ගෙවුනු දවස සැප්තැම්බර් 29 – A කණ්ඩායමේ බර දිමුත්ට

543
Sep - 29

ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com විසින් ඔබ වෙත ඉදිරිපත් කරන “ගෙවුනු දවස” ලිපි මාලාවේ අරමුණ, කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔබට මඟ හැරෙන ක්‍රීඩා පුවත් එකම ලිපියකින් සංක්ෂිප්තව ඔබ වෙත වාර්තා කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව ගෙවුනු සතියේ සිදුවු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

පාපන්දු –

සාන්ත හෙන්රි විදුහලත් අවසන් පූර්ව වටයට

වැසි සහිත කාලගුණ තත්ත්වයක් හමුවේ ඊයේ (29) පැවැත්වුනු කොත්මලේ චෝක්ස් වයස 19න් පහල පාසල් පාපන්දු ශූරතාවලියේ තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයෙන් කොළඹ මාරිස් ස්ටෙලා විදුහල පරාජය කරමින් ගෝල 02-00 ලෙස ජයග්‍රහණය වාර්තා කිරීමට සාන්ත හෙන්රි විදුහල සමත් විය.

අවසන් ලකුණු – මාරිස් ස්ටෙලා විදුහල 00 – 02 සාන්ත හෙන්රි විදුහල

ThePapare.com තරගයේ වීරයා –ඇන්තනි රමේෂ් (සාන්ත හෙන්රි විදුහල)

සම්පූර්ණ ලිපිය: ප්‍රතිවාදීන්ට මැඩලමින් ජය සාන්ත හෙන්රි විදුහලට


මලල ක්‍රීඩා –

මහා ක්‍රීඩා උළෙල යාපනයේදි ආරම්භ කෙරේ

42වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමාරම්භය ඊයේ (29දා) සවස යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගනයේදී සිදු කෙරිනි. ඊට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ගරු කථානායක කරූ ජයසූරු මහතා සහ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහභාගී විය.

සම්පූර්ණ ලිපිය: 42වන ජාතික ක්‍රීඩා උළෙල යාපනයේදී ආරම්භ වේ


ක්‍රිකට් –

නායකත්වය දිමුත්ට, උපනායකයා කුසල්

ශ්‍රී ලංකා A කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් A කණ්ඩායම සමඟින් පැවැත්වීමට නියමිත පළමු සිව්දින තරග දෙකේ නායකත්වයට, වමත් ටෙස්ට් තරග ආරම්භක පිතිකරුවෙකු වන දිමුත් කරුණාරත්න තෝරාපත් කරගෙන ඇත.

මෙම තරගාවලියට නිල නොවන ටෙස්ට් තරග 3ක් සහ සීමිත පන්දුවාර තරග 3ක් ද ඇතුලත් අතර තරග සියල්ල ඔක්තොම්බර් මාසයේදි පැවැත්වෙනු ඇත. වමත් පිතිකරු කුසල් ජනිත් පෙරේරා කණ්ඩායම් උපනායකයා වශයෙන් සංචිතයට ඇතුලත් කර ඇත.

ශ්‍රී ලංකා A සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), කුසල් ජනිත් පෙරේරා (උප නායක), ලහිරු තිරිමාන්න, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, අසේල ගුණරත්න, චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු, අනුක් ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ප්‍රභාත් ජයසූරිය, ලහිරු කුමාර, ලක්ෂාන් සඳකැන්, විමුක්ති පෙරේරා, කසුන් මධුශංක.

සම්පූර්ණ ලිපිය: A කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්නට

19න් පහල ක්‍රිකට් උණුසුම

මෙවර වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරග වාරයේ පළමු කාණ්ඩය යටතේ ඊයේ (29) පැවති තරග සංඛ්‍යාව 2කි. ඒ අතුරින් තමන් ක්‍රීඩා කරන තරගය තුල ප්‍රථම දිනයේ වැඩි වාසි හිමි කරගන්නට වෙන්නප්පුව ජෝසප් වාස් ක්‍රීඩකයින් සමත් වූ අතර, ආනන්ද – ඉසිපතන ක්‍රිකට් සටන ජය පරාජය දෙපිළටම දෝලනය වන උණුසුම් තරගයක් බවට පත්ව තිබේ.

ආනන්ද විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 163 (පන්දුවාර 47.2) සහන් සුරවීර 65, සංජුල බණ්ඩාර 3/22, ලහිරු ඩිල්ශාර 5/61.

ඉසිපතන විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 160 (44.2) හේෂාන් ප්‍රනාන්දු 53, අසේල් සිගේරා 2/07, දිලීප ජයලත් 2/24, ශම්මු අශාන් 2/47.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 236 (පන්දුවාර 58) නිපුන් පෙරේරා 104, තිලාන් ප්‍රදීප්ත 70, රවින්ත ප්‍රභාෂ්වර 4/28, සවිඳු බණ්ඩාර 2/35.

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 83 (පන්දුවාර 35.3) හේෂාන් සෙනිර 24, ෂෙහාර රණතුංග 4/13, නිපුන් පෙරේරා 4/21.

සම්පූර්ණ ලිපිය: ආනන්ද – ඉසිපතන ක්‍රිකට් සටන උණුසුම් වෙයි!

පළමු දිනයේදි 299ක්

ප්‍රීමා ආයතනයේ අනුග්‍රාහකත්වය ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය ඊයේ (29) බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම හා බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම අතර දෙදින තරගයක් ලෙස එස්. එස්. සි. පිටියේදී ඇරඹිනි.

බස්නාහිර පළාත් දකුණු කණ්ඩායම (පළමු දිනය අවසන් වනවිට) – 299/08 (90): කවිදු උමයංග 122, කමිල් මින්හර 72, අශාන් දිල්හාර 29, ශෙරන් ලක්ෂිත 28, යසිරු කස්තුරිආරච්ච් 4/77, මනීෂ රූපසිංහ 2/63

සම්පූර්ණ ලිපිය: කවිඳුගෙන් සුපිරි ඇරඹුමක්

දවසේ නිමාව