ගෙවුනු දවස මැයි 02 – 19න් පහළ උණුසුම්

220

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

  ක්‍රිකට්  

දකුණු පළාතට ජයග්‍රහණය

Under 19 provincial roundup 2nd May report

ලොවක් දිනන්නට සූදානම් වන යොවුන් ක්‍රීඩා තරු වලට සිය නැවුම් දස්කම් පෙන්වීමට ඉඩ හසර විවර කර දෙන වයස අවුරුදු 19න් පහළ පළාත් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග පැවැත්වුණු අවසන් දිනය ඊයේ (02) ක්‍රියාත්මක විය. එහි දී ජයග්‍රහණය වාර්තා කිරීමට දකුණු පළාත, උතුරු මැද පළාත, මධ්‍යම පළාත සහ වයඹ පළාත සමත් විය.

දකුණු පළාත – සියල්ලන්ම දැවී ලකුණු 242 (පන්දුවාර 49): රවීන් යසස් 65, සසිත් මධුරංග 45, අවිඳු තීක්ෂණ 37, රවිඳු සංජන 22, රවිෂ්ක විජේසිරි 21, සන්තුෂ් ගුණතිලක 3/19, විමුක්ති කුලතුංග 3/31.

බස්නාහිර පළාත (මධ්‍යම) – කඩුලු 8ක් දැවී ලකුණු 137 (පන්දුවාර 38): ලක්ෂිත මුණසිංහ 29, සන්තුෂ් ගුණතිලක 28, සන්ජුල අබේවික්‍රම 24, රවිශ්ක විජේසිරි 2/11, දිලුම් සුදීර 2/29.

නැගෙනහිර පළාත – සියල්ලන්ම දැවී ලකුණු 69 (පන්දුවාර 26): ශෙහාන් අවින්ද්‍ය 3/08, දමිත් සමරවික්‍රම 3/12.

උතුරු මැද පළාත – කඩුලු 3ක් දැවී ලකුණු 70 (පන්දුවාර 12): එම්. ශරුහාන් 3/31.

සම්පූර්ණ ලිපිය: ශලිත්ගේ වෑයම වරදියි; මධ්‍යම පළාතට තියුණු ජයක්!


ඩොනඩ්ල්ගේ නිල මාධ්‍ය හමුව

Allan Donald Press Conference

ලෝක ප්‍රකට වේගපන්දු පුහුණුකරු ඇලන් ඩොනල්ඩ්, ශ්‍රී ලංකා කණ්ඩායමට මාස දෙකක කාලයක් සඳහා වේගපන්දු පුහුණුකාරීත්වය ලබා දීමේ අභියෝගය ඊයේ (02) සවස පැවති මාධ්‍ය හමුවක දී නිල වශයෙන් භාර ගත්තේය. මේ හමුව, ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ දී පැවැත්විණි.

“අපට හැකි සෑම අංශයකින්ම ජාතික කණ්ඩායමේ ශක්තිය වැඩි කරන්න ඕනය කියන දැක්මෙන් තමයි අපි ඉන්නේ. ඒ නිසා පියවරෙන් පියවර අපි සැලසුම් කළේ මේ ශූරයන්ගේ කුසලානය ජයග්‍රහණය කරන්නටයි. ඉතින් එංගලන්තයේ දී අපේ වේගපන්දු යවන්නන්ට උදව් කරන්න ඇලන් ඩොනල්ඩ්ට වඩා හොඳ කෙනෙක් ඉන්නව ද මම දන්නේ නෑ.” ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා එසේ පැවසීය.

සම්පූර්ණ ලිපිය: “ශූරයන්ගේ කුසලානය දිනන්න අවශ්‍ය දේ ලංකාවට තියෙනවා” – ඇලන් ඩොනල්ඩ්


නාවික සහ පොලිස් සමාජ අවසන් වටයට

State services KO semis

2017 වර්ෂය සඳහා පැවැත්වෙන රාජ්‍ය සේවා පිළිමළුන් පිටු දැකීමේ දැල්පන්දු තරගාවලියේ ඊයේ (2) නිමා වූ, අවසන් පූර්ව වටයේ තරග අතුරෙන්, යුද හමුදා ක්‍රීඩා සමාජය ලකුණු 61-58ක් ලෙස පරාජයට පත් කිරීමට සමත් වූ නාවික හමුදා ක්‍රීඩා සමාජය හා ලකුණු 50-34ක් ලෙස ගුවන් හමුදාව අභිබවා ගිය පොලිස් ක්‍රීඩා සමාජය අවසන් වටයේ තම ස්ථානයන් වෙන්කරවා ගන්නා ලදි.

සම්පූර්ණ ලිපිය: නාවිකයෝ සහ පොලීසිය අවසන් වටයට

දිනයක අවසානය