දික්වැල්ල එළියට චන්දිමාල් ඇතුලට

4459

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර මේ මස 14 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවැත්වීමට නියමිත එකම විස්සයි – විස්ස ක්‍රිකට් තරගය සඳහා තරග වදින ශ්‍රී ලංකා සංචිතය අද (8) නිකුත් වූ අතර කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ලව එම සංචිතයෙන් ඉවත් කර ඇත.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තීන්දු වෙයි

ඉදිරි වසර දෙකක කාලය සඳහා බලපැවැත්වෙන ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු…

ඇන්ජලෝ මැතිව්ස් හට ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ලබා දී ඇති අතර ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් ද මේ සංචිතයට ඇතුළත්ව සිටිනවා.

පසුගිය වර්ෂයේ ඉන්දියාවට එරෙහිව පැවති තරගාවලියේ දී මැතිව්ස් අවසන් වරට ශ්‍රී ලංකා විස්සයි – විස්ස කණ්ඩායම නියෝජනය කළ අතර බංග්ලාදේශය සංචාරයට හා නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔහුගේ ආබාධ තත්වය නිසා අහිමි විය. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ චන්දිමාල් විසිනි.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ නායකත්වයත් චන්දිමාල්ට

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන..

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම හා දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම අද නිකුත් වූ මෙම විස්සයි විස්ස සංචිතයට ද අන්තර්ගතව සිටී.

ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය – ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල්, උපුල් තරංග, තිසර පෙරේරා, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා ශෙහාන් ජයසූරිය, දසුන් ශානක, ශෙහාන් මදුසංක, අකිල දනංජය, ජෙෆ්රි වැන්ඩසේ, බිනුර ප්‍රනාන්දු, ලහිරු කුමාර, ලක්ෂාන් සඳකැන්

අතිරේක ක්‍රීඩකයින් – දිමුත් කරුණාරත්න, ඉසුරු උදාන, නිරෝෂන් දික්වැල්ල, ඉසුරු උදාන, නිරෝෂන් දික්වැල්ල, කසුන් රාජිත

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<