ඔලිම්පික් සිහින පොදිබැඳන් ශ්‍රී ලංකාව කොරියාවට!

100

2020 ඔලිම්පික් සඳහා වන සුදුස්සන් තේරීමේ තරග වෙනුවෙන් සහභාගි වන ශ්‍රී ලංකා ජාතික සංචිතය නම් කර තිබෙනවා. සුදුස්සන් තේරීමේ තරග මේ මස 23 හා 24 යන දිනයන් හිදී දකුණු කොරියාවේ ඉන්චියොන් නුවර දී පැවැත්වීමට නියමිතයි.

නව නියමුවෙක් සමඟ ගුවන් හමුදාව ඉගිළෙන්නට සූදානම්!

2018/19 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය …..

2016 සිට ඔලිම්පික් ක්‍රීඩා උලෙළට යළි හඳුන්වා දුන් සත් සාමාජික රග්බි ක්‍රීඩාව සඳහා මෙවර ආසියාවෙන් කණ්ඩායමක් දෙකකට දොරටු විවර වන්නේ 2020 ඔලිම්පික් තරගාවලියේ සත්කාරකත්වය දරන්නේ ජපානය වීම නිසාවෙනි.

මෙවර ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ යොවුන් ක්‍රීඩකයන් හොඳින් දස්කම් පාමින් ක්‍රීඩා කිරීම හේතුවෙන් මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට එය රුකුලක් වනු ඇත.

ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ රග්බි තරගාවලියට කණ්ඩායම් 12ක් ක්‍රීඩා කළ අතර පසුගිය ලෝක ශූරතා රග්බි තරගාවලියේ ඉහළම ස්ථාන 4 ලබා ගත් ෆීජී, ඇමරිකාව, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව ද දැනටමත් ඊට සුදුසුකම් ලබා ඇත. ඒ අනුව ඉතිරි කණ්ඩායම් 7 තෝරාගැනීම සඳහා කලාපීය වශයෙන් මෙම තරගාවලිය පැවැත්වෙන අතර දැනට නිමාවට පත්වූ තරගාවලිවලින් ආජන්ටිනාව, කැනඩාව සහ බ්‍රිතාන්‍යය ද සුදුසුකම් ලබා සිටී.

බ්‍රසීලයේ පැවති 2016 ඔලිම්පික් ක්‍රීඩා උලෙළෙන් පසු ආරම්භ වුණු සත් සාමාජික රග්බි තරගාවලියේ රන් පදක්කම දිනා ගැනීමට ෆීජී කණ්ඩායම සමත් විය. එහි රිදී පදක්කම බ්‍රිතාන්‍යයටත්, දකුණු අප්‍රිකාවට ලෝකඩ පදක්කමත් හිමි විය.

ශ්‍රී ලංකාවෙන් සටන්කාමී අවසානයක්!

ගෙවුණු කාලපරිච්ඡේදය පුරාවටම ශ්‍රී ලංකා කාන්තා සත් ……….

මෙවර ශ්‍රී ලංකාව වෙනුවෙන් නවක ක්‍රීඩකයින් වශයෙන් හැව්ලොක් ක්‍රීඩා සමාජයේ විමුක්ති රාහුල සහ ඉසිපතන විදුහලේ රවිඳු අංජුල එක වී තිබේ. මෙම ක්‍රීඩකයින් දෙදෙනාම සිංගප්පූරු සත්සාමාජික තරගාවලියේ විශේෂ දස්කම් පෑ තිබීම විශේෂත්වයක්.

එසේම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් මැට් ලී කටයුතු කරන අතර සහය පුහුණුකරු වශයෙන් මුස්තාක් ජිෆ්රි ද, කණ්ඩායම් කළමනාකරු වශයෙන් රොහාන් චින්තක කටයුතු කරනු ඇත. 

අවසන් වරට ශ්‍රී ලංකාව ඔලිම්පික් සඳහා වන සුදුස්සන් තේරීමේ තරග වෙනුවෙන් සහභාගී වූ අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට හිමි වුයේ 4 වැනි ස්ථානයයි. එහි දී ජපානය, හොංකොං රාජ්‍යය හා කොරියාව ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටියහ.

ශ්‍රී ලංකා සංචිතය: දනුෂ් දයාන්, රීසා රෆයිදීන්, කෙවින් ඩික්සන්, බුද්ධිම පියරත්න, චතුර සෙනෙවිරත්න, ඉරෝෂන් සිල්වා, සචිත් සිල්වා, ජේසන් දිසානායක, රවිඳු අංජුල, විමුක්ති රාහුල, සුධාරක දික්කුඹුර, අදීශ වීරතුංග

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<