රාම්ප්‍රකාශ් බෑ කියයි; ශ්‍රී ලංකා ක්‍රිකට් ආතර්ගේ පිහිට පතයි

72

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ධුරයට දකුණු අප්‍රිකානු ජාතික මිකී ආතර් මහතා පත්කිරීමේ යෝජනාවක් පැමිණ තිබෙන බව ThePapare.com වෙත වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න පුහුණුකරුවන් රැසක් ආනයනයට?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග …….

එංගලන්තයේ හිටපු ප්‍රබල පිතිකරුවෙකු වන මාක් රාම්ප්‍රකාෂ් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් නව ප්‍රධාන පුහුණුකරු ලෙස තේරී පත් වීමට සූදානම්ව සිටිය ද, ශ්‍රී ලංකාවේ පුහුණුකරුවන් සම්බන්ධයෙන් උද්ගතව තිබෙන ව්‍යාකුල තත්ත්වය හේතුවෙන් ඒ මහතා අවසන් මොහොතේ පුහුණුකරු ධුරය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

වයස අවුරුදු 51ක් වන ආතර් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලය වෙත බඳවා ගැනීමේ යෝජනාව ඊයේ (14) සවස පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේ දී අනුමත වී තිබෙන නමුත් එය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත. 

ආතර් 2015 වසරේ සිට 2010 වසර දක්වා දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද වැඩ කටයුතු සිදු කරන ලදි. අනතුරව 2011 වසරේ සිට 2013 වසර දක්වා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු සිදු කළ ආතර් 2016 වසරේ සිට පසුගිය අගෝස්තු දක්වා වසර 3ක කොන්ත්‍රාත්ගත කාලයකට යටත්ව පාකිස්තානු කණ්ඩායම සමඟ වැඩ කටයුතු සිදු කළේය. 

ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ලොව අංක එකේ විස්සයි විස්ස කණ්ඩායම බවට පත්වු පාකිස්තානය 2017 වසරේ ශූරයින්ගේ කුසලාන ශූරතාව ද දිනා ගත්තේ ආතර්ගේ මඟ පෙන්වීම යටතේයි. එය ඔහුගේ ක්‍රිකට් පුහුණු දිවිය තුල වාර්තා වූ හොඳම දස්කමයි. 

ලෝක ක්‍රිකට් පිටියේ පුහුණුකරුවකු ලෙස නමත් දිනා සිටින මිකී ආතර් මහතා පළමු පෙළ තරග 110ක දී ලකුණු 6657ක් රැස්කර තිබේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හතුරුසිංහගේ කොන්ත්‍රාත්තුව නියමිත කාලයට ප්‍රථම අවසන් කිරීමට කටයුතු කළ නිසාවෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව ස්විට්සර්ලන්තයේ ක්‍රීඩා බේරුම්කරණ අධිකරණය (Court of Arbitration for Sports) හමුවේ නීතිමය පියවර ගැනීමට හතුරුසිංහ මහතා කටයුතු කරන බව ද වාර්තා වේ. 

ලුවිස් සහ විලියම්ස් කොදෙව්වෝ දිනවති

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන……

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මෙතෙක් කලක් සේවය කළ චන්දික හතුරුසිංහ මහතාගේ නිල කොන්ත්‍රාත්තුව මේ වන විට අවලංගු කර තිබෙන අතර පසුගිය දා නිමා වූ නවසීලන්ත ක්‍රිකට් තරගාවලියේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩ බලන ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලැබුවේ හිටපු වේගපන්දු පුහුණුකරු වන රුමේෂ් රත්නායක මහතායි. 

ඉදිරියේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී ද රත්නායක මහතා ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ කටයුතු සිදු කරන අතර එහි දී ආතර් මහතා විශේෂඥ පුහුණු උපදේශකවරයෙක් ලෙස කටයුතු කරනු ඇත. අනතුරුව ආතර් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට නියමිතව ඇත්තේ ඔහුට මේ සඳහා හැඩගැසීමට යම් කාලයක් උවමනා වන නිසයි.

දැනට වාර්තා වන ආරංචි මාර්ගවලට අනුව ආතර් මහතා සමඟ ඉදිරි සති කිහිපය තුල අත්සන් කිරීමට නියමිත කොන්ත්‍රාතුව 2021 වසරේ විස්සයි – විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසානය දක්වා බල පැවැත්වෙන බව වාර්තා වේ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<