ශ්‍රී ලංකා කාන්තා පළමු දිනය අසාර්ථකයි

108

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ පළමු දිනය අද (14) චීනයේ හුයිශෝ නුවර දී ආරම්භ වූ අතර එහි දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ  තරගය පැවැත්වූයේ ප්‍රබල හොංකොං කාන්තා කණ්ඩායමට එරෙහිවයි.

ශ්‍රී ලංකාව කොරියානු ආරක්ෂාව බිඳ දමයි

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ පළමු දිනය අද (14) චීනයේ හුයිශෝ නුවර දී ආරම්භ වූ අතර එහි දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගය පැවැත්වුණේ ප්‍රබල දකුණු…

ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 10ට ආරම්භ වූ තරගයේ පළමු උත්සාහක දිනුම ශ්‍රී ලංකාව වාර්තා කළත් පසුව ශ්‍රී ලංකාවට කිසිදු අවස්ථාවක් නොදෙමින් හොංකොං කාන්තා කණ්ඩායම තරගය තමන් අතට හරවාගෙන ක්‍රීඩා කළ ආකාරයක් දක්නට ලැබුණි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ අත්වැරදීම් සියල්ලක්ම පාහේ හොංකොං කණ්ඩායම ඔවුන්ගේ වාසියට ගෙන ක්‍රීඩා කළ අතර ඒ සියලු අවස්ථා උත්සාහක දිනුම් ලෙස පරිවර්තනය කරගන්නට ඔවුන්ට හැකි විය.

සම්පූර්ණ ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 07 – 22 හොංකොං

අද (14) දිනයේ දී ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවැනි තරගය පැවැත්වුණේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 12.54ටයි. එහි දී ලකුණු 20-05ක් වශයෙන් ශ්‍රී ලංකාව පරාජය වුයේ ප්‍රබල මැලේසියානු කණ්ඩායමට එරෙහිවය.

තරගයේ ආරම්භයේ පටන්ම ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුව හරි ආකාරව තමන් සතු කරගන්නට ඉතා වෙහෙස වන ආකාරයක් දක්නට ලැබුණි. මැලේසියාවේ පීඩනයත් සමඟ ශ්‍රී ලංකාවට එයින් ගැලවීමට ඉඩ නොලැබුණත් මැලේසියාව එම පීඩනයෙන් මනා ප්‍රයෝජන ගනිමින් තරගයේ වාසිය තමන් සතු කරගත්තේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ එකම උත්සාහක දිනුම අනුෂා අත්තනායක වාර්තා කළ අතර ඇය දෙවැනි වරටත් එසේම මැලේසියානු ආරක්ෂාව බිඳ හෙළමින් ඉදිරියට ඇදුනත් අවශ්‍ය ආකාරයේ සහයක් නොලැබීම හේතුවෙන් එම උත්සාහය ව්‍යර්ථ වී ගියේය.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 05-20 මැලේසියාව 

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ මීළඟ තරගය හෙට (15) චීන කාන්තා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 7.52 ආරම්භ වීමට නියමිතයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<