ගෙවුනු දවස සැප්තැම්බර් 30 – සහිරා විදුහලට ගෝල 04:01 ජයක්

247
Sri Lanka Sports News Last Day summary September 30th

ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com විසින් ඔබ වෙත ඉදිරිපත් කරන “ගෙවුනු දවස” ලිපි මාලාවේ අරමුණ, කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔබට මඟ හැරෙන ක්‍රීඩා පුවත් එකම ලිපියකින් සංක්ෂිප්තව ඔබ වෙත වාර්තා කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව ගෙවුනු සතියේ සිදුවු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

පාපන්දු –

සහිරා විදුහලත් අවසන් පූර්ව තරගයට

කඳාන ද මැසිනොද් විද්‍යාලය සමඟ පැවති සිව්වන අර්ධ අවසන් පූර්ව තරගයෙන් ගෝල 4 – 1ක දැවැන්ත ජයග්‍රහණයක් සමඟින් කොත්මලේ සමාගමේ අනුග්‍රහයෙන් පැවැත්වෙන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහල පාපන්දු තරගාවලියේ අවසන්  පූර්ව වටයට සුදුසුකම් ලබන්නට මරදාන සහිරා විද්‍යාල කණ්ඩායම සමත් විය.

  • පළමු අර්ධය: සහිරා විද්‍යාලය 3 – 1 ද මැසිනොද් විද්‍යාලය.
  • අවසන් ලකුණු: සහිරා විද්‍යාලය 4 – 1 ද මැසිනොද් විද්‍යාලය
  • com තරගයේ වීරයා: ශාෆ්රාන් සතාර්

සම්පූර්ණ ලිපිය: ගෝල දඩයමකින් පසු සහිරා විද්‍යාලය අවසන් පූර්ව වටයට


මලල ක්‍රීඩා –

පළමු දිනයේදි වාර්තා දෙකක්

29වැනිදා යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී ආරම්භ වුනු 42 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ ප්‍රථම දිනය ඊයේ (30) නිමාවට පත්විය.

ආරම්භක දිනයේදීම රිටි පැනීමෙන් ජාතික වාර්තා පොත් අලුත් කරන්නට උතුරු පළාත නියෝජනය කල යාපනයේ ජේ. අනීතා විසින් සමත්විය. ඒ මීට සති කිහිපයකට පෙර ශ්‍රීමත් ජෝන් ටාබට් ජේෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ඇය විසින් මීටර 3.35ක් තරණය කරමින් තබා තිබූ වාර්තාව මෙම තරගාවලියේදී අලුත් කරමිනි. මීටර 3.41ක උසක් තරණය කරමින් ඇය අද මෙම වාර්තාව අලුත් කිරීමට සමත් විය.

තවද කාන්තා යගුලිය විසිකිරීමේ ඉසව්වේදි නව ජාතික තරග වාර්තාවක් සහ තරගාවලි වාර්තාවක් පිහිටුවනු ලැබීය. බස්නාහිර පළාතේ ඩබ්. ටී. කේ. ප්‍රනාන්දු ක්‍රීඩිකාව විසින් මීටර 15.25ක දුරක් යගුලිය විසි කිරීමෙන් මෙම වාර්තාව තැබීමට සමත් විය.

සම්පූර්ණ ලිපිය: ප්‍රථම දිනයේදීම මලල ක්‍රීඩා වාර්තා පොත් අලුත් වෙයි


ක්‍රිකට් –

ඉසිපතනය පරදා ජය ආනන්ද විදුහලට

මෙවර පාසල් ක්‍රිකට් තරග වාරයේ ඊයේ (30) පැවති තරග වලදී පූර්ණ තරග ජයග්‍රහණයක් වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයට හිමි වුනු අතර කොළඹ ආනන්ද විද්‍යාලයට ප්‍රථම ඉනිමේ ජයකින් සෑහීමකට පත් වන්නට සිදු විය. පළමු කාණ්ඩය යටතේ අද පැවැත්වුනු අනෙක් තරග 5 හෙට දෙවන දිනයටත් ක්‍රියාත්මකයි.

