ගෙවුනු දවස ජුනි 04 – දවසේ ක්‍රීඩාව රග්බි

1198
The Summary Sinhala june 4

කෙළිබිම උණුසුම් කල පුවත් ඔබ වෙත සැකැවින් ගෙන ඒමේ අරමුනින් ජුනි පළමු දින සිට ගෙවුනු දවස නමින් ලිපි මාලාවක් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. ඔබටත් පසුගිය දින මඟ හැරුනු පුවත් එකම තැනකින්, සිංහලෙන්ම කියවීමට ඉඩ ප්‍රස්තාව ලබා දීම මෙහි අරමුණයි.

— රගර් –

ඉසිපතනයට ජය, ත්‍රිත්වයෝ හිස් අතින් ගෙදර

සිංගර් ලීග් පාසල් රග්බි කුසලානයේ අපරාජිත ඉසිපතන විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය අතර තරගයක් ඊයේ (4) කොළඹ CR & FC ක්‍රීඩා පිටියේදි පැවැත් විය. සුපුරුදු අාක්‍රමනශීලි ක්‍රීඩා රටාව පිටිය පුරා දියත් කල ඉසිපතන කණ්ඩායම, ත්‍රිත්ව විදුහල පරදා ලකුණු 10 කින් ජයග්‍රහනය කිරීමට සමත් විය.

අාරම්භක සංඥාවත් සමඟ අැරඹි තරගයේ ප්‍රථම අර්ධය නිමාවට පත් වන විට 18 – 8 ලෙස ඉසිපතන ක්‍රීඩකයෝ පෙරමුන ගැනීමට සමත් විය. දක්ෂ ක්‍රීඩා රටාවක් අනුගමන කරමින් ත්‍රිත්ව විදුහල් ක්‍රීඩකයින් ද ඉසිපතනය පසුපස හඹා අා නමුත් එම උත්සහය ඉසිපතනය පරාජය කිරීමට තරම් ප්‍රමාණවත් නොවීය.

තරගය අවසන් වන විට ඉසිපතන විද්‍යාලය ලකුණු 32 (උත්සාහක දිනුම් 05, ප්‍රවර්තන 02, දඬුවම් පහර 01) සහ ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 22 ක් (උත්සහක දිනුම් 02, ප්‍රවර්තන 02, දඬුවම් පහර 01) ලබා ගැනීමට සමත් විය. ඉසිපතන විද්‍යාලය පිට පිටම ලබාගත් 7වැනි ජය මෙයයි.

තරගයේ ඡායාරූප අැල්බමය නැරඹීමට

තෝමස් විදුහල තාමත් අපරාජිතයිද?

නිසැකව ඔවුන් තවමත් අපරාජිත නාමය සිය සන්තකයේ තබා ගනිමින් තරගාවලිය පුරා සිය දක්ෂතා ප්‍රදර්ශනය කරමින් සිටි. සත් වැනි සතියේ සාන්ත පීතර විද්‍යාලීය ක්‍රීඩකයින් හා තරග වැදුනු ඔවුන් ලකුණු 36 – 13 ලෙස පහසු ජය ලබා ගැනීමට සමත් විය.

කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩා පිටියේදි පැවැති මෙම තරගයේ ප්‍රථම අර්ධය අවසන් වන විට ලකුණු 19 – 10 ලෙස වාර්තා වු අතර ප්‍රථම අර්ධයේදි ලද වාසියත් සමඟ දෙවන අර්ධයටත් සාර්ථකව මුහුණ දුන් ශාන්ත තෝමස් විදුහල, තරගය අවසානයේ දැවැන්ත ලකුණු 23ක පරතරයක් සහිතව ජයග්‍රහන කරන ලදි.

සම්පූර්ණ ලකුණු සටහන ලෙස ශාන්ත තෝමස් විදුහල ලකුණු 36 (උත්සහක දිනුම් 5, ප්‍රවර්තන 4, දඬුවම් පහර 1) සහ ශාන්ත පීතර විද්‍යාලය ලකුණු 13 (උත්සහක දිනුම් 1, ප්‍රවර්තන 1, දඬුවම් පහර 2) කි. ශාන්ත තෝමස් විදුහලද වාර්තා කලේ පිට පිටම ඔවුන් ලබාගත් 7වැනි ජයයි.

තරගයේ සියල්ලේම වීඩියෝ පට නැරඹීමට

තියුනු තරගයක ජය විද්‍යා විද්‍යාලයට

සත්වැනි සතියේ ඊයේ දිනයේ පැවැත් වු තවත් තරගයක් ලෙස ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සහ වෙස්ලි විදුහල අතර පැවති තරගය නම් කල හැකිය. තරගය රත්මලාන ගුවන් හමුදා පිටියේදි පැවත් වු අතර ලකුණු 4කින් එය ජය ගැනීමට විද්‍යා විද්‍යාලය සමත් විය.

සවස 04 ට අැරඹි තරගය අාරම්භයේ සිටම තියුනු ස්වරූපයක් ගත් අතර ප්‍රථම අර්ධයේ මිනිත්තු 45 අවසාන් වන විට වෙස්ලි විදුහල කිසිදු ලකුණක් ලබාගැනීමට අපොහොසත් වූ අතර විද්‍යා විද්‍යාලය ලකුණු 5ක් ලබා ගැනීමට සමත් විය. ප්‍රථම අර්ධයේදි වාසිය ලබා ගත් විද්‍යා විද්‍යාල ක්‍රීඩකයෝ දෙවන අර්ධයද සුපුරුදු අාක්‍රමනශීලි ක්‍රීඩා රටාව දියත් කරමින් අතිරේක ලකුණු 6ක් ලබා ගත් අතර වෙස්ලි විදුහල ලකුණු 7ක් වාර්තා කිරීමට සමත් විය.

සම්පූර්ණ ලකුණු දෙස බලන විට ගල්කිස්ස විද්‍යා විද්‍යාලය ලකුණු 11 (උත්සහක දිනුම් 1, දඬුවම් පහර 02) ක් සහ වෙස්ලි විදුහල ලකුණු 7 (උත්සහක දිනුම් 1, ප්‍රවර්තන14)ක් ලබා ගැනීමට සමත් විය.

තවත් රග්බි පුවත් සිහලෙන්ම කියවන්න රග්බි පිටුවට එන්න

— වෙනත්

අලී ජිවිත ගමන නිමා කරයි.

බොක්සිං ක්‍රීඩාව දිග්විජය කල ප්‍රසිද්ධ, ප්‍රවීන බොක්සිං ක්‍රීඩකයෙකු වු මොහොමඩ් අලි අභ්‍රවප්‍රාප්ත වු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අැරිසෝනා හි පිහිටි ෆීනික්ස් රෝහලේදීය. මිය යන විට 74 වැනි වියෙහි පසුවු ඔහු පසුගිය දිනක රෝහල් ගත කෙරුනෙ ශ්වසන අාබාධයක් හේතුවෙනි.

දවසේ නිමාව