කොදෙව්වන් හමුවේ බංග්ලාදේශයට තරගාවලි පරාජයක්

219

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා බංග්ලාදේශ අතර පසුගිය 12 වැනිදා ආරම්භ වූ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 166කින් ජයග්‍රහණය කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද (15) සමත් වීමත් සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට කොදෙව් කණ්ඩායමට හැකි විය.

රූට් ඇතුළු එංගලන්තයේ ප්‍රබල ප්‍රහාරයෙන් ඉන්දියාව සුනුවිසුනු වේ

සංචාරක ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ලද දරුණු පරාජයත් සමඟ මේ තරගයට අවතීර්ණ වූ බංග්ලාදේශ කණ්ඩායම ජැමෙයිකාවේ සබීනා පාර්ක් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී කාසියේ වාසිය සියතට ගෙන පළමුව පන්දුවට පහර දීමට කොදෙව්වන්ට ආරාධනා කළේය. ඔවුන් සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 354ක් ලබා ගත් අතර දකුණතින් පිත්ත හසුරුවන ක්‍රෙයිග් බ්‍රාත්වෙයිට් ලකුණු 110ක් වාර්තා කර ගත්තේ ඔහුගේ ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ 8 වන ශතකය ද සම්පූර්ණ කර ගනිමිනි. එම ඉනිමට 4 පහර 9ක් අන්තර්ගත විය. අමතරව කොදෙව් පළමු ඉනිම සවිමත් කළ මැදපෙළ පිතිකරුවෙක් වන  ශිම්රන් හේට්මයර් 4 පහර 9ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 86ක් ලබා ගන්නා ලදි.

පන්දු යැවීමේ දී දඟපන්දු යවන යොවුන් ක්‍රීඩක මෙහෙදී හසන් ලකුණු 93කට කොදෙව් පළමු ඉනිමේ කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.

ජයග්‍රහණයකින් කෙළවර වූ මිනිත්තු 93ක ක්‍රිකට් උන්මාදය

ලොව භයානකම පිතිකරණ ලැයිස්තුවක්, කලාලය (mat) මත ක්‍රීඩා කර අභිනවයෙන් දඟ

බංග්ලාදේශ ආරම්භක පිතිකරුවෙක් වන තමීම් ඉක්බාල් 4 පහර 6ක් එල්ල කරමින්  ඔවුන්ගේ පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ ලකුණු 47ක් ලබා ගනිමිනි. අමතරව නායක ශකිබ් අල් හසන් ලකුණු 32ක් සිය කණ්ඩායමට එකතු කරන ලදි. එම ඉනිමේ ගොඩනැංවුණු හොඳම සබඳතාවය ඔවුන් දෙදෙනා අතරේ තෙවන කඩුල්ල සඳහා ගොඩනැංවිණි. නායක ජේසන් හෝල්ඩර් ඇතුළු බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන් බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 149කට සීමා කරමින් සිය කණ්ඩායමට ලකුණු 205ක පළමු ඉනිමේ වාසියක් ලබා දීමට සමත් විය. කොදෙව්වන්ට බංගලාදේශ කණ්ඩායමට නැවත වතාවක් පිතිකරණයේ නිරත කිරීමට අවස්ථාවක් තිබුණ ද ඉනිමක ජයග්‍රහණයක් ගැන නොසිතා ඔවුන්ගේ කොදෙව් පිතිකරුවන් හට නැවත වතාවක් පිතිකරණයේ නිරත වීමට අවස්ථාවක් දීමට කොදෙව් නායකයා තීරණය කළේය.

එනමුත් කොදෙව් පළමු ඉනිමට සාපේක්ෂව නම් ඔවුන්ගේ දෙවන ඉනිම එතරම්ම සාර්ථක වූයේ නැත. එහි දී දඟපන්දු යවන ක්‍රීඩක ශකිබ් අල් හසන් ලකුණු 33ක් තුල කොදෙව් කඩුලු 6ක් දවා ගනිමින් කොදෙව් පිතිකරුවන් ඉතාමත් හොඳින් දමනය කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස කොදෙව් දෙවන ඉනිම ලකුණු 129කට සීමා වූයේ බංග්ලාදේශ පළමු ඉනිමට වඩා  ලකුණු 334ක් පෙරමුණේ පසුවෙමිනි. කොදෙව් දෙවන ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් රෝස්ටන් චේස් ලකුණු 32යි.

ලකුණු 35ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ පිතිකරුවන් ඔවුන්ගේ පළමු ඉනිමට සාපේක්ෂව යම් ප්‍රගතියක් ලබාගත්ත ද වේගපන්දු යවන නායක හෝල්ඩර්ගේ දක්ෂ පන්දු කරණය හමුවේ ඔවුන් නැවත වතාවක් අසරණ විය. ඉවසිලිවන්ත පිතිකරණයක නිරත වූ නායක ශකීබ් 4 පහර 10ක් සමඟ ලකුණු 54ක් ලබාගෙන සිටිය දී හෝල්ඩර් එවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේ බංග්ලාදේශ කණ්ඩායමට තිබූ අවසන් බලාපොරොත්තුවත් බොඳ කර හරිමිනි. එහි දී බංග්ලාදේශ කණ්ඩායමේ අවසන් කඩුලු 5 ලකුණු 47ක් තුල දැවී යාම ඔවුන්ගේ පරාජයට එල්ල කළ තවත් මරු පහරකි. පන්දු යැවීමේ දී නායක හෝල්ඩර් ලකුණු 59කට කඩුලු 6ක් දවා ගත්තේ මේ තරගය තුල කඩුලු 11ක් දවා ගනිමිනි. එම දස්කම ඔහුගේ පුද්ගලික ටෙස්ට් ක්‍රිකට් දිවියේ එක් තරගයක් තුල ලබාගත් පළමු කඩුලු 10 අවස්ථාව ද විය.

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම – 354 (112): ක්‍රෙයිග් බ්‍රාත්වෙයිට් 110, ශිම්රන් හේට්මයර් 86, ජේසන් හෝල්ඩර් 33, මෙහෙදී හසන් 5/93.

බංග්ලාදේශ පළමු ඉනිම – 149 (46.1): තමීම් ඉක්බාල් 47, ශකීබ් අල් හසන් 32, ජේසන් හෝල්ඩර් 5/44.

බටහිර ඉන්දීය කොදෙව් දෙවන ඉනිම – 129 (45): රෝස්ටන් චේස් 32, ශකීබ් අල් හසන් 6/33.

බංග්ලාදේශ දෙවන ඉනිම – 168 (42): ශකීබ් අල් හසන් 54, ජේසන් හෝල්ඩර් 6/59.

තරග ප්‍රතිඵලය – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 166ක ජයක්

තරගයේ හා තරගාවලියේ වීරයා – ජේසන් හෝල්ඩර් (බටහිර ඉන්දීය කොදෙව්)

දෙරට අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු ක්‍රිකට් තරගය ලබන 22 වැනිදා ගයානා හිදී පැවැත්වේ. එම තරගයේ විස්තර ද ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<