ආනන්ද විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 163 (පන්දුවාර 47.2) සහන් සුරවීර 65, සංජුල බණ්ඩාර 3/22, ලහිරු ඩිල්ශාර 5/61.

ආනන්ද විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 8ක් දැවී ලකුණු 225/8 (පන්දුවාර 58) කවිෂ්ක අන්ජුල 61, අසේල් සිගේරා 50, දුෂාන් හෙට්ටිගේ 33, සහන් සුරවීර 33, මධුෂික සඳරුවන් 3/69, ලහිරු ඩිල්ශාන් 3/80.

ඉසිපතන විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 160 (පන්දුවාර 44.2) හේෂාන් ප්‍රනාන්දු 53, අසේල් සිගේරා 2/07, දිලීප ජයලත් 2/24, ශම්මු අශාන් 2/47.

ඉසිපතන විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 7ක් දැවී ලකුණු 133 (පන්දුවාර 38) පැතුම් නිස්සංක 54, සංජුල අබේවික්‍රම 49, ශම්මු අශාන් 6/32.

ජෝසප් වාස් විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 236 (පන්දුවාර 58) නිපුන් පෙරේරා 104, තිලාන් ප්‍රදීප්ත 70, රවින්ත ප්‍රභාෂ්වර 4/28, සවිඳු බණ්ඩාර 2/35.

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 83 (පන්දුවාර 35.3) හේෂාන් සෙනිර 24, ෂෙහාර රණතුංග 4/13, නිපුන් පෙරේරා 4/21.

ජෝසප් වාස් (දෙවන ඉනිම) කඩුලු 3ක් දැවී ලකුණු 178 (පන්දුවාර 36.5) සඳරුවන් ප්‍රනාන්දු 100*, නිපුන් පෙරේරා 44, රවින්ත ප්‍රභාෂ්වර 2/32.

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය (දෙවැනි ඉනිම) සියල්ලන්ම දැවී ලකුණු 115 (පන්දුවාර 45) ශෙහාර රණතුංග 3/42, නිපුන් පෙරේරා 3/33, චමෝද් පෙරේරා 2/11.

සම්පූර්ණ ලිපිය: ආනන්ද – ඉසිපතන ක්‍රිකට් සටන ජය පරාජයෙන් තොරයි


ප්‍රීමා කුසලානය බස්නාහිර පලාත් දකුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟින් පළාත් මට්ටමින් පාසල් ක්‍රිකට් විශිෂ්ඨයින් සොයා යන ප්‍රීමා වයස අවුරුදු 15න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය ඊයේ (29) එස්. එස්. සී. පිටියේදී ආරම්භ වූ අතර, අද (30) එහි දෙවන දිනය ක්‍රියාත්මක විය. අද තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වුවද පළමු ඉණිමක ජයක් ලබා ගැනීමට බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම සමත් විය.

බස්නාහිර පළාත් දකුණු පළමු ඉණිම – 302/09 dec (92.2): කවිදු උමයංග 122, කමිල් මින්හර 72, අශාන් දිල්හාර 29, ශෙරන් ලක්ෂිත 28, යසිරු කස්තුරිආරච්ච් 4/77

බස්නාහිර පළාත් මධ්‍යම පළමු ඉණිම – 148/10 (48.1): චමත් යටවර 41, අමිත් දාබරේ 29*, පවන් රත්නායක 28, ලහිරු මදුසංක 5/41, විහඟ ගුණරත්න 2/11

බස්නාහිර පළාත් දකුණු දෙවන ඉණිම – 105/01 (32): කමිල් මින්හර 53*, දුමිත් නිම්හාන 33*

දවසේ නිමාව

අද දිනයේ පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට