ගෙවුනු දවස සැප්තැම්බර් 05 – T20 සංචිතයේ වෙනස්කම් කිහිපයක්

772
Sri Lanka Sports News Last Day summary September 5th

ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com විසින් ඔබ වෙත ඉදිරිපත් කරන “ගෙවුනු දවස” ලිපි මාලාවේ අරමුණ, කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔබට මඟ හැරෙන ක්‍රීඩා පුවත් එකම ලිපියකින් සංක්ෂිප්තව ඔබ වෙත වාර්තා කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව ගෙවුනු සතියේ සිදුවු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

  ක්‍රිකට්  

විස්සයි විස්සට කණ්ඩායම වෙනස් කරයි

ඕස්ට්‍රේලියාව සමග හෙටින් ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස තරග ද්විත්වය සදහා අත්දැකීම් බහුල ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සංචිතයට එක් කර ගැනීමට තේරීම් කමිටුව තීරණය කර ඇත.

ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය – දිනේෂ් චන්දිමාල් (නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා මහතා, කුසල් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, චාමර කපුගෙදර, තිසර පෙරේරා, දසුන් ශානක, සචිත් පතිරණ, සීකුගේ ප්‍රසන්න, සුරංග ලක්මාල්, කසුන් රාජිත, සචිත්‍ර සේනානායක

සම්පූර්ණ ලිපිය: T20 සංචිතයට වෙනස්කම් රැසක්


සංවර්ධන කණ්ඩායම පරාදයි

සංචාරක ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම හා සිම්බාබ්වේ සංවර්ධන කණ්ඩායම අතර පළමු නිළ නොවන එක්දින තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වූ අතර, එම තරගාවලියේ දෙවන තරඟය අද (5) හරාරේ පිටියේදී පැවැත්විණි. මෙම තරඟයෙන් ලකුණු 14ක තියුණු ජයග්‍රහණයක් ලබාගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.

සිම්බාබ්වේ සංවර්ධන කණ්ඩායම – 255-09 (50) බ්‍රයන් චැරී 85, නේතන් වොලර් 44, කාල් මුම්බා 40*, මක්හුලුලි නයාති 29, අනුක් ප්‍රනාන්දු 3/46, චරිත් අසලංක 2/37

ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම – 241-10 (49.1) රුමේෂ් බුද්ධික 75, අනුක් ප්‍රනාන්දු 52, හෂාන් දුමිදු 25, සංජය චතුරංග 23, වික්ටර් නව්වාචි 3/39, මක්හුලුලි නයාති 3/43

සම්පූර්ණ ලිපිය: සිංහ සංවර්ධනයට තරගාවලි ජය මඟ හැරෙයි


රෙඩ් බුල් විශ්ව විද්‍යාල තරගාවලිය

ශ්‍රී ලංකා ව්‍යාපාර කළමනාකරණ විද්‍යාලය (BMS) කඩුළු 7කින් ජයග්‍රහණය වාර්තා කරමින් රෙඩ්බුල් විශ්ව විද්‍යාලීය විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් දවසක් නිමාවට පත්විය. ඔවුන් හමුවේ පරාජයට පත්වූයේ  ඉන්දියානු විශ්ව විද්‍යාලයක් වන මරත්වඩ මිට්‍රා මන්ඩල් විද්‍යාලයයි (MMMCC). තරගය අද සවස දෙකට පමණ අාරම්භ වූයේ NCC පිටියේදිය.

MMMCC – 169/8 (20) | ඔම්කාර් ක්හාප්ටේ 46, අතුල් විට්කාර් 34, සවුරාබ්හ් සන්ක්ලෙචා 27, රුෂාබ්හ් රතෝඩ් 17, ධංරාජ් ෂිංඩේ 14, ගෙෂාන් විමලධර්ම 3/33, ඩෙවින් පත්මනාදන් 1/20.

BMS – 174/3 | ශෙහාන් ජයසූරිය 56*, ජනිත් ලියනගේ 28*, ගෙෂාන් විමලධර්ම 28, නිරෝෂන් දික්වැල්ල 24, මනෝජ් සරත්චන්ද්‍ර 17, යෂ් නහර් 2/25, ඔම්කාර් ක්හාප්ටේ 1/16.

සම්පූර්ණ ලිපිය: ශෙහාන්ගේ අර්ධ ශතකය ජයග්‍රහණයට මඟ පාදයි

දවසේ නිමාව