තරගය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත්කර ඇත.

ඉම්රාන් තාහීර් හා ක්‍රිස් මොරිස් නැතුව දකුණු අප්‍රිකානුවන් මෙරටට

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ වීමට තවත් සති කිහිපයක් ඉතිරිව..

ඇන්ජලෝ මැතිව්ස් පසුගිය දා නිමාවට පත්වූ ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කළ අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භ වීමට එක් දිනකට පෙර පුද්ගලික හේතුවක් මත ඔහු නැවතත් දිවයිනට පැමිණෙන ලදි.

කොදෙව් තරග සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ රොෂේන් සිල්වා, දකුණතින් පිත්ත හසුරුවන ධනංජය ද සිල්වා, ධනුෂ්ක ගුණතිලක හා වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවැත්වෙන මේ පුහුණු තරගය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමට ඇතුලත් කර ඇත. එසේම ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ සිය ස්ථානයන් අහිමි වූ දකුණතින් පිත්ත හසුරුවන කෞශාල් සිල්වා ද මේ සංචිතයට නම් කර තිබේ.

ශ්‍රී ලංකාවට එන දකුණු අප්‍රිකානු සංචිතයේ ස්ටේන් ඇතුළු ප්‍රබලයින් රැසක්

ජුලි 12 වැනිදා සිට අගෝස්තු 14 වැනිදා දක්වා ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන….

එම නිසාවෙන් මේ පුහුණු තරගයේ හොඳින් දස්කම් දැක්වීමට මේ සියලුම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අපේක්ෂා කරනු ඇත. එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට  ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනීමට ද මේ පුහුණු තරගය ඉතාමත් හොඳ පිටිවහලක් වනු නිසැකය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම – ඇන්ජලෝ මැතිව්ස් (නායක), කෞශාල් සිල්වා, රොෂේන් සිල්වා, ධනංජය ද සිල්වා, අවිශ්ක ප්‍රනාන්දු, කසුන් මදුසංක, විමුක්ති පෙරේරා, මිනෝද් භානුක, ධනුෂ්ක ගුණතිලක,  ලසිත් ඇඹුල්දෙණිය, අසිත ප්‍රනාන්දු.

අතිරේක ක්‍රීඩකයින් – අශේන් බණ්ඩාර, වනිඳු හසරංග, විකුම් සංජය.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහන

ජූලි 12-16: පළමු ටෙස්ට් තරගය ගාල්ල
ජූලි 20-24: දෙවන ටෙස්ට් තරගය කොළඹ SSC

ජූලි 29: පළමු එක්දින තරගය රංගිරි දඹුලු ක්‍රිකට් පිටිය (දිවා තරගය)
අගෝස්තු 1: දෙවන එක්දින තරගය රංගිරි දඹුලු ක්‍රිකට් පිටිය (දිවා/රාත්‍රී තරගය)
අගෝස්තු 5: තෙවැනි එක්දින තරගය මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය (දිවා තරගය)
අගෝස්තු 8: සිව්වැනි එක්දින තරගය (දිවා/රාත්‍රී තරගය)
අගෝස්තු 12: පස්වැනි එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටිය (දිවා/රාත්‍රී තරගය)

අගෝස්තු 14: එකම විස්සයි විස්ස තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටිය (දිවා/රාත්‍රී තරගය)

ටෙස්ට් ක්‍රිකට් තරග දෙකකින්, එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග පහකින් හා එක් විස්සයි – විස්ස ක්‍රිකට් තරගයකින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 12 වැනිදා ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. පුහුණු තරගයේ ඇතුළු සමස්ත තරගාවලියේම සියලුම තොරතුරු ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<