තල්දූව මධ්‍ය විද්‍යාලයට සබරගමුව අදියරේ ශූරතාවය!

256

ඩයලොග් අන්තර් පාසල් සත්සාමාජික රග්බි තරගාවලියේ සබරගමුව අදියරේ ශූරතාවය දිනාගන්නට තල්දූව බෞද්ධ මධ්‍ය විද්‍යාලය සමත් වුනා. ඒ කුසලාන අවසන් මහා තරගයේ දී ලකුණු 26-05ක් ලෙස කෑගලු විද්‍යාලය පරාජය කරමිනුයි.

තල්දූව මධ්‍ය විද්‍යාලය පළමු වටයේ දී අපරාජිත වුනේ රාජසිංහ මධ්‍ය විද්‍යාලය සහ කෑගලු විද්‍යාලය පරාජය කරමිනුයි. කුසලාන අවසන් පූර්ව තරගයේ දී ප්‍රබල ඇහැළියගොඩ මධ්‍ය විද්‍යාලය පරාජය කරන්නට ඔවුන් සමත් වුනා. තරගය අවසන් වීමට මිනිත්තු දෙකක් පමණක් ඉතිරිව තිබිය දී ඇහැළියගොඩ මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායම ලකුණු 15-05ක් ලෙස ඉදිරියෙන් සිටි නමුත් අවසන් මිනිත්තු දෙකේ දී උත්සාහක දිනුම් දෙකක් රැස් කරමින් තල්දූව ක්‍රීඩකයන් අවසන් මහා තරගයට පිවිසුනා. අවසන් ලකුණු තත්වය දිස්වුනේ ලකුණු 15-17ක් ලෙසයි.

තවත් රග්බි පුවත් කියවන්න:

කෑගලු විද්‍යාලය කුසලාන අවසන් පූර්ව තරගයේ දී දෙහිඕවිට මධ්‍ය විද්‍යාලය පරාජය කළා. පළමු අර්ධයේ දී උත්සාහක දිනුම් තුනක් රැස් කරගනිමින් දෙහිඕවිට ක්‍රීඩකයින් තරගයේ ඉදිරියෙන් සිටියත් කෑගලු විද්‍යාලය ලකුණු 26-31ක් ලෙස අවසන් මොහොතේ තරගය ජයග්‍රහණය කළා.

කෑගලු විද්‍යාලය සහ තල්දූව මධ්‍ය විද්‍යාලය අතර තරගය මුල සිටම සිය ග්‍රහණයට ගන්නට තල්දූව ක්‍රීඩකයින් සමත් වුනා. පහසු තරගයකින් පසුව ලකුණු 26-05ක් ලෙස සබරගමුව අදියරේ කුසලාන ශූරතාවය දිනා ගත්තේ තල්දූව මධ්‍ය විද්‍යාලයයි.

පළඟ ශූරතාවය – කෑගලු විද්‍යාලය

බඳුන ශූරතාවය – ඇහැළියගොඩ මධ්‍ය විද්‍යාලය

පලිහ ශූරතාවය – රාජසිංහ මධ්‍ය විද්‍යාලය

තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා – දසුන් මීවල (තල්දූව මධ්‍ය විද්‍යාලය)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්නරග්බි පිටුවට <<