සන්දේශ්ගේ උත්සාහක දිනුම් ත්‍රිත්වයෙන් නුවර ක්‍රීඩකයින් අසරණ වෙයි

1208

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ තවත් තරගයක් අද (23) බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර පැවැත්වූයේ කොළඹ පොලිස් පාක් ක්‍රීඩාංගණයේ දීයි. එයින් ලකුණු 42-05ක් ලෙස ජයග්‍රහණය හිමිකර ගැනීමට බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සමත් විය.

ප්‍රබල ඉසිපතනය හමුවේ ධර්මරාජවරුන්ට දැවැන්ත පරාජයක්

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර අද (18) කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේ දී පැවති තරගයෙන්…

ධර්මරාජ විද්‍යාලය ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ වුවද පළමු මිනිත්තු පහ තුල දී සාන්ත පීතර අර්ධය තුල දී ලැබුණු ‘Line Out’ අවස්ථා දෙකක් සාර්ථකව ලබා ගැනීමට ඔවුන්ට නොහැකි විය. එනමුත් ඉක්මනින්ම සුපුරුදු ක්‍රීඩා විලාසයට පිවිසුණු පීතර ක්‍රීඩකයෝ සිය ඉදිරිපෙළ යොදා ගනිමින් 9 වැනි මිනිත්තුවේ සිය පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. ඩිලාන් මදුෂ්ක එම උත්සාහක දිනුමට හිමිකම් කියූ අතර ෂෙහාන් ලියනපතිරණ එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (ධර්මරාජ 00-07 සාන්ත පීතර)

කහ කාඩ්පතක් ලබා ධර්මරාජ විද්‍යාලයේ කරුණාරත්න පිටියෙන් ඉවත් වූ අතර එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් සාන්ත පීතර විද්‍යාලයේ බිලාල් හිල්මි සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. ෂෙහාන් ලියනපතිරණ අලංකාර ලෙස එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගන්නා ලදි. (ධර්මරාජ 00-14 සාන්ත පීතර)

ධර්මරාජ කණ්ඩායම වරින්වර සාන්ත පීතර කණ්ඩායමට තර්ජනයක් වෙමින් සාන්ත පීතර අර්ධය ආක්‍රමණය කළ ද, ඔවුන් දිගින් දිගටම සිදු කළ අතපසුවීම් හමුවේ අනගි අවස්ථා කිහිපයක්ම ඔවුන්ට අහිමි විය.

25 වැනි මිනිත්තුවේ දී ‘Scrum’ අවස්ථාවකින් පන්දුව ලබාගත් සාන්ත පීතර විද්‍යාලයේ සන්දේශ් ද මෙල් අලංකාර ධාවනයක යෙදෙමින් සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් තෙවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. ෂෙහාන් ලියනපතිරණ එහි ප්‍රවර්තනය සාර්ථක කරගන්නා ලදි. (ධර්මරාජ 00-21 සාන්ත පීතර)

කාලය අපතේ නොයවාම නැවතත් ක්‍රියාත්මක වූ සන්දේශ් ද මෙල් 29 වැනි මිනිත්තුවේ දී සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කර ගනිමින් සාන්ත පීතර කණ්ඩායමට ප්‍රසාද ලකුණ හිමි කර දෙන්නට සමත් විය. සිය හතර වන ප්‍රවර්තනයත් සාර්ථකව ලකුණු බවට පරිවර්තනය කරන්නට ෂෙහාන් ලියනපතිරණ සමත් විය. (ධර්මරාජ 00-28 සාන්ත පීතර)

සතියෙන් වෙනස් වුණු නීතිය සහ කණ්ඩායම් 12ක ප්‍රතිඵල

කණ්ඩායම් 12ක් සහභාගී වූ තරග 6ක තොරතුරු වලට අමතරව සතියකින් වෙනස් වූ රග්බි නීතියත්, ලකුණු ලැබෙන…

පළමු අර්ධය අවසානයේ සිය පස්වැනි උත්සාහක දිනුම ලබා ගැනීම සඳහා සාන්ත පීතර ක්‍රීඩකයෝ දෙවරක්ම උත්සාහක දිනුම් සීමාව ආසන්නයට පැමිණිය ද, ධර්මරාජ ක්‍රීඩකයෝ ඔවුන්ගේ එම අවස්ථා ද්විත්වයම වැළැක්වීමට සමත් වූහ.

පළමු අර්ධය: ධර්මරාජ විද්‍යාලය 00-28 සාන්ත පීතර විද්‍යාලය

දෙවන අර්ධය ද ආරම්භයේම සියතට ගනිමින් සාන්ත පීතර විද්‍යාලයේ සන්දේශ් ද මෙල් තරගයේ 45 වැනි මිනිත්තුවේ දී සිය තෙවැනි උත්සාහක දිනුම වාර්තා කරමින් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් විය. අලංකාර ප්‍රවර්තනයකින් ෂෙහාන් ලියනපතිරණ ලකුණු රැස්කරද්දී (ධර්මරාජ 00-35 සාන්ත පීතර) ඔහුට විවේකයක් ලබා නොදීම, ධර්මරාජ කණ්ඩයමේ අතපසු වීමකින් මනා ලෙස ප්‍රයෝජන ගත් නිලාර් නිසාන් සාන්ත පීතර කණ්ඩයම වෙනුවෙන් හයවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. ෂෙහාන් ලියනපතිරණ ඔහුගේ සයවැනි ප්‍රවර්තනය ද සාර්ථක කර ගන්නා ලදි. (ධර්මරාජ 00-42 සාන්ත පීතර)

දකුණු ලක රග්බි ඉතිහාසය ලියන රිච්මන්ඩ්වරුන්

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය සංවිධානය කරනු ලබන 2018 සිංගර් පාසල් රග්බි ලීග් තරගාවලියේ B කාණ්ඩය නියෝජනය කරනු ලබන දකුණු පළාතේ එකම කණ්ඩායම…

මේ අතර ධර්මරාජ විද්‍යාලයීය ක්‍රීඩකයින් දෙදෙනෙකුට කහ කාඩ්පත් ලැබුණු අතර ක්‍රීඩකයින් දහතුන් දෙනෙකුගෙන් ක්‍රීඩා කිරීමට සිදුවීම ඔවුන්ට ප්‍රබල අවාසියක් විය. තනිවම සටනක නිරත වූ ධර්මරාජ විද්‍යාලයේ නායක බවන්ත උඩන්ගමුව 65 වැනි මිනිත්තුවේ දී ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් වූ අතර එය ධර්මරාජ විද්‍යාලයට බලවත් අවාසියක් විය.

සිය ගෞරවය බේරා ගැනීමේ සටනක නිරත වූ ධර්මරාජ විද්‍යාලය වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට නිපුන් විජේසිරි 67 වැනි මිනිත්තුවේ දී සමත් විය. එනමුත් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ඔවුන්ට නොහැකි විය. (ධර්මරාජ 05-42 සාන්ත පීතර)

අවසන් ලකුණු තත්වය: සාන්ත පීතර විද්‍යාලය 42 (6T,6C) – 05 (1T)  ධර්මරාජ විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: සන්දේශ් ද මෙල් (සාන්ත පීතර)

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්

  • සාන්ත පීතර විද්‍යාලය: සන්දේශ් ද මෙල් (3T), ෂෙහාන් ලියනපතිරණ (6C), බිලාල් හිල්මි (1T), ඩිලාන් මදුෂ්ක (1T), නිලාර් නිසාන් (1T)
  • ධර්මරාජ විද්‍යාලය: නිපුන විජේසිරි (1T)

 >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<