ශ්‍රි ලංකාවට තවත් පොදුරදමඩුලු පදක්කමක් ලැබෙයි ද?

561

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක ඉහළම දස්කම් දැක්වූ ක්‍රීඩා උළෙල ලෙස 2018 ඕස්ට්‍රේලියාවේ ගොල්ඩ්කෝස්ට් නුවර පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඉතිහාස ගත විය.

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් එහි දී පදක්කම් 6ක් දිනා ගැනීමට සමත් වූ අතර නවතම වාර්තාවලට අනුව ඇතැම් විට බර ඉසිලීමේ ඉසව්වෙන් තවත් පදක්කමක් ශ්‍රී ලංකාවට හිමි වනු ඇතැයි වාර්තා වේ.

යුධ හමුදාව විසින් අවසන් දිනය අත්පත් කරගන්නා ලකුණු

සමස්ත ලංකා ආධුනික බොක්සිං තරගාවලියේ අවසන් පූර්ව තරග අද (01) කොළඹ MAS..

බර ඉසිලීමේ ක්‍රීඩිකා චමරි වර්ණකුලසූරිය කාන්තා කිලෝග්‍රෑම් 53 බර පන්තිය යටතේ තරග වදිමින් එම ඉසව්වේ සිව්වැනි ස්ථානය දිනා ගත් අතර ස්නැච් ආකාරයට යටතේ කිලෝග්‍රෑම් 78, ක්ලීන් ඇන්ඩ් ජර්ක්  ආකාරය යටතේ කිලෝග්‍රෑම් 94 සමඟින් කිලෝග්‍රෑම් 172ක් එසවීමට ඇය සමත් විය.

ඇය සාර්ථක කර ගත් මෙම බර ප්‍රමාණය සමග චමරි සිය ඉහළම පෞද්ගලික දක්ෂතාවය ද පසුකර ගිය අතර කිලෝග්‍රෑම් 53 කාන්තා කාණ්ඩයේ ජාතික වාර්තාවක් ද පිහිටුවීමට සමත් විය.

අවාසනාවන්ත ලෙස චමරිට  පදක්කමක් අහිමි වූ අතර ඉසව්වේ පළවැනි ස්ථානය ඉන්දියානු ක්‍රීඩිකා සන්ජිතා චානු හමුක්චාම් හටත් දෙවන ස්ථානය පැපුවා නිව්ගීනියාවේ ඩිකා ටෝවූ හටත් තෙවැනි ස්ථානය කැනඩාවේ රේචල් ලේබ්ලෑන්ක්-බැසිනෙට් හටත් හිමි විය.

යුධ සහ ගුවන් ක්‍රීඩකයින්ගෙන් බොක්සිං වළල්ල උණුසුම් වේ

නව බොක්සිං තරු ජාතික බොක්සිං වළල්ලට දායාද කරන ජාතික ආධුනික බොක්සිං ශූරතා තරගාවලිය..

කෙසේ වුවත් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මෙම ඉසව්වේ රන් පදක්කම දිනා ගත් ඉන්දියානු ක්‍රීඩිකා සන්ජිතා චානු පසුගිය මාසයේ තහනම් උත්තේජක පරීක්ෂණයක් අසමත් වූ බව අන්තර්ජාතික බර ඉසිලීමේ සම්මේලනය ප්‍රකාශයට පත්කළ අතර ඒ අනුව ඇයට පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කම අහිමි වුවහොත් එම ඉසව්වේ සිව්වැනි ස්ථානය දිනූ ශ්‍රි ලංකාවේ චමරි වර්ණකුලසූරිය හට එම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි වනු ඇත. පැපුවා නිව්ගීනියාවේ ඩිකා ටෝවූ රන් පදක්කම සඳහා සුදුසුකම් ලබන අතර කැනඩාවේ රේචල් ලෙබ්ලෑන්ක් රිදී පදක්කම දක්වා ගමන් කරනු ඇත.

නිමා වූ පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම දක්ෂතා පෙන්වූයේ බර ඉසිලීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වූ අතර රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකක් සමඟින් මුළු පදක්කම් තුනක් ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනා දීමට ඔවුන් සමත්විය. චමරි හට මෙම ලෝකඩ පදක්කම හිමි වූවොත් ඔවුන් ලබා ගත්  මුළු පදක්කම් සංඛ්‍යාව පදක්කම් 4ක් දක්වා ඉහළ යනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<