ගෙවුනු දවස ජුනි 15 – පාපන්දු පිටිය යලිත් උණුසුම්

364

කෙළිබිම උණුසුම් කල පුවත් ඔබ වෙත සැකැවින් ගෙන ඒමේ අරමුනින් ජුනි පළමු දින සිට ගෙවුනු දවස නමින් ලිපි මාලාවක් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. ඔබටත් පසුගිය දින මඟ හැරුනු පුවත් එකම තැනකින්, සිංහලෙන්ම කියවීමට ඉඩ ප්‍රස්තාව ලබා දීම මෙහි අරමුණයි.

– ක්‍රිකට්

පරාජයේ වගකීම ගැන මැතිව්ස් කතා කරයි.

එංගලන්තය හමුවේ ලද 2-0 ක තරගාවලි පරාජය එක්‌ ක්‍රීඩකයකු මත පැටවීම සාධාරණ නොවන බවත්, ලද පරාජයේ වගකීම කණ්‌ඩායමක්‌ ලෙස සෑම දෙනාම භාරගත යුතු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක ඇන්ජලෝ මැතිව්ස්‌ සඳහන් කර සිටියි.

එංගලන්ත සංචාරයකට සහභාගිවනවා කියන්නේ පිතිකරුවකුට ඉතාමත් අභියෝගාත්මකයි. ඒ නිසා මට උවමනාවක්‌ නැහැ මෙහි වගකීම තනි ක්‍රීඩකයකු මත පටවන්න. කණ්‌ඩායමක්‌ ලෙස අපි මේ පරාජය භාරගත යුතුයි. චන්දිමාල් හැරෙන්නට වෙන කිසිම පිතිකරුවකු මෙම තරගාවලියේදී ශතකයක්‌ වාර්තා කළේ නැහැ. ඒ නිසා මට කිසිම ක්‍රීඩකයකු පහතට යවන්න උවමනාවක්‌ නැහැයි මැතිව්ස්‌ පවසයි.

සම්පූර්ණ ලිපිය: පැරදුණේ තිරිමාන්න නිසාම නොවේ – ඇන්ජලෝ මැතිව්ස්‌

– පාපන්දු –

2016ත් පාපන්දුවට අනුග්‍රහය Dialog සමාගමෙන්

ශ්‍රි ලංකා පාපන්දු පිටියේ සුවිශේෂිත තරගාවලියක් වන පාපන්දු ශූරතයන්ගේ තරගාවලිය සඳහා 11 වැනි වරටත් ශ්‍රී ලංකාවේ අංක එකේ දුරකතන සේවා සැපයුම්කරු වන Dialog Axiata සමාගම විසින් අනුග්‍රහකත්වය සැපයීමට ඉදිරිපත් වී අැත.

මෙවර තරගාවලිය කණ්ඩායම් 18 සහභාගී වන අතර තරගවලිය ජුනි මස 24 වැනිදා කොළඹ තුරඟ තරග පිටියෙන් අාරම්භ වේ.

 A කාණ්ඩය 

බ්ලු ස්ටාර් ක්‍රීඩා සමාජය, සිවිල් අාරක්ෂක ක්‍රීඩා සමාජය, කොළඹ පාපන්දු සමාජය, ක්‍රිස්ටල් පැලස් පාපන්දු සමාජය, මාතර නගර සමාජය, යුධ හමුදා ක්‍රීඩා සමාජය, මීගමුව තරුණ ක්‍රීඩා සමාජය, සොලිඩ් ක්‍රීඩා සමාජය, උඩරට ක්‍රීඩා සමාජය

 B කාණ්ඩය 

ජාවා ලේන් ක්‍රීඩා සමාජය, නව තරුණ ක්‍රීඩා සමාජය, රිනවුන් ක්‍රීඩා සමාජය, සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය, ගුවන් හමුදා ක්‍රීඩා සමාජය, නාවික හමුදා ක්‍රීඩා සමාජය, පොලිස් ක්‍රීඩා සමාජය, සුපර් සන් ක්‍රීඩා සමාජය, තිහාරිය තරුණ ක්‍රීඩා සමාජය

-විදෙස් පුවත් –

ශරපෝවා අැපෑලක් දමයි.

අවුරුදු 17දී විම්බල්ඩන් ශූරතාව දිනාගනිමින් එම කුසලානය දිනාගත් ප්‍රථම රුසියානු ක්‍රීඩිකාව බවට ඉතිහාසගත වු ශරපෝවා මේ දිනවල ඉතා අසීරු කාලයක් ගතකරමින් සිටි. ඊට හේතුව නම් අැය තහනම් උත්තේජක චෝදනාවකට වැරදිකරුවී වසර 2 තරග තහනමක් ද පනවා තිබීමයි.

අැය පවසන පරිදි අැය කිසිදු ක්‍රියාවක් සිතාමතා සිදුනොකල බවත් කාලයක සිටි රෝගි තත්වයක් සඳහා අැය ප්‍රතිකාර ලබා ගන්නා බවත් ඉදිරිපත් කර තිබු අැපෑලේ සටහන් කර අැත.

දවසේ නිමාව