කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
ටෙස්ට් තරගය ශ්‍රී ලංකාවට

සිම්බාබ්වේ – සියල්ලන්ම දැවී ලකුණු 356 (පන්දුවාර 94.4): ක්‍රේග් අර්වයින් 160, සිකන්ඩර් රාසා 36, මැල්කම් වොලර් 36, ඩොනල්ඩ් තිරිපානෝ 27, ශෝන් විලියම්ස් 22, හැමිල්ටන් මැසකඩ්සා 19, පීටර් මුවර් 19, රංගන හේරත් 5/116, අසේල ගුණරත්න 2/28.
ශ්‍රී ලංකාව – සියල්ලන්ම දැවී ලකුණු 346 (පන්දුවාර 102.3): උපුල් තරංග 71, දිනේෂ් චන්දිමාල් 55, අසේල ගුණරත්න 45, ඇන්ජෙලෝ මැතිව්ස් 41, දිල්රුවන් පෙරේරා 33, දිමුත් කරුණාරත්න 25, ග්‍රැහැම් ක්‍රීමර් 5/125, ශෝන් විලියම්ස් 2/62.
සිම්බාබ්වේ (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 377 (පන්දුවාර 107.1): සිකන්ඩර් රාසා 127, මැල්කම් වොලර් 68, පීටර් මුවර් 40, ග්‍රැහැම් ක්‍රීමර් 48, ශෝන් විලියම්ස් 22, රංගන හේරත් 6/133, දිල්රුවන් පෙරේරා 3/95.
ශ්‍රී ලංකාව (දෙවැනි ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 391 (පන්දුවාර 114.5): නිරෝෂන් දික්වැල්ල 81, අසේල ගුණරත්න 80*, කුසල් මෙන්ඩිස් 66, දිමුත් කරුණාරත්න 49, දිල්රුවන් පෙරේරා 29*, උපුල් තරංග 27, ග්‍රැහැම් ක්‍රීමර් 4/150, ශෝන් විලියම්ස් 2/146.
සම්පූර්ණ වාර්තාව: ආසියාවේ විශිෂ්ටතම හඹා යෑම සමඟින් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්!
අසේලගේ පොරොන්දුව

“මම අද උදේ අසේලට පැවසුවා ඔහු අද ශතකයක් රැස්කරනවා කියලා. නමුත් එවිට ඔහු ඉතා විශ්වාසයෙන් මට කිව්වා, නෑ චන්දි. අද මට 100ක් ගහන්න උවමනාවