ගෙවුනු දවස සැප්තැම්බර් 09 – ඩිල්ෂාන්ගේ අවසන් තරගය මෙසේ නිමාවිය

514

ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com විසින් ඔබ වෙත ඉදිරිපත් කරන “ගෙවුනු දවස” ලිපි මාලාවේ අරමුණ, කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔබට මඟ හැරෙන ක්‍රීඩා පුවත් එකම ලිපියකින් සංක්ෂිප්තව ඔබ වෙත වාර්තා කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව ගෙවුනු සතියේ සිදුවු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

ක්‍රිකට් –

20-20 තරග දෙකම කැන්ගරුවන්ට

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් බිහිවූ විශිෂ්ට ක්‍රීඩකයෙකු වන තිලකරත්න ඩිල්ශාන්ගේ ක්‍රිකට් දිවියේ අවසන් තරඟය ව , ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවැති දෙවන හා අවසන් විස්සයි – විස්ස තරඟය අද (09) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්විණි. මෙම තරඟයෙන් ද ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 4ක ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වූ අතර, ඩිල්ශාන්ගේ බලාපොරොත්තු මල්පල ගැන්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අසමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම – 128-09 (20) ධනංජය ද සිල්වා  62, කුසල් ජනිත් 22, ඇඩම් සැම්පා 3/16, ජේම්ස් ෆෝල්කනර් 3/19

ඕස්ට්‍රේලියානු කණ්ඩායම – 130-06 (17.5) ග්ලෙයින් මැක්ස්වෙල් 66, ඩේවිඩ් වොනර් 25, මැතිව්ස් වේඩ් 14, තිලකරත්න ඩිල්ශාන් 2/08,  සචිත් පතිරණ 2/23

සම්පූර්ණ ලිපිය: කඩවුණු සිහිනයක් සමඟ විශිෂ්ටයෙකුගේ සමුගැන්ම

පළමු ඉණිමක ජයග්‍රහණයක්

ඉකුත් 08 වැනිදා අාරම්භ වූ සිංගර් වයස අවුරුදු 19න් පහල පළමු පෙල ක්‍රිකට් තරගාවලියේ, ලුම්බිණි විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය අතර පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය වු අද දිනය (09) නිමාව දුටුවේ ජය පරාජයකින් තොරවයි. නමුත් ප්‍රථම ඉණිමේදි වැඩි ගෞරවය දිනා ගැනීමට සමත් වූ ලුම්බිණි විද්‍යාලයට පළමු ඉණිමක ජයක් ලබා ගැනීමට සමත් විය.

ලකුණු සටහන –

ලුම්බිණි විදුහල පළමු ඉණිම – 248 (57)  | කවීන් පීරිස් 73, කණිෂ්ක මධුවන්ත 31*, රවිඳු සංජීව 33, කාවින්ද දිසානායක 4/62, මොහොමඩ් උබයදුල්ලා 2/29.

වෙස්ලි විදුහල පළමු ඉණිම – 156 (55.4) | මොවීන් සුභසිංහ 45, ජේසන් ද අල්විස් 37, කණිෂ්ක මධූවන්ත 8/84.

ලුම්බිණි විදුහල දෙවැනි ඉණිම – 126/9d (44) | තනුක දාබරේ 28, අවීශ සත්සර 25, චරිත් මිහිරංග 21, හේලිත බඹරන්ද 4/48, කාවින්ද දිසානායක4/27.

වෙස්ලි විදුහල දෙවැනි ඉණිම – 144/6 (31) | තිලිණ පෙරේරා 45, මොහොමඩ් උබයදුල්ලා 44, ධයාන් විමුක්ති 3/45, කණිෂ්ක මධුවන්ත 4/27.

සම්පූර්ණ ලිපිය: තරගය ජය පරාජයෙන් තොරයි – ලුම්බිණි පෙරමුණට

දවසේ නිමාව