ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තීන්දු වෙයි

248
espncricinfo

ඉදිරි වසර දෙකක කාලය සඳහා බලපැවැත්වෙන ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස හර්ෂ ද සිල්වා මහතා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (8) තීරණය කර ඇත.

“SLC T20” තරගාවලියට නව අධ්‍යක්ෂකවරයෙක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන “SLC T20” ක්‍රිකට් තරගාවලියේ අධ්‍යක්ෂක..

ශ්‍රී ලංකා කණ්ඩායම මැලේසියාවේ පැවති 2018 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දී තායිලන්තය, ඉන්දියාව හා පාකිස්තානු කණ්ඩායම හමුවේ ලද පරාජයත් සමඟම එවකට ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ හේමන්ත දේවප්‍රිය මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කරන ලදි.

ද සිල්වා මහතා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය මීට පෙර ද හෙඹවූ අතර එම කාල සාමය තුල දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 2013 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දියාව, දකුණු අප්‍රිකාව හා එංගලන්තය යන කණ්ඩායම් පරාජය කරමින් තරගාවලියේ දී ඉතාමත් හොඳ දස්කම් අතරට පැමිණීමට සමත් විය.

‘ක්‍රිකට් පවුල්වාදය’ මෙරටට උවමනා කොට තිබේ

“පවුල්වාදය” ශ්‍රී ලාංකික අපට හොඳින් හුරුපුරුදු වචනයකි. අප රටේ සෑම අංශයකම ඔඩුදුවා..

ද සිල්වා මහතා පුරා වසර 10කට ආසන්න කාලයක් මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ලෙස කටයුතු කළ අතර ඒ සමයේ දී ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, තිසර පෙරේරා, රොෂේන් සිල්වා හා සධීර සමරවික්‍රම යන ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම දක්වා රැගෙන යාමට ඒ මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම එම ක්‍රීඩකයින්ට බෙහෙවින් ඉවහල්ව තිබේ.

ද සිල්වා මහතා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර නොමැති නමුත් තෙවැනි මට්ටමේ පුහුණු පාඨමාලාවක් හදාරා ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හි දේශීය ක්‍රිකට් සමාජ කිහිපයකම ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරමින් අත්දැකීම් රාශියක් ලබාගෙන ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<