නිදහස් කුසලානයේ ශ්‍රී ලංකා අවසන් සංචිතය නිකුත් වේ

3716
Sri Lanka Cricket

ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 70 වන සැමරුම වෙනුවෙන් සංවිධානය කරනු ලබන නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා නිල සංචිතය ක්‍රිකට් ආයතනය අද (28) නිවේදනය කළේය.

කුසල්ලා අර්ධ ශතක රැස් කරති; මාලිංගගෙන් කඩුලු 3ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සවිබලයෙන් තෙවන දිනටත් පැවැත්වූ අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් /p>

ඊයේ (27) නිකුත් වූ මූලික සංචිතයට ඇතුලත්ව සිටි වමතින් පිත්ත හසුරුවන නිරෝෂන් දික්වැල්ල හා දකුණතින් පිත්ත හසුරුවන සධීර සමරවික්‍රම අවසන් 15 දෙනාගේ සංචිතයෙන් ඉවතට විසිවී ඇත. එසේම මූලික සංචිතයට ඇතුළත්ව සිටි පන්දු යවන්නන් අතරින් අසිත ප්‍රනාන්දු, ලහිරු කුමාර හා ජෙෆ්රි වැන්ඩර්සේ හට අවසන් සංචිතයේ දොරටු වැසී තිබෙන නමුත් මේ වන විට පැවැත්වෙන දේශීය අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ ඔවුන් දක්ෂ ලෙස  ක්‍රීඩා කරනු ලබයි.

ඒ අනුව නුවන් ප්‍රදීප්, කුසල් ජනිත් පෙරේරා හා දුශ්මන්ත චමීර අවසන් ක්‍රීඩකයින් 15 දෙනාගේ සංචිතයට නැවතත් කැඳවා ඇත්තේ ඔවුන් ලක්ව සිටි ආබාධවලින් පූර්ණ සුවය ලබා සිටීම නිසාවෙනි. ඔවුන් සියලු දෙනාම මේ වන විට පැවැත්වෙන අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දස්කම් අතර සිටියි.

කාගේත් අවධානයක් දිනාගත් නිරෝෂන් දික්වැල්ල හට මෙවර ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය තුළ සිය ස්ථානය අහිමි වී ඇති නමුත් මේ වන විට පැවැත්වෙන අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ එන්. සී. සී. කණ්ඩායම නියෝජනය කරන ඔහු තරග 3කට සහභාගි වී ලකුණු 99ක් ලබාගෙන ඇත. සධීර සමරවික්‍රම තරග තුනකට සහභාගි වී ලකුණු 104ක් ලබාගෙන ඇත්තේ අර්ධ ශතක දෙකක් සමඟිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සීමිත පන්දුවාර කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් කලව ආශ්‍රිතව ආබාධයකට ලක්ව සිටින නිසා ඔහුව තවදුරටත් විවේක ගැන්වීමට තේරීම් කමිටුව තීරණය කර ඇත්තේ වෛද්‍ය උපදෙස් අනුවයි. එසේම අසේල ගුණරත්න ද විවේක ගන්වා ඇති අතර ඒ නිසාවෙන් ඔහුට මේ වන විට පැවැත්වෙන අන්තර් සමාජ ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය පවා අහිමිව ඇත. ඒ නිසාවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම් නායක දිනේෂ් චන්දිමාල් හට නැවතත් සංචිතයේ නායකත්වය ලබා දීමට තේරීම් කමිටුව තීරණය කර ඇත්තේ නිමා වූ බංග්ලාදේශ තරගාවලිය තුළ චන්දිමාල් නායකයෙක් ලෙස සාර්ථක වූ බැවිනි. මේ සංචිතයේ උප නායකත්වය දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් වෙත පැවරී ඇත.

එසේම නිමා වූ බංග්ලාදේශ තරගාවලිය සිය මංගල තරගාවලිය කර ගත් යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක ශෙහාන් මදුසංක ද කලව ආශ්‍රිතව ආබාධයකට ලක්වූයේ එම තරගාවලිය අතරතුර දී වන අතර ඔහුටත් වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව යම් කාලයක විවේකයක් උවමනා කර ඇත.

84 වැනි සාන්තුවරයන්ගේ සටනට පිටිය සූදානම්

තියුණු සටනක පෙරනිමිති පෙන්නුම් කරන සාන්ත ජෝසප් විදුහල හා සාන්ත පීතර විදුහල අතර පැවැත්වෙන

තරගාවලිය නියෝජනය කරනු ඉන්දිය හා බංගලාදේශ සංචිත සියල්ලම මේ වන විටත් මාධ්‍යට නිකුත්ව ඇති අතරම එම කණ්ඩායම් දෙකම ලබන 4 වැනිදා මෙරටට පැමිණෙනු ඇත.

නිදහස් කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය හා ඉන්දියාව සහභාගි වන අතර තරග සියල්ලම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී රාත්‍රි 7.00ට ආරම්භ වෙනු ඇත.

සම්පූර්ණ සංචිතය:

දිනේෂ් චන්දිමාල් (නායක), සුරංග ලක්මාල් (උප නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දසුන් ශානක, කුසල් පෙරේරා, තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස්, ඉසුරු උදාන, අකිල දනංජය, අමිල අපෝන්සු, නුවන් ප්‍රදීප්, දුශ්මන්ත චමීර, ධනංජය ද සිල්වා.

මෙම තරගාවලිය මාර්තු මස 6 වැනිදා ආරම්භ වන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ප්‍රථම තරගයත් සමඟිනි. තරගාවලියේ සියලුම තරග ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<