සංගා පාකිස්තානය හොල්ලයි!

386
Image Courtesy - PSL Offical Website

මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පැවති තරගවල දී වැඩිම ලකුණු ලාභියා බවට පත් වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සමත්ව සිටියි.

සංගක්කාර මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරග 5කට සහභාගි වී ඉන් ඉනිම් 4ක දී අර්ධ ශතක 3ක් ද සමඟින් මේ වන විට රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 177කි.

නිදහස් සටනේ වාසිය කාටද?

අවසන් වරට සහභාගී වුන එක්දින තරග 29න් 23ක්ම පරාජයට පත්ව සිටි ශ‍්‍රී ලංකා කණ්ඩායමට පරාජ නම් වූ තුවාලයේ වේදනාව බංග්ලාදේශයේ පැවති තුන්කොන් තරගාවලි ජයග්‍රහණයත් සමඟ…

පාකිස්තානු සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පසුගිය 22 වන දා පේෂාවර් සලාමී කණ්ඩායමට එරෙහිව පැවති පළමු තරගයේ දී ලකුණු 57ක් ද, ලාහෝර් කොලෑන්ඩර්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී ලකුණු 63ක් ද, කුවේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී නොදැවී ලකුණු 57*ක් ද රැස්කිරීමට සංගක්කාර සමත් වූ අතර එම තරග තුනේ දී ම සුල්තාන්ස් කණ්ඩායමට ජය හිමි විය. එහි දී ඔහුගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍ය සටහන් වූයේ 59.00ක් වැනි ඉහළ මට්ටමකයි.

පේෂාවර් සලාමී කණ්ඩායමේ ඩ්වේන් ස්මිත් (බටහිර ඉන්දීය කොදෙව්) තරග 5ක දී ලකුණු 148ක් ලබා වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයේ පසුවන අතර කුවේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ෂේන් වොට්සන් (ඕස්ට්‍රේලියාව) තරග 5ක දී ලකුණු 146ක් ලබා එම ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ රැඳී සිටියි.

මුල්තාන් සුල්තාන් කණ්ඩායමේම සාමාජිකයෙක් වන දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඉම්රාන් තාහිර් තරග 5ක දී කඩුලු 10ක් දවා ගනිමින් මෙම තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණේ පසුවෙයි. ඔහු කුවේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමඟ පැවති තරගයේ දී කඩුලු ත්‍රිත්වයක් ලබා ගන්නා ලදි.

මීට අමතරව ලාහෝර් කොලෑන්ඩර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 27කට කඩුලු 3ක් ද, ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමට එරෙහිව ලකුණු 19කට කඩුලු 3ක් ද දවා ගැනීමට සමත් විය. ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමේ මොහොමඩ් සාමි (බටහිර ඉන්දීය කොදෙව්) තරග 4ක දී ලකුණු 7ක් ද, මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායමේ ජුනේඩ් ඛාන් (පාකිස්තානය) තරග 5ක දී කඩුලු 7ක් ද බිඳ හෙළමින් පිළිවෙළින් වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවෙති.

තරගාවලියේ මූලික වටයේ තරග 13ක් අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ඉමාඩ් වසීම් නායකත්වය දරන කරච්චි කිංග්ස් කණ්ඩායම සමත්ව තිබේ. මේ දක්වා තරග 4කට සහභාගි වී ඇති කරච්චි කිංග්ස් කණ්ඩායම ඉන් තරග 3ක් ජයගෙන ඇති අතර ඉතිරි තරගය විසඳුමකින් තොරව අවසන් වී තිබේ.

අයියා මලෝ ශතක වාර්තාවත් සමඟින් සුලෝහිත සටන නිමා වේ

මෙරට ප්‍රමුඛතම බෞද්ධ පාසල් දෙක වන කොළඹ ආනන්ද විද්‍යාලය සහ නාලන්ද විද්‍යාලය අතර 89 වැනි වරට පැවති සුලෝහිත සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජය…

මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායම තරග 5කට සහභාගි වී තරග 3ක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන අතර පේෂාවර් සලාමී කණ්ඩායම තරග 5කට සහභාගි වී තරග 2ක් ජයගෙන මේ වන විට එහි තෙවැනි ස්ථානයේ රැඳී සිටියි. මෙම තරගාවලියේ මූලික වටයේ තරග මේ මස 18 වන දා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන අතර එහි අවසන් පූර්ව තරග දෙක (20, 21) හා අවසන් මහා තරගය (25) පාකිස්තානයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<