A කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්නට

2188
Dimuth, Kusal, Lakshan

ශ්‍රී ලංකා A කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් A කණ්ඩායම සමඟින් පැවැත්වීමට නියමිත පළමු සිව්දින තරග දෙකේ නායකත්වයට, වමත් ටෙස්ට් තරග ආරම්භක පිතිකරුවෙකු වන දිමුත් කරුණාරත්න තෝරාපත් කරගෙන ඇත.

පසුගිය ලිපි: සංගා – මහේල ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමට

මෙම තරගාවලියට නිල නොවන ටෙස්ට් තරග 3ක් සහ සීමිත පන්දුවාර තරග 3ක් ද ඇතුලත් අතර තරග සියල්ල ඔක්තොම්බර් මාසයේදි පැවැත්වෙනු ඇත. වමත් පිතිකරු කුසල් ජනිත් පෙරේරා කණ්ඩායම් උපනායකයා වශයෙන් සංචිතයට ඇතුලත් කර ඇත.

තවද පසුගිය ඕස්ට්‍රේලියානු සංචාරයේදි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට තොරා නොගත් ක්‍රීඩකයෙකු වන ලහිරු තිරිමාන්නද සංචිතයට ඇතුලත් කර ඇති අතර ඊට අමතරව ශ්‍රී ලංකා වයස 19න් පහල ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් වන චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු සහ ලහිරු කුමාර යන ක්‍රීඩකයින් ද මෙම 15 දෙනෙකුගෙන් යුතු සංචිතයට ඇතුලත් කර ඇත.

තවද නිමාවට පත්වුනු ඕස්ට්‍රේලියා තරගාවලියේදි කැපිපෙනෙන දස්කම් දැක්වු ක්‍රීඩකයෙකු වන ලක්ෂාන් සඳකැන් සහ වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියද තේරීම් කම්ටුව විසින් සංචිතයට ඇතුලත් කර ඇත.

ශ්‍රී ලංකා එංගලන්ත  A කණ්ඩායම් සංචාරයේදි ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වු අශාන් ප්‍රියංජන සංචිතයට කැදවා නොමැති අතර එම තරගාවලියට සහභාගී නොවුනු අසේල ගුණරත්න නැවතත් සංචිතයට කැඳවා ඇත.

ශ්‍රී ලංකා A සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), කුසල් ජනිත් පෙරේරා (උප නායක), ලහිරු තිරිමාන්න, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, අසේල ගුණරත්න, චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු, අනුක් ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ප්‍රභාත් ජයසූරිය, ලහිරු කුමාර, ලක්ෂාන් සඳකැන්, විමුක්ති පෙරේරා, කසුන් මධුශංක.

තරග කාල සටහන:

පළමු ටෙස්ට් තරගය : ඔක්තෝම්බර් 4-7 – ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
දෙවන ටෙස්ට් තරගය : ඔක්තෝම්බර් 11-14 – පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
තෙවැනි ටෙස්ට් තරගය : ඔක්තෝම්බර් 18-21 – රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

පළමු එක්දින තරගය : ඔක්තෝම්බර් 24 – රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
දෙවන එක්දින තරගය : ඔක්තෝම්බර් 27 – වෙලගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණය, කුරුණෑගල
තෙවැනි එක්දින තරගය : ඔක්තෝම්බර් 30 – ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට