ගෙවුනු දවස: නොවැම්බර් 30 – ක්‍රිකට් තරු අභිෂේක ගැන්වූ රාත්‍රියක්

432
Sri Lanka Sports News last day summary November 30th

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශ ගත කර, සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

ක්‍රිකට් –

මැතිව්ස්ට සම්මාන 3ක්

ඩයලොග් සමාගමේ පූර්ණ අනුග්‍රහය ඇතිව සංවිධාන කෙරුණු 2016 ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල අති උත්කර්ෂවත් අයුරින් ඊයේ (30) පස්වරුවේ පැවැත්වුණි.

2015 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දක්ෂතා ඇගයීම අරමුණු කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ මෙම සම්මාන උළෙලේ උච්ඡතම අවස්ථාව සටහන් කරමින් වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් සමත් විය. මැතිව්ස් මෙම සම්මානය දිනාගත් 3 වන අවස්ථාව මෙය වන අතර දිනයේ පිරිනැමුණු සම්මාන 17 අතරින් සම්මාන ත්‍රිත්වයකම අයිතියද ඔහුට හිමිවීම කැපී පෙනුනි.

සවිස්තර වාර්තාව: උත්කර්ෂවත් ක්‍රිකට් සම්මාන උළෙලේ වැඩි ගෞරවය ඇන්ජලෝ මැතිව්ස්ට


ප්‍රථම තරගයෙන් ජය කෝල්ට්ස්ට

මෙවර ප්‍රිමියර් ලීග් තරග වාරය ආරම්භ කරමින් A කාණ්ඩය යටතේ පැවති පළමු තරගයේදීම ඉනිමක සහ ලකුණු 77ක සුපිරි ජයක් වාර්තා කරන්නට කෝල්ට්ස් ක්‍රිකට් සමාජය ඊයේ (30) සමත් විය. එහිදී ගියවර ලීග් කාණ්ඩයේ අනුශූරයින් බවට පත්වූ මුවර්ස් ක්‍රීඩා සමාජය අද දිනය තුලදී දෙවරක්ම දැවී යාම විශේෂිත සිදුවීමකි.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 367 (පන්දුවාර 101.2): දිල්රුවන් පෙරේරා 80, කාංචන ගුණවර්ධන 74, කෝසල කුලසේකර 5/77, තිලාන් තුෂාර 2/59, උමේෂ්ක මොරායස් 2/95.

මුවර්ස් ක්‍රීඩා සමාජය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 158 (පන්දුවාර 30.2):  තරිඳු මෙන්ඩිස් 35, රුවිඳු ගුණසේකර 28, ශනුක දුලාජ් 28, ප්‍රභාත් ජයසූරිය 4/40, ඉශාන් ජයරත්න 3/32.

මුවර්ස් ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 132 (පන්දුවාර 32.1): සචිත්‍ර පෙරේරා 52, කෝසල කුලසේකර 23, දිල්රුවන් පෙරේරා 4/25, නිසල තාරක 3/29, ප්‍රභාත් ජයසූරිය 2/46.

සවිස්තර වාර්තාව: සමාරම්භක තරගයෙන්ම කෝල්ට්ස් පිළට දැවැන්ත ජයක්


තායිලන්තය හමුවේ ජය ශ්‍රී ලංකා කාන්තාවට

තායිලන්තයේ පැවැත්වෙන ආසියානු කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් තුන්වන තරගය ඊයේ (30) තායිලන්තයට එරෙහිව බැංකොක් නුවර ආසියානු තාක්ෂණික ආයතන ක්‍රීඩාංගණයේදී පැවැති අතර ලකුණු 75කින් ජයග්‍රහණය වාර්තා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරග සාරාංශය

ශ්‍රී ලංකාව – කඩුලු 6 දැවී ලකුණු 120 (පන්දුවාර 20) : හසිනි පෙරේරා 57, චමරි අතපත්තු 31,එෂානි ලොකුසූරිය 9*, සයිනැමින් සයින්යා 3/26.

තායිලන්තය – කඩුලු 9 දැවී ලකුණු 45 (පන්දුවාර 20) : චනිදා සුත්තිරුන්ග 12, උදේශිකා ප්‍රබෝධනී 3/8,  ඉනෝකා රණවීර ¾

සවිස්තර වාර්තාව: ශ්‍රී ලංකා පන්දු යවන්නියන් යළි සාර්ථක වෙයි

දිනයක නිමාව