අම්බලන්ගොඩ Old Nandians මේස පන්දු සංගමය සහ දකුණු පළාත් මේස පන්දු සංගමය එක් ව සංවිධානය කළ දකුණු පළාත් ශ්‍රේණිගත මේස පන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ අමාෂ් දෙව්මික ද සහ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ හෙසන්සා සෙසත්මි ද සම්මාන දිනා ගත්තා.
මෙම තරගාවලියෙ පසුගියදා අම්බලන්ගොඩ, කෙරමිණිය ගිමා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී නිමා වූ අතර ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 175කට ආසන්න පිරිසක් සහභාගි වුනා.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනූ අමාශ් දෙව්මික වයස අවුරුදු 17න් පහළ බාලක සහ වයස අවුරුදු 19න් බාලක ශූරතා ද්විත්වය දිනාගත් අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් සම්මාන දිනු හෙසන්සා සෙසත්මි වයස අවුරුදු 13න් පහළ ශූරතාව සහ කාන්තා විවෘත ශූරතාව මෙන් ම වයස අවුරුදු 15න් පහළ අනුශූරතාව ද දිනා ගනිමින් දක්ෂතා දැක් වූවා. වයස අවුරුදු 13න් පහළ ඉසව්වේ ශ්‍රේණිගත ක්‍රීඩිකාවන් අතර ඉදිරයෙන් පසුවෙන ඇය විවෘත ඉදව්වේ දී ශූරතාවක් දිනූ පළමු අවස්ථාව මෙයයි.
මේ අතර තරගාවලියේ විවෘත පිරිමි ශූරතාව දිනා ගැනීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සනෝජ් දුල්ජිත් සමත් වුනා.
- Seylan සහ MAS වෙළඳ සේවා TT ශූරතා දිනා ගනී
- ශ්‍රී ලංකාව හමුවේ මැලේසියාව අන්ත අසරණ වෙයි!
- මේ අවුරුදු කාලේ – සිනා වෙයං රාලේ තෙල් ඉහිරුණ – කැවුම් ගෙඩිය වාගේ..!
- අම්බලන්ගොඩ සුනිල සංග්‍රාමයට කඳවුරු සූදානම්
- 12 වැනි ලෝක ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට
තරග ප්‍රතිඵල
වයස අවුරුදු 7න් පහළ බාලිකා
- අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලයේ ඉහංසා සසංදි විසින් අම්බලන්ගොඩ ප්‍රජාපතී බාලිකා විද්‍යාලයේ සවන්දි සවන්දනා 2-1ක් ලෙසින් පරාජය කරන ලදි.
වයස අවුරුදු 7න් පහළ බාලක
- අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සනුල් දිහංස විසින් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ මිනාල් මෙත්සර 2-0ක් ලෙසින් පරාජය කරන ලදි.
වයස අවුරුදු 9න් පහළ බාලිකා
- අම්බලන්ගොඩ ප්‍රජාපතී බාලිකා විද්‍යාලයේ මින්තුලි නිසාරා විසින් කරන්දෙණිය කනිෂ්ට විද්‍යාලයේ ශෙවෝනා සුහේසි 2-0ක් ලෙසින් පරාජය කරන ලදි.
වයස අවුරුදු 9න් පහළ බාලක
- අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ තනුක චමත් විසින් කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ සයොන් මෙහස් 2-1ක් ලෙසින් පරාජය කරන ලදි.
වයස අවුරුදු 11න් පහළ බාලිකා
- අම්බලන්ගොඩ ප්‍රජාපතී බාලිකා විද්‍යාලයේ එසඳි අහන්සා විසින් අම්බලන්ගොඩ ප්‍රජාපතී බාලිකා විද්‍යාලයේ මින්තුලි ලිතාරා 3-2ක් ලෙසින් පරාජය කරන ලදි.
වයස අවුරුදු 11න් පහළ බාලක
- අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ අනුසර චන්මිත් විසින් අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලයේ දිදුලන දෙව්මිණ 3-1ක් ලෙසින් පරාජය කරන ලදි.
වයස අවුරුදු 13න් පහළ බාලිකා
- අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ හෙසන්සා සෙසත්මි විසින් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සසන්දි නිවින්‍යා 3-0ක් ලෙසින් පරාජය කරන ලදි.
වයස අවුරුදු 13න් පහළ බාලක
- අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සිනුර කෙවින් විසින් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සනෝන් දුල්ජිත් 3-0ක් ලෙසින් පරාජය කරන ලදි.
වයස අවුරුදු 15න් පහළ බාලිකා
- ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ නිසඳි නිම්තාරා විසින් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ හෙසන්සා සෙසත්මි 3-1ක් ලෙසින් පරාජය කරන ලදි.
වයස අවුරුදු 15න් පහළ බාලක
- අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ දෙශ්ව කේසර විසින් අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලයේ චනිරු දින්සඳ 3-1ක් ලෙසින් පරාජය කරන ලදි.
වයස අවුරුදු 17න් පහළ බාලිකා
- අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ සිනෙත්මි තෙසන්‍යා විසින් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ තරුලි ජිනෙත්මා 3-0 ක් ලෙසින් පරාජය කරන ලදි.
වයස අවුරුදු 17න් පහළ බාලක
- අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ අමාෂ් දෙව්මික විසින් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ තිසඳූ ගීශාන් 3-0ක් ලෙසින් පරාජය කරන ලදි.
වයස අවුරුදු 19න් පහළ බාලිකා
- අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ සිනෙත්මි තෙසන්‍යා විසින් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ විනුකි ජිනෙත්මා 3-0ක් ලෙසින් පරාජය කරන ලදි.
වයස අවුරුදු 19න් පහළ බාලක
- අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ අමාෂ් දෙව්මික විසින් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ දිනුල් දුල්වින් 3-2ක් ලෙසින් පරාජය කරන ලදි.
විවෘත කාන්තා
- අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ හෙසන්සා සෙසත්මි විසින් අම්බලන්ගොඩ ප්‍රජාපතී බාලිකා විද්‍යාලයේ ඉමාෂා සෙව්මිණි 3-2ක් ලෙසින් පරාජය කරන ලදි.
විවෘත පිරිමි
- අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සනෝල් දුල්ජිත් විසින් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ දිනුල් දුල්වින් 3-2ක් ලෙසින් පරාජය කරන ලදි.
මෙම තරගාවලියේ දී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සමස්ත ශූරතා 7ක් දිනා ගනිමින් ඉදිරියෙන් පසුවීමට සමත් වූ අතර එම ලැයිස්තුවේ 2 වැනි ස්ථානය සමස්ත ශූරතා 5ක් දිනා ගත් අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය ද සහ 3 වැනි ස්ථානය සමස්ත ශූරතා 2ක් දිනා ගත් අම්බලන්ගොඩ ප්‍රජාපතී බාලිකා විද්‍යාලය විසින් ද හිමි කර ගන්නා ලදි.
දෙස්, විදෙස් ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<