ප්‍රතිවාදීන්ට මැඩලමින් ජය සාන්ත හෙන්රි විදුහලට

437
St. Henry's vs Maris Stella College

වැසි සහිත කාලගුණ තත්ත්වයක් හමුවේ අද (29) පැවැත්වුනු කොත්මලේ චෝක්ස් වයස 19න් පහල පාසල් පාපන්දු ශූරතාවලියේ තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයෙන් කොළඹ මාරිස් ස්ටෙලා විදුහල පරාජය කරමින් ගෝල 02-00 ලෙස ජයග්‍රහණය වාර්තා කිරීමට සාන්ත හෙන්රි විදුහල සමත් විය.

පසුගිය ලිපි: ගෝල වර්ෂාවකින් ජෝසප් වාස් අවසන් පූර්ව වටයට

දහවල් කාලයේ පැවති වැසි සහිත කාළගුණ තත්ත්වය හමුවේ සිටි ලීග් පාපන්දු සංකීර්ණයේ ක්‍රීඩා පිටිය තරමක් මඩ සහිත ස්වභාවයක් පෙන්නුම් කල අතර තරගය සවස 03.00ට පමණ ආරම්භ විය.

ප්‍රථමයෙන්ම ගෝලයක් සාර්ථක කරගැනීමට මාරිස් ස්ටෙලා ක්‍රීඩකයින්ට අවස්තාවක් උදාවුනු නමුත් හෙන්රි විදුහලේ ගෝල රකින්නා විසින් සාර්ථකව එම උත්සහය ව්‍යර්ත කරන ලදි.

තරගයේ ප්‍රථම ගෝලය සාර්ථක කරගැනීමට සාන්ත හෙන්රි විදුහලේ කණ්ඩායම් නායක ජූඩ් සුබහන් සමත් විය. ඒ තරගය ආරම්භ වී මිනිත්තු 10ක් වන විටයි. මාරිස් ස්ටෙලා ක්‍රීඩකයින් ද ඉන්පසු ලකුණු සම කරගැනීමට කිහිප වරක් උත්සහ කල නමුත් ප්‍රතිවාදී පිලේ ගෝල රකින්නා වු උකන්තීස්වරන් අමල්රාජ් අඩපන කරමින් ගෝලයක් ලබා ගැනීමට ඔවුන්ට නොහැකි විය.

17වැනි මිනිත්තුවේදි මාරිස් ස්ටෙලා විදුහලේ ගෝල රකින්නා අතින් සිදුවුනු අතපසු වීමකින් මානව ප්‍රයෝජන ගත් හෙන්රි ක්‍රීඩකයෝ සිය දෙවැනි ගෝලයද සාර්ථක කරගැනීමට සමත් වූහ. තරගයේ 17වැනි මිනිත්තුවේදි බෙනඩික්ට් අනෝජන් විසින් එම ගෝලය වාර්තා කරන ලදි.

කෙසේනමුත් තරගයේ ප්‍රථම අර්ධයේ නිමාවට ආසන්න වන විටත් කිසිදු ගෝලයක් වාර්තා කිරීමට මාරිස් ස්ටෙලා ක්‍රීඩකයින් අසමත් විය.

ප්‍රථම අර්ධය – මාරිස් ස්ටෙලා විදුහල 00 – 02 සාන්ත හෙන්රි විදුහල

විවේකයෙන් පසුව ඇරඹි දෙවන අර්ධයේදි කිසිදු අතිරේක ගෝලයක් සාර්ථක කරගැනීමට කණ්ඩායම් දෙකම අපොහොසත් විය.

දෙවන අර්ධයේදි මාරිස් ස්ටෙලා කණ්ඩායමට නිදහස් පහර අවස්තාවක් හිමිවුනු අතර එය සාර්ථක කරගැනීමට අංජන ගුණවර්ධනට නොහැකි විය.ඔහුගේ පහර ඉතාමත් ශක්තිමත් සහ නිවැරදිවම දැල ඉලක්ක වු එකක් වුවත් අල්මරාජ් දෑත් විසින් එම ගෝලය සාර්ථකව අල්ලා ගන්නා ලදි.

අවසන් ලකුණු – මාරිස් ස්ටෙලා විදුහල 00 – 02 සාන්ත හෙන්රි විදුහල

ThePapare.com තරගයේ වීරයා –ඇන්තනි රමේෂ් (සාන්ත හෙන්රි විදුහල)

සාන්ත හෙන්රි විදුහලේ පුහුණුකරු ThePapare.com සමඟින් පැවසුවේ,

“අපි ඇත්තටම තරගකාරී තරගයක් බලාපොරොත්තු වුනා. මොකද කණ්ඩායම් දෙකම හොඳ දක්ෂ කණ්ඩායම් දෙකක් නමුත් ප්‍රතිවාදීන් ප්‍රථම අර්ධයේදි ඒතරම් හොඳින් ක්‍රීඩා කලේ නැහැ අපි අපේ අවස්තාවන් නියමාකාරයෙන් ප්‍රයෝජනයට ගනිමින් ඔවුන්ට ලකුණු රැස් කරගැනීමට සමත් වුනා. නමුත් අපේ ක්‍රීඩකයින් පවා ඒතරම් හොඳින් ක්‍රීඩා කලේ නැහැ තරගයේ දෙවැනි අර්ධයේදි ලකුණු ලබා ගැනීමේ තිව්‍රතාවය පහත වැටුනා.

අපි බලාපොරොත්තු වෙනවා අර්ධ අවසන් තරගාවලියේදි සහිරා විද්‍යාලය සමඟින් තරග වැදීමට එලෙස අපි ඔවුන් සමඟින් තරග වදිනවා නම් ඔවුන් පරාජය කරමින් අවසන් මහා තරගයට යෑමට අප බලාපොරොත්තු වෙනවා” යැයි ඔහු වැඩි දුරටත් අප හා පැවසීය.

මාරිස් ස්ටෙලා විදුහල් පුහුණුකරු ThePapare.com සහ පවසා සිටියේ,

“කණ්ඩායම් දෙකම ඉතාමත් දක්ෂ කණ්ඩායම් දෙකක් නමුත් මෙම තරගයේදි අපිට ලකුණු ලබා ගැනීමට තිබුනු අවස්තා අපි නිවැරදිව භාවිතා කලේ නැහැ. ඒක නිසා අපිට අද තරගයෙන් පරාජ වෙන්නට සිදුවුනේ.”

ගෝල ලබා ගැනීම් – සාන්ත හෙන්රි විදුහල – ජූඩ් සුබාන් (09 වැනි මිනිත්තුව), බෙනඩික්ට් අනෝජන් (17 වැනි මිනිත්තුව)

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට