13න් පහළ අවසන් පූර්ව සටනේ පාසල් තීන්දුයි

137

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ සිංගර් ශ්‍රී ලංකා ආයතනය එක්ව සංවිධානය කරනු ලබන “සිංගර් කුසලාන” වයස අවුරුදු 13න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට කුරුණෑගල මලියදේව, මොරටුව සාන්ත සෙබස්තියන්, මොරටුව වේල්ස් කුමර සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාල සමත් වූහ. 

දකුණු අප්‍රිකාවට තරගයට අමතරව ප්‍රසාද ලකුණු 6කුත් නැති වෙයි

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු …….

ගම්පොල වික්‍රමබාහු ජාතික පාසල් පිටියේ පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයක දී කුරුණෑගල මලියදේව විද්‍යාලය කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබූ අතර පානදුර දී පැවති තවත් අර්ධ අවසන් පූර්ව වටයේ තරගයක දී මොරටුව වේල්ස් කුමර විද්‍යාලය කොළඹ මහානාම විද්‍යාලයට එරෙහිව ජය ලබා ගත්තේ මූලික වටයේ ලබාගෙන තිබූ ප්‍රසාද ලකුණු අනුවයි. 

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයට එරෙහිව ප්‍රසාද ලකුණු අනුව ජය ලැබූ අතර මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබා ගනිමින් අර්ධ අවසන් පූර්ව වටයේ සිට අවසන් පූර්ව තරග වටය දක්වා සුදුසුකම් ලබා ගන්නා ලදි.

එහි දී සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ රයන් දිසානායක තුන් ඉරියව් දස්කම් දැක්වූ අතර තවත් තරගයක දී මොරටුව වේල්ස් කුමර විද්‍යාලය වෙනුවෙන් යෙනුල දෙව්තුස සිය තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශනය කළේය. කොළඹ මහානාම විද්‍යාලයේ චාමික හීනටිගල ද සිය තුන් ඉරියව් දස්කම් දැක්වූ අතර වේල්ස් කුමර විද්‍යාලයේ හරීන්ද්‍ර බාසුර පන්දුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීය.  

ඒ අනුව ඉදිරි දින කිහිපය තුල මලියදේව විද්‍යාලය සහ සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර පළමු අවසන් පූර්ව තරගයත්, වේල්ස් කුමර විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය අතර දෙවන අවසන් පූර්ව තරගයත් පැවැත්වීමට නියමිත නමුත් එම තරග පැවැත්වෙන දින පිළිබඳව තවමත් නිල වශයෙන්  දිනයක් ප්‍රකාශ කර නොමැත.

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය

සාන්ත අන්තෝනි විද්‍යාල පළමු ඉනිම – 104 (48.1) අංජන වීරසේකර 27, තේමිය බණ්ඩාර 3/14, විනුද බණ්ඩාර 2/12, විමාක් රිවිෂ 2/20.

මලියදේව විද්‍යාල පළමු ඉනිම – 110/5 (30) විනුක ගලප්පත්ති 37*, පන්සිළු පසන්විත් 26, කෙවොන් ප්‍රනාන්දු 2/38.

 කුරුණෑගල මලියදේව විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

දැවැන්ත ලකුණක් වෙනුවෙන් ශ්‍රී ලංකා පිතිකරුවෝ ඉව අල්ලති

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවැනි ටෙස්ට් තරගයේ ……….

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය

සාන්ත ජෝසප් වාස් විද්‍යාල පළමු ඉනිම – 79 (51.5) විමුක්ති ප්‍රනාන්දු 28, රයන් දිසානායක 5/15, මලින්ත සිල්වා 2/20.

සාන්ත සෙබස්තියන් විද්‍යාල පළමු ඉනිම – 137/2 (38) රයන් දිසානායක 64*, අධීෂ සොනාල් 25, විමාත් දිම්සර 20.

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

 

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය

මහානාම විද්‍යාල පළමු ඉනිම – 121 (47.3) චාමික හීනටිගල 49, කරින්ද්‍ර බාසුර 5/37, යෙනුල දෙව්තුස 4/19.

වේල්ස් කුමර විද්‍යාල පළමු ඉනිම – 101/8 (57) කේෂිත තෙනුල 36, යෙනුල දෙව්තුස 28*, චාමික හීනටිගල 5/08, ගිමන්ත දිසානායක 2/16.

මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට ප්‍රසාද ලකුණු අනුව ජයක්.

රාජකීයයට සහ මහින්දයට ජයග්‍රහණය නූලෙන් මඟ හැරෙයි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් ……

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය

ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම – 154/7 (55.2) ඩිරේන්ද්‍ර ඩිමන්ත 41, විරුල් ග්‍රේරෝ 26, සසිඳු අවිෂ්ක 18/3, තරුන් ඉන්දීප 33/2

සාන්ත අන්තෝනි විද්‍යාල පළමු ඉනිම – 110/5 (35) සසිඳු අවිෂ්ක නොදැවී 44, කෙනුල බණ්ඩාර 22/2

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ප්‍රසාද ලකුණු අනුව ජයක්.

 

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<