ගෙවුනු දවස සැප්තැම්බර් 06 – ටෙස්ට් වාර්තාව පමණක් ඉතිරි

787
Sri Lanka Sports News

ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com විසින් ඔබ වෙත ඉදිරිපත් කරන “ගෙවුනු දවස” ලිපි මාලාවේ අරමුණ, කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔබට මඟ හැරෙන ක්‍රීඩා පුවත් එකම ලිපියකින් සංක්ෂිප්තව ඔබ වෙත වාර්තා කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව ගෙවුනු සතියේ සිදුවු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

  ක්‍රිකට්  

ලංකාවේ ලෝක වාර්තාවක් මැක්ස්වෙල් උදුරා ගනි

හරියටම මීට දින 8 කට පෙර ලොව සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් තරග වර්ග වල වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තා පැවතුනේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නමිනුයි. නමුත් මේ වනවිට ඉන් ඉතිරිව ඇත්තේ ටෙස්ට් තරග වාර්තාව පමණයි.. ඕස්ට්‍රේලියානුවන් T – 20 තරගයක වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව උදුරා ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අතින්ම වීම විශේෂත්වයක්.

මෙම වාර්තාව ඉන්දියන් සාගර කලාපයෙන් පැසිෆික් සාගර කලාපයට ගෙනයන්නට මූලිකත්වය ගත්තේ එක්දින කණ්ඩායමට ඇතුලත් වීමට පවා ඉඩක් සොයාගත නොහැකිව සිට පසුගියදා ඕස්ට්‍රේලියානු T – 20 සංචිතය සමගින් එක්ව, ඒරන් ෆින්ච් ආබාධයකට ලක්වීම හේතුවෙන් ආරම්භක පිතිකරණ ස්ථානයට උසස්වීමක් ලැබූ ග්ලේන් මැක්ස්වෙල් විසිනුයි.

සම්පූර්ණ ලිපිය: ඕස්ට්‍රේලියාව වාර්තා බිඳ දමමින් සුපිරි ජයක් ලබයි


ජයසූරියගෙන් ශතකයක්

ව්‍යාපාර කළමනාකරණ පාසලට දෙවැනි තරග ජයග්‍ර‍හණයත් හිමිකර දෙමින් රෙඩ් බුල් විශ්ව විද්‍යාලීය විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (06) දිනය නිමාවට පත් වූයේ ප්‍ර‍තිවාදී කණ්ඩායම වූ  ඩුබායි හෙරිඔට් වොට් විශ්ව විද්‍යාලය (HWU) ලකුණු 101කින් පරාජය කරමිනි. තරගය SSC ක්‍රීඩා පිටියේදි පැවැත්විය.

BMS – 216/7 | ශෙහාන් ජයසූරිය 101, ගෙෂාන් විමලධර්ම 30, ජනිත් ලියනගේ 29*, නිරෝෂන් දික්වැල්ල 12, භානුක රාජපක්ෂ 11, රොනක් හ්කන්දෙල්වාල් 2/38, මුකීට් බට් 2/41, මොෂී ඛාන් 2/38.

HWU – 115/9 | චිරාග් සූරි 50, ස්යේඩ් ෆයිසීන් 18, රෝහිත් ජම්වාල් 12, ඩෙවින් පත්මනාදන් 3/8, භානුක රාජපක්ෂ 2/20, කොෂාන් ජයවික්‍ර‍ම 3/15.

සම්පූර්ණ ලිපිය: ශතකයක් සමගින් ජය BMS කණ්ඩායමට