යුධ සහ ගුවන් ක්‍රීඩකයින්ගෙන් බොක්සිං වළල්ල උණුසුම් වේ

270

නව බොක්සිං තරු ජාතික බොක්සිං වළල්ලට දායාද කරන ජාතික ආධුනික බොක්සිං ශූරතා තරගාවලිය මේ දිනවල කොළඹ MAS රාජකීය බොක්සිං කවයේ දී පැවැත්වේ.

මැයි 28 වැනිදා ඇරඹුණු ජාතික ආධුනික බොක්සිං තරගාවලියේ මූලික වටවලින් අනතුරුව අර්ධ අවසන් පූර්ව තරග ඊයේ (31) පැවැත්වුණු අතර අද (01) අවසන් පූර්ව වටය හා අනිද්දා (02) අවසන් මහා තරගත් පැවැත්වීමට නියමිතයි.

ආධුනික බොක්සිං තරගාවලිය ජය ගන්නා ක්‍රීඩකයින් අන්තර් මධ්‍ය බොක්සිං තරගාවලියකට සුදුසුකම් ලබන ඒ තරගාවලියේ ද අපරාජිතව සිටින ක්‍රීඩකයින්ට ජාතික මට්ටමේ ක්‍රීඩකයින් හා තරග වැදීමේ වරම් හිමි වනු ඇත.   

බොක්සිං වීරයන් තනන පළමු පියවර සඳහා

සෑම වසරකම පැවැත්වෙන ජාතික ආධුනික බොක්සිං තරගාවලිය මෙවරත් ඇරඹී ඇත. 28 වැනිදා ඇරඹුණු …

යුධ හමුදා ක්‍රීඩකයින් හා ගුවන් හමුදා ක්‍රීඩකයින් ඊයේ දිනයේ වැඩි ගෞරව දිනා ගැනීමට සමත් වූ අතර තරග තිහකට අධික ප්‍රමාණයක් ඊයේ ක්‍රියාත්මක විය. ලයිට් ෆ්ලයි වේට්, බැන්ටම් වේට්, ලයිට් වෙල්ටර් වේට්, මිඩ්ල් වේට්, ෆ්ලයි වේට්, ලයිට් වේට්, වෙල්ටර් වේට්, ලයිට් හෙවි වේට් හා සුපර් හෙවී වේට් යන බර පන්ති ඔස්සේ තරග පැවැත්විය.

ලයිට් ෆ්ලයි වේට් (49Kg)

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ නදීක කුමාර, වයි. සියනේෂ් පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසි අතර ටී. ජී. එච්. එන් ජිනදාස, යුධ හමුදාවේ ජේ. උදයකුමාර පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

මෙවර තරගාවලියේ පොලිස් ක්‍රීඩකයින්ගේ සහභාගිත්ව ඉතා ඉහළ මට්ටමක පැවති අතර යුධ හමුදාවේ යූ. සී. ජයතිස්සව පරාජය කරමින් පොලිස් ක්‍රීඩා සමාජයේ ඩී. එස්. ඉන්ද්‍රතිලක අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් විය. ලයිට් ෆ්ලයි වේට් කාණ්ඩයේ අවසන් අවසන් පූර්ව ස්ථානය රැක ගන්නට මහනුවර විද්‍යාර්ථ රග්බි සමාජයේ වයි. බී. බණ්ඩාර පරාජය කළ නාවික හමුදාවේ එම්. එච්. එන්. ගුණරත්න සමත් විය.

>> ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

බැන්ටම් වේට් (56Kg)

පළමු අර්ධ අවසන් පූර්ව තරගයේ දී පොලිස් ක්‍රීඩා සමාජයේ ඒ. ආර්. ප්‍රසන්න, ආර්. එන්. කේ රාජපක්ෂ පරාජය කළ අතර දෙවන තරගයේ දී ගුවන් හමුදාවේ එම්. එස්. හේමන්ත පරාජය කරමින් යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ඩී. එම්. දසනායක අවසන් පූර්ව වටයට පිවිසීමට වරම් දිනා ගත්තේය.

