පාකිස්තානයට යන ශ්‍රී ලංකා එක්දින සහ T20 සංචිත නම් කරයි

Sri Lanka Tour Of Pakistan 2025

46
Sri Lanka Tour Of Pakistan 2025

පාකිස්තානයේ තරග සංචාරයක නිරත වීමට නියමිත ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස සංචිත ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පළමුව ශ්‍රී ලංකාව පාකිස්තානය සමඟ තරහ තුනකින් සමන්විත එක්දින තරගාවලියකට සහභාගී වීමට නියමිත අතර, එම තරග එළඹෙන 11 සිට 15 දක්වා පැවැත්වීමට නියමිතයි.

මීට පෙර සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වුණු එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වූ වනිඳු හසරංග නැවත මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා සංචිතය සමඟ එක් වීමට නියමිතයි. එමෙන්ම මෙම සංචිතය සඳහා ඩිල්ශාන් මදුශංකගේ නම ද ඇතුළත් වී තිබූ නමුත්, ආබාධ තත්වයක් නිසා ඔහු වෙනුවට එශාන් මාලිංග සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා එක්දින සංචිතය:

 

චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, ලහිරු උදාර, කමිල් මිශාර, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, පවන් රත්නායක, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ ජෙෆ්‍රි වැන්ඩසේ, දුශ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මදුශාන් සහ එශාන් මාලිංග

මේ අතර එම එක්දින තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය සහ සිම්බාබ්වේ කණ්ඩායම් සමඟ තුන් කොන් විස්සයි විස්ස තරගාවලියකට සහභාගී වීමට නියමිතයි. මෙම තරගාවලිය එළඹෙන 17 සිට 29 දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි.

මෙවර තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ උප නායකත්වය සඳහා දසුන් ශානක නම් කර ඇති අතර, කලකට පසුව භානුක රාජපක්ෂ ද ශ්‍රී ලංකා මැද පෙළ ශක්තිමත් කිරීම සඳහා සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයක්.

එමෙන්ම මෙම සංචිතය සඳහා මතීශ පතිරණ නම් කිරීමට තීරණය කර තිබුනත්, ඔහුගේ ආබාධ තත්වය සම්පූර්ණයෙන්ම සුව නොවීම මත අසිත ප්‍රනාන්දු හට සංචිතයේ දොරගුළු විවර වුනා.

ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය:

 

චරිත් අසලංක (නායක), දසුන් ශානක (උපනායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, කමිල් මිශාර, කමිඳු මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුශ්මන්ත චමීර, නුවන් තුශාර, අසිත ප්‍රනාන්දු සහ එශාන් මාලිංග

මෙම තරගාවලි පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, එමෙන්ම මෙම සියලු තරග ThePapare හරහා සජීවීව නැරඹීමේ අවස්ථාව ද ඔබට හිමි වනු ඇති. රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<