පැරදුණේ තිරිමාන්න නිසාම නොවේ – ඇන්ජලෝ මැතිව්ස්‌

746
Mathews talks about 3rd test

එංගලන්තය හමුවේ ලද 2-0 ක තරගාවලි පරාජය එක්‌ ක්‍රීඩකයකු මත පැටවීම සාධාරණ නොවන බවත්, ලද පරාජයේ වගකීම කණ්‌ඩායමක්‌ ලෙස සෑම දෙනාම භාරගත යුතු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක ඇන්ජලෝ මැතිව්ස්‌ සඳහන් කර සිටියි.

පසුගිය ලිපි: “බලාපොරොත්තු වූ ප්‍රතිඵලය නොවෙයි – සනත් ජයසූරිය

එංගලන්තය සමග ලෝඩ්ස්‌ ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි ටෙස්‌ට්‌ තරගයේ පස්‌වැනි දිනය පන්දුවාර 12.2 කට පමණක්‌ සීමාවීම මත තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දක්‌වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායකයා, නවක ක්‍රීඩකයකු වන කුසල් මෙන්ඩිස්‌ගේ පිතිකරණය මෙන්ම රංගන හේරත්ගේ තුන් ඉරියව්වේ දක්‌ෂතා පමණක්‌ පිළිබඳව සතුටට පත්විය හැකි බවත් සඳහන් කර සිටියේය.

පිතිකරුවකු ලෙස ක්‍රීඩා කරන ලද ළහිරු තිරිමාන්න පිළිබඳවද මාධ්‍ය විසින් කරුණු විමසන ලදුව මෙවර තරගාවලිය ආරම්භයට පෙර අප කණ්‌ඩායමේ සිටි හොඳම පිතිකරුවා තිරිමාන්න බව ශ්‍රී ලංකා නායකයා සඳහන් කර සිටියේය.

පසුගිය ලිපි: එංගලන්ත අභියෝගයට සාර්ථක ඇරඹුමක්

එංගලන්ත සංචාරයකට සහභාගිවනවා කියන්නේ පිතිකරුවකුට ඉතාමත් අභියෝගාත්මකයි. ඒ නිසා මට උවමනාවක්‌ නැහැ මෙහි වගකීම තනි ක්‍රීඩකයකු මත පටවන්න. කණ්‌ඩායමක්‌ ලෙස අපි මේ පරාජය භාරගත යුතුයි. චන්දිමාල් හැරෙන්නට වෙන කිසිම පිතිකරුවකු මෙම තරගාවලියේදී ශතකයක්‌ වාර්තා කළේ නැහැ. ඒ නිසා මට කිසිම ක්‍රීඩකයකු පහතට යවන්න උවමනාවක්‌ නැහැයි මැතිව්ස්‌ පවසයි.

මෙම තරගාවලියේ ඉනිම 5 කට ක්‍රීඩා කරන ලද තිරිමාන්නගේ ඉනිමක වැඩිම ලකුණු ලෙස සටහන් වූයේ ලකුණු 22 ය. හෙතෙම ක්‍රීඩා කොට ඇති අවසන් ටෙස්‌ට්‌ ඉනිම 12 දී ඔහු රැස්‌ කිරීමට සමත්ව ඇත්තේ එක්‌ අර්ධ ශතකයක්‌ පමණක්‌ වීම කැපී පෙනෙන අතර එම දක්‌වා තිබෙන දුර්වලතා මත ඔහුගේ ටෙස්‌ට්‌ ඉනිම 50 දී ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලකුණු 24 ක්‌ වශයෙන් සටහන් වේ.

තවත් පුවත් සිංහලෙන්ම කියවන්න – පිවිසෙන්න