අයි. ඩී. බාලසුරිය හෙල ක්ලෝදින් හි යසස් පරාජය කරමින් හා නාවික හමුදාවේ එන්. පී සිල්වා යුධ හමුදාවේ අයි. චාමර පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් වූහ.

පළමු ජාතික මුයි තායි තරගාවලියේ ජය නාවිකයන්ට

ලොව ජනප්‍රියතම සටන් ක්‍රීඩා අතරින් එකක් සේ සැලකෙන මුයි තායි ක්‍රීඩාව මෙරට තුළ ද ජනප්‍රිය …

ලයිට් වෙල්ටර් වේට් (64Kg)

මෙම කාණ්ඩයේ තරග ඉතා උණුසුම් ස්වභාවයක් ගත් අතර රාජකීය විද්‍යාලයේ ඇන්ඩ්‍රෘ දිරෝෂන් පරාජය කරමින් විද්‍යාර්ථ විද්‍යාලයේ ඩී. එම්. ජයරත්න පළමු අර්ධ අවසාන පූර්ව තරගය ජය ගැනීමට සමත් විය. ගුවන් හමුදාවේ ඒ. එස්. විජේසුන්දර පරාජය කරමින් යුධ හමුදාවේ එන්. එන්. ජයවීර ජයග්‍රහණය වාර්තා කළ අතර විද්‍යාර්ථ විද්‍යාලයේ ශිවවිශ්ණු පරාජය කරමින් යුධ හමුදාවේ සී. ආර්. බී. සමරකෝන් අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් විය.

පොලිස් ක්‍රීඩා සමාජයේම ක්‍රීඩකයින් දෙදෙනෙක් ලයිට් වෙල්ටර් වේට් කාණ්ඩයේ අවසන් අර්ධ අවසන් පූර්ව තරගයේ දී සටන් වැදුණු අතර එස්. ශ්‍රීහරන් පරාජය කරමින් ඩී. සී. නිලංග අවසාන පූර්ව තරගයේ අවසාන පුරප්පාඩුව පිරවීමට සමත් විය.

මිඩ්ල් වේට් (75Kg)

මෙම තරග කාණ්ඩය ඉතා තියුණු වූ අතර ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ එස්. කුමාර ගුවන් හමුදාවේ එස්. සංජිව පරාජය කළ අතර යුධ හමුදාවේ ඊ. බී. හේරත් ගුවන් හමුදාවේ සී. සිල්වා පරාජය කිරීමට සමත් විය.

පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කළ එස්. පලිහවඩන පරාජය කරමින් යුධ හමුදාවේ බී. රූපසිංහ ජය ග්‍රහණය වාර්තා කළේය.

ෆ්ලයි වේට් (52Kg)

ගුවන් හමුදාවේ කසුන් කුමාර පරාජය කරමින් පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කළ කේ. බී. සුරවීර ජයග්‍රහණය හිමි කර ගත් අතර විද්‍යාර්ථ විද්‍යාලයේ එස්. ද සිල්වා පරාජය කරමින් වී. ෆ්‍රැන්ඩා තරගාවලියේ තවත් ඉදිරියට යාමට සුදුසුකම් ලබා ගත්තේය.

ගුවන් හමුදාවේ එස්. ඉසංක පරාජය කළ පී. ඩී. විද්‍යාලංකාර අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කර ගත් අතර නාවික හමුදාවේ ජී. ජී. චතුරංග පරාජය කළ පී. අබේරත්න ද අවසන් පූර්ව වරම් හිමි කර ගන්නා ලදි.

