ජාත්‍යන්තර ටෙස්ට් කණ්ඩායම් වර්ගීකරණය යළිත් වෙනස් වේ

1117

පසුගිය 30 වැනිදා නිමා වූ ශ්‍රී ලංකා නවසීලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 423කින් ජය ගැනීමට නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමත් වීමත් සමඟම නොකඩවා ලබා ගත් සිව්වැනි ටෙස්ට් තරගාවලි ජය ලබා ගැනීමට නවසීලන්තයට හැකි විය.

එම විශිෂ්ට දස්කම් නිසාවෙන් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ තුන්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට අවස්ථාව උදාකරගෙන තිබේ.  

මැතිව්ස් වෙනුවට කඩුලු රකින පිතිකරුවෙක්

නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනීමට නවසීලන්තය සමත් වීමත් සමඟම එතෙක් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල තෙවැනි ස්ථානයේ සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම අභිබවා ඉදිරියට පැමිණීමට නවසීලන්තය සමත් වී ඇත.

ඒ අනුව 2018.12.31 වන දිනට ප්‍රසාද ලකුණු 107ක් ලබාගෙන සිටින නවසීලන්ත කණ්ඩායම එම ශ්‍රේණිගත කිරීමේ තෙවැනි ස්ථානය දිනාගෙන සිටින අතර නවසීලන්තයට සාපේක්ෂව එක් ප්‍රසාද ලකුණක් මෙපිටින් සිටින දකුණු අප්‍රිකාව එම ශ්‍රේණිගත කිරීමේ සිව්වැනි ස්ථානය දක්වා පහතට ඇද වැටී තිබේ.  

නවසීලන්තයට වාර්තා ගත ටෙස්ට් ජයක්

කෙසේ නමුත් මේ වන විට ක්‍රියාත්මක  වෙමින් තිබෙන දකුණු අප්‍රිකානු – පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුවහොත් නැවතත් වතාවක් එම ශ්‍රේණිගත කිරීමේ සිය ස්ථානය රැකගැනීමට හැකිවනු ඇත.

ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින ටෙස්ට් තරග 4කින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ තරග 3ක නිමාව සනිටුහන් වන විට 2-1ක් ලෙස ඉන්දීය කණ්ඩායම ඉදිරියෙන් සිටී. ප්‍රසාද ලකුණු 116ක් ලබාගෙන සිටින ඉන්දීය කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දැනට ප්‍රකාශ කර තිබෙන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ පෙරමුණේ පසුවේ.

කැන්ගරුවන් අභිබවා ඉන්දියාව යළිත් ඉස්සර වෙයි

ලකුණු 3888ක් සමඟ ප්‍රසාද ලකුණු 93ක් දිනා ගෙන සිටින ශ්‍රී ලංකාවට මේ ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ හිමිව ඇත්තේ 6 වැනි ස්ථානය වන අතර ටෙස්ට් තරග 3කින් සමන්විත දකුණු අප්‍රිකානු – පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් ප්‍රතිඵලය මත ශ්‍රී ලංකාව තවදුරටත් එම ශ්‍රේණිගත කිරීමේ 6වන ස්ථානයේ රැඳී සිටිනවා ද, නැද්ද යන වග ඉදිරි දෙසතිය තුල තීරණය වෙනු ඇත.

කෙළිබිමේ තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<