ගෙවුනු දවස: නොවැම්බර් 26 – විදුලිය හමුවේ වරාය නොසැලේ

221

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශ ගත කර, සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

වොලිබෝල් –

සුපිරි කිරුල වරායට සහ ගුවන් හමුදාවට

පසුගිය 11 වන දා ආරම්භ වූ “මන්චි ජාතික වොලිබෝල් ශූරතාවයේ” සුපර් ලීග් තරඟාවලියේ කූටප්‍රාප්තිය සටහන් කරමින් ඊයේ (26) පැවති අවසන් මහා තරඟ ජයග්‍රහණය කරන්නට, පිරිමි අංශයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියත් ,කාන්තා අංශයෙන් ගුවන් හමුදා කණ්ඩායමත් සමත්විය. අවසන් තරඟ ද්විත්වයම පැවතියේ මහරගම තරුණසේවා සභා ගෘහස්ත ක්‍රීඩාංගනයේදීයි.

තරඟ ලකුණු සටහන –

  • 25-12, 25-10, 25-19 (ගුවන් හමුදා කාන්තා කණ්ඩායම)
  • 20-25, 25-17, 25-21, 25-19 (වරාය අධිකාරිය)

සම්පූර්ණ ලිපිය: විදුලිය හමුවේ නොසැලුණු වරාය අධිකාරියට ශූරතාවය


සිරිපැරකුම් සහ සරත් ජෙම්ස් ශූරයින් අතරට

රස ලොව රජ කිරුල මන්චි ආයතනය සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය එක්ව සංවිධානය කල “මන්චි ජාතික වොලිබෝල් තරගාවලියේ, ආධුනික අංශයේ” අවසන් මහා තරග, ඊයේ (26) මහරගම තරුණසේවා සභා ගෘහස්ත ක්‍රීඩා පිටියේදී පැවති අතර එහිදී, නිව්ස්ටාර් කණ්ඩායම 3:2ක් ලෙස පරාජය කරමින් සරත් ජෙම්ස් ක්‍රීඩා සමාජය පිරිමි අංශයෙන් ශූරතාවය දිනා ගනිද්දී, 3:0ක් ලෙස ගුවන් හමුදා ක්‍රීඩිකාවන් පරාජය කරමින් බෝයගම සිරිපැරකුම් ක්‍රීඩිකාවෝ ශූරතාවය ජයග්‍රහණය කරන ලදී.

  • සිරිපැරකුම් ක්‍රීඩා සමාජය : ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 26-24, 25-18, 25-23 (3:0)
  • සරත් ජෙම්ස් ක්‍රීඩා සමාජය : නිව්ස්ටාර් ක්‍රීඩා සමාජය 25-21, 25-23, 23-25, 22-25, 15-13 (3:2)

සම්පූර්ණ ලිපිය: ආධුනික අංශයේ ශූරතාවයන් සරත් ජෙම්ස්ට සහ සිරිපැරකුම්ට


රග්බි –

මහනුවරට සහ නාවික හමුදාවට ජය

ඩයලොග් අන්තර් සමාජ ලීග්  රග්බි තරගාවලියේ තවත් උණුසුම් තරඟ දෙකක් ඊයේ (26) ප්‍රබල නාවික හමුදා ක්‍රීඩා සමාජය හා යුධ හමුදා ක්‍රීඩා සමාජය අතරද, මහනුවර ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර ද පැවැත්විය.

කොළඹ තුරඟ තරග පිටියේදී පැවති තරගයෙන් යුධ හමුදාව පරාජය කරමින් නාවික හමුදාවද, නිත්තවෙලදී පැවති තරගයෙන් පොලීසිය පරාජය කරමින් මහනුවර කණ්ඩායමද ජයග්‍රහණය වාර්තා කරන ලදී.

පළමු තරගය

    • පළමු අර්ධය: යුධ හමුදාව 10 (1T, 1C, 1P) – නාවික හමුදාව 20 (2T,2C,1P,1DG)
  • සම්පූර්ණ ලකුණු – යුධ හමුදාව 24 (3T, 3C, 1P) – නාවික හමුදාව 25 (3T,2C,1P,1DG)
  • ThePapare.com තරගයේ වීරයා – තිලිණ වීරසිංහ (නාවික හමුදා කණ්ඩායම)

දෙවන තරගය

  • ප්‍රථම අර්ධය: මහනුවර ක්‍රීඩා සමාජය 17 : 09 පොලිස් ක්‍රීඩා සමාජය
  • සම්පූර්ණ ලකුණු: මහනුවර ක්‍රීඩා සමාජය 34 : 09 පොලිස් ක්‍රීඩා සමාජය
  • ThePapare.com තරගයේ වීරයා: තිලින විජේසිංහ

සම්පූර්ණ ලිපිය බලාපොරොත්තු වන්න


ක්‍රිකට් –

මහානාමයේ මලිඳුගේ දක්ෂතා කැපිපෙනේ

සිංගර් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟ දෙකක් 25 වැනිදා ආරම්භ වූ අතර එම තරඟ දෙකේ දෙවන හා අවසන් දිනය ඊයේ 26 ක්‍රියාත්මක විය. මෙම තරඟ වලින් කොළඹ මහානාම විද්‍යාලය හා මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉණිමක ජයග්‍රහණ ලබා ගැනීමට සමත් විය.

මහානාම විද්‍යාලය පළමු ඉණිම – 398/10 (89): මලිඳු මදුරංග 115, හේශාන් හෙට්ටිආරච්චි 102, කවිදු මුණසිංහ 53, ගනිත් සංදීප 3/51, අභිෂේක් පෙරේරා 2/41

රාජකීය විද්‍යාලය පළමු ඉණිම – 233/10 (73.2): රොනුක ජයවර්ධන 95, හේලිත විතානගේ 43, හෂාන් සංදීප 3/65, විහාන් මුදලිගේ 2/37

රාජකීය විද්‍යාලය දෙවන ඉණිම (f/o)- 45/03 (11): ගයාන් දිසානායක 24*, හශාන් සංදීප 3/13

සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉණිම – 150/10 (65): එරංග මදුෂාන් 32, ශානක මදුෂාන් 25,  තරුශ ප්‍රනාන්දු  4/30, නිමේෂ් බණ්ඩාර 2/35

සාන්ත සෙබස්තියන් විද්‍යාලය දෙවන ඉණිම – 318/07 (50.5): නිමේෂ් බණ්ඩාර 132, තරුෂ ප්‍රනාන්දු 74, ද දයිසර් 51, කවිදු හෙට්ටිආරච්චි 3/72

සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉණිම – 195/10 (56): තශික පෙරේරා 49, දුලාජ් සිල්වා 44, තරුෂ ප්‍රනාන්දු 37, කවීෂ දුලංජන 4/54, කවිදු හෙට්ටිආරච්චි 4/64

දිනයක නිමාව