අනූෂා ඇතුළු බොක්සිං කණ්ඩායම රටින් පිටට

පසුගිය අප්‍රේල් මාසයේ දී අවසන් වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් …

ලයිට් වේට් (60Kg)

යුධ හමුදාවේ එම්. එස්. කුමාර පරාජය කළ සඳරුවන් යුධ හමුදාව වෙනුවෙන් ජය තහවුරු කර ගත් අතර ගුවන් හමුදාවේ එම්. ගමගේ පරාජය කරමින් යුධ හමුදාවේ කේ. කේ. රසනායක ද, පොලිස් ක්‍රීඩා සමාජයේ එන්. චාමර පරාජය කළ විද්‍යාර්ථ විද්‍යාලයේ එච්. ඩී. හෙට්ටිආරච්චි ද මීළඟ වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

අවසන්, අවසාන පූර්ව ස්ථානය සඳහා නාවික හමුදාවේ පී. දයාරත්න හා එම් වික්‍රමාරච්චි සටන් වැදුණු අතර දයාරත්න එම තරගය ජය ගැනීමට සමත් විය.

වෙල්ටර් වේට් (69Kg)

නාවික හමුදාවේ පී. වීරසිංහ පරාජය කරමින් ගුවන් හමුදාවේ ජී. මදුරංගත්, විද්‍යාර්ථ විද්‍යාලයේ පී. අමරසිංහ පරාජය කරමින් යුධ හමුදාවේ එන්. සමරනායකත් තරගාවලියේ ඉදිරියට යාමට වරම් දිනා ගත් අතර අවසාන තරග දෙකේ දී එස්. තෙන්නකෝන් පරාජය කළ ගුවන් හමුදාවේ බී. ගමගේත්, ‘හෙල ක්ලෝදින්’ හි ජී. දිල්ශාන් පරාජය කළ යුධ හමුදාවේ එම්. ඒකනායකත් අවසන් පූර්ව වරම් හිමිකර ගැනීමට සමත් විය.

ලයිට් හෙවි වේට් (81Kg)

ඉතාමත්ම උණුසුම් තරග ඉසව්වක් වූ මේ ඉසව්වේ පළමු අර්ධ අවසන් පූර්ව තරගයේ දී ගුවන් හමුදාවේ එම්. පුෂ්පකුමාර පරාජය කරමින් නාවික හමුදාවේ පී. දේශප්‍රිය ජය ගත් අතර දෙවන අර්ධ අවසන් පූර්ව තරගයේ දී පොලිස් ක්‍රීඩා සමාජයේ එස්. වීරසූරිය පරාජය කළ ගුවන් හමුදාවේ ඩී. රන්තිලක ජයග්‍රහණයට හිමිකම් කීය.

මීළඟ තරග දෙක ද ඉතාම තියුණු මුහුණුවරක් ගත් අතර පොලිස් ක්‍රීඩා සමාජයේ ඩී. බණ්ඩාර, එස්. කේසවන් පරාජය කළ අතර ගුවන් හමුදාවේ එම්. සිල්වා, එස්. පී සුදම්ම පරාජය කරමින් මීළඟ වටයට පිවිසියේය.

සුපර් හෙවි වේට් (91Kg+)

බොක්සිං වළල්ලේ දැවැන්තයන් තරග වැදුණු මේ ඉසව්වේ අවසාන පූර්ව වටය ක්‍රියාත්මක වූ අතර පළමු තරගයේ දී ඒ. රත්නායක පරදවා යුධ හමුදාවේ එම්. අබේසිංහ ජය ගත් අතර දෙවන තරගයේ දී විද්‍යාර්ථ විද්‍යාලයේ දිලීප මදුසංක පරදවා යුධ හමුදාවේ පී. ගුණවර්ධන ජයග්‍රහණය ලබා ගන්නා ලදි.

තරගාවලියේ අවසන් පූර්ව වටයේ හා අවසන් මහා තරගවල තොරතුරු ද අප ඔබ වෙත ගෙන ඒමට සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<