කිසිම දිනයක් කෝලිට නිවාඩු දිනයක් නෙමෙයි!

206

කිසිදු දිනයක් අපතේ නොයවමින් ඉන්දීය නායක විරාත් කෝලි ඩුබායි හි සිය හෝටල් කාමරය තුළම පුහුණුවීම් ආරම්භ කර තිබෙනවා. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීම සඳහා ඔහු ප්‍රමුඛ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් ක්‍රීඩකයින් මේ වන විට ඩුබායි වෙත පිටත්ව ගොස් තිබෙනවා. කණ්ඩායම් සියල්ල පුහුණුවීම් ආරම්භ කරන්නේ සතියක නිරෝධායන කාලසීමාවට මුහුණ දීමෙන් අනතුරුවයි.

2020 Hall of Fame විශිෂ්ටයින් නම් කෙරේ

“එක් දිනක්වත් විවේක නොගන්නා නායක කෝලි” යනුවෙන් රෝයල් චැලෙන්ජර්ස් Twitter පිටුවේ සටහනක් තබා තිබුණා.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ක්‍රීඩකයින් හා පුහුණුකරුවන් පසුගිය සිකුරාදා ඩුබායි වෙත ළඟා වූ අතර මුම්බායි සිට සිය ගමන් ආරම්භ කළ කෝලි තනිවම ඩුබායි වෙත පැමිණ තිබුණා. RCB කණ්ඩායම තවමත් IPL ශූරතාවයක් දිනාගෙන නොමැති අතර මෙවර අදියර එළඹෙන සැප්තැම්බර් 19 වැනිදා එක්සත් අරාබි එමීර් හිදී ආරම්භ වීමට නියමිතයි.

කෝලිගේ නායකත්වය යටතේ රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම එතරම්ම හොඳින් දස්කම් නොදක්වා තිබුණ ද, එම කණ්ඩායමේ සභාපති සංජීව් චව්ලා පවසා සිටියේ නායකත්වයට සුදුසුකම කෙනා විරාත් කෝලි බවයි.

“විරාත් කෝලි කියන්නේ ඉන්දියාවේ නායකයා. ඔහුට තමා ලොකුම ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් ඉන්නේ. අපි ඔක්කොම විරාත්ට ආදරෙයි. අපි ගොඩක් කැමතියි ඔහුත් එක්ක වැඩ කරන්න.”

“එංගලන්ත ප්‍රේක්ෂකයින්ගේ අඩුව සෑහෙන්න දැනෙයි!”

පසුගිය සෙනසුරාදා RCB කණ්ඩායම නියෝජනය කරන දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් වන ඒ. බී ඩිවිලියර්ස්, ඩේල් ස්ටේන් හා ක්‍රිස් මොරිස් කණ්ඩායම හා එක්ව තිබුණා. දකුණු අප්‍රිකානු රජය විසින් පනවා තිබුණු ආගමන විගමන නීති නිසා දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින්ට IPL තරගාවලියේ මුල් භාගය මඟහැරීමේ අවදානමක් ද මීට පෙර මතුවී තිබුණා.

Hindustan Times ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<