අජන්ත මෙන්ඩිස්ගේ වාර්තාව චාහර් සොරා ගනී

240
(Photo by PUNIT PARANJPE / AFP)

දකුණතින් වේගපන්දු යවන ඉන්දීය ක්‍රීඩක දීපක් චාහල්ගේ වාර්තා ගත පන්දු යැවීම හේතුවෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ඊයේ (10) නාග්පූර් හිදී අවසන් වූයේ ඉන්දියාවට 2-1ක ජයග්‍රහණයක් අත්කර දෙමිනි. 

දෙරට අතර පැවති අවසන් සහ තෙවැනි මෙම තරගයේ දී ඉන්දීය ක්‍රීඩකයෝ ලකුණු 30ක ජහග්‍රහණයක් අත්කර ගත්හ. තරගාවලියේ පළමු තරගයේ ජයග්‍රහණය හිමි වූයේ බංග්ලාදේශ කණ්ඩායමට ය.

පූරන්ගේ සටන්කාමී ඉනිම නිසා කොදෙව්වන්ට තවත් ජයක්!

ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමඟ ලක්නව් හිදී පැවති දෙවැනි එක්දින තරගයත් ලකුණු 47කින් ජය ගැනීමට අද (09) බටහිර…

මෙම තරගයේ දී විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ හොඳම පන්දු යැවීමේ වාර්තාව තමන් සතු කර ගැනීමට දීපක් චාහර් (07/6) සමත් විය. මීට පෙර මෙම වාර්තාව සතුව තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ අජන්ත මෙන්ඩිස් වෙත ය. ඔහු 2012 වසරේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 8කට කඩුලු 6ක් දවා ගන්නේය. 

දීපක් චාහර් ප්‍රතිවාදී ඉනිමේ අවසන් කඩුලු ත්‍රිත්වය පිට පිටම දවා ගනිමින් විස්ස පිටියේ කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් පළමු ඉන්දීය ක්‍රීඩකයා බවට ද පත්විය. දීපක්ට ගොදුරු වූයේ ශයිෆුල් ඉස්ලාම්, මුස්ටෆිසුර් රාහ්මන් සහ අමිනුල් ඉස්ලාම්ය

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 174ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් බංග්ලාදේශ ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 144කි. ඔවුන්ගේ එම ඉනිමේ පන්දු 4ක් ද ඉතිරි විය. 

කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය ක්‍රීඩකයන්ගේ ඉනිම ආරම්භ කිරීමට පැවරුණේ රෝහිත් ෂර්මා සහ ශිකර් ධවාන් වෙතය. එහි දී රෝහිත් ෂර්මා ලකුණු 2කට දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ. 

අනතුරුව දෙවැනි කඩුල්ල සඳහා පිටියට පිවිසියේ ලෝකේෂ් රාහුල් ය. දෙවැනි කඩුල්ල වෙනුවෙන් රෝහිත් සහ ලෝකේශ් අතර කණ්ඩායමට එක් වූ ලකුණු සබඳතාව 32කි. ශිකර් ධවාන් පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 19ක් ලබා ගැනීම සමත් විය. 

ඉන්දීය ඉනිමේ ගැලවුම්කාර සම්බන්ධතාව ගොඩනැගුවේ ලෝකේෂ් රාහුල් සහ ශ්‍රියාස් අයියර් ය. ඔවුන් දෙදෙනා එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 59ක සබඳතාවක් එක් කළහ. ලෝකේෂ් රාහුල් පන්දු 35කට මුහුණ මින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 52ක් ලබා ගත්තේ ය. ශ්‍රීනාස් අයියර් ලකුණු 62ක් ලබා ගත්තේය. ඔහුගේ ඉනිම පන්දු 33කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් ඇතුළත් විය. 

“ඇත්තටම ඔහු එහෙම කරන්නේ කොහොමද?”

වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලතම ක්‍රීඩකයා ලෙස ස්ටීව් ස්මිත් අවිවාදයෙන් පිළිගත හැක. ස්මිත් ක්‍රීඩා කරන තරගයක…..

අනතුරුව ඉන්දීය ලකුණු පුවරුව සක්‍රීය කළේ මනීෂ් පාන්ඩේ ය. ඔහු පන්දු 13ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 22ක් ලබා ගත්තේය. 

කඩුලු ලබා ගැනීමේ දී සයිෆුල් ඉස්ලාම් සහ සෞම්‍ය සර්කාර් කඩුලු 2 බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසියේ ලිටන් දාස් සහ මොහොමඩ් නයීම් ය. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 12කට සීමා වූයේ ලිටන් දාස්ගේ (9) දැවී යෑමත් සමඟිනි. අනතුරුව එම පන්දුවාරයේම ඊළඟ පන්දුවේ දී සෞම්‍ය සර්කාර් (0) ද දැවී ගියේය. 

බංග්ලාදේශ ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 98ක සබඳතාවක් එක් කිරීමට මොහොමඩ් නයීම් සහ මොහොමඩ් මිතුන් සමත් වූහ. ඔවුන් දෙදෙනා පන්දු 61ක් මේ වෙනුවෙන් වැය කළහ. මොහොමඩ් මිතුන් පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 27ක් ලබා ගනිමින් ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙසින් දැවී ගියේය. 

බංග්ලාදේශ ඉනිමේ ඉතිරි කඩුලු 7 ලකුණු 34ක් තුළ දවා ගැනීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ. බංග්ලාදේශ ඉනිමේ සාර්ථකම පිතිකරු වූයේ මොහොමඩ් නයීම් ය. ඔහු පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 81ක් ලබා ගත්තේය. 

22 හැවිරිදි මේ යොවුන් වමත් පිතිකරුවා තමන් සහභාගී වූ තෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ දී ම මංගල අර්ධ ශතකයක් වාර්තා කරමින් දක්ෂතා අතරට පිවිසීම කාගේත් කතා බහට ලක් විය. 

“අනික් අයට වඩා මම වෙනස් කියන එකෙන් කියන්නේ මම නරකයි කියලා නෙමෙයි” – දනුෂ්ක ගුණතිලක

ESPN Cricinfo වෙබ් අඩවියේ පළවූ Danyal Rasoolගේ ‘My lifestyle is different……

ඔහුගේ මෙම ලකුණු 81, ඉන්දීය බංග්ලාදේශ විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙක් විසින් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ද විය. මීට පෙර මෙම වාර්තාව වූයේ 2018 වසරේ දී සබීර් රහ්මන් විසින් රැස් කරන ලද ලකුණු 77ය. 

බංග්ලාදේශ ඉනිමේ පිතිකරුවෝ 9 දෙනෙක්ම ලකුණු 10 සීමාවෙන් මෙපිට තැබීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. ඒ අතරින් හොඳම පන්දු යැවීම වාර්තා කළේ දකුණතින් වේගෙපන්දු යැවූ දීපාක් චාහර් ය. ඔහු ලකුණු 07කට කඩුලු 6ක් දවා ගත්තේය. තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා ලෙසින් ද ඔහු නම් කෙරුණි. ඔහුට අමතරව ෂිවාම් ඩුබේ කඩුලු 3ක් දවා ගත්තේය.  

ඉන්දියාව; කඩුලු 5ක් දැවී 174 (20) ලෝකේෂ් රාහුල් 52, ශ්‍රීයාස් අයියර් 62, මනීස් පාන්ඩේ නොදැවී 22, ශෆියුල් ඉස්ලාම් 2/32,  සෞම්‍ය සාකර් 2/29

බංග්ලාදේශය; සියලුම දෙනා දැවී 144 (19.2) මොහොමඩ් නයිම් 81, මොහොමඩ් මිතුන් 27, දීපක් චාහර් 6/07, ෂිවාම් ඩුබේ 3/30

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<