ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ වෙනස්කම් දෙකක්

Bangladesh Tour Of Sri Lanka 2025

84
Sri Lanka Test squad

බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.

තරගාවලියේ පළමු තරගයෙන් පසුව ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් ක්‍රිකට් පිටියට සමු දුන් අතර, ඔහු වෙනුවට දුනිත් වෙල්ලාලගේ සංචිතයට කැඳවා තිබෙනවා.

එමෙන්ම පළමු ටෙස්ට් තරගය අතරතුර ආබාධයකට ලක් වූ මිලාන් රත්නායක වෙනුවට විශ්ව ප්‍රනාන්දු සංචිතයට කැඳවීමට ද පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා සංචිතය;

 

පැතුම් නිස්සංක, ලහිරු උදාර, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, ධනංජය ද සිල්වා (නායක), කුසල් මෙන්ඩිස්, පසිඳු සූරියබණ්ඩාර, පවන් රත්නායක, ඕෂධ ප්‍රනාන්දු, සොනාල් දිනූශ, දුනිත් වෙල්ලාලගේ, ප්‍රභාත් ජයසූරිය,තරිඳු රත්නායක, අකිල ධනංජය, අසිත ප්‍රනාන්දු, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු සහ ඉසිත විජේසුන්දර

දෙවැනි ටෙස්ට් තරගය හෙට (25) කොළඹ SSC පිටියේ දී ආරම්භ වීමට  නියමිතයි.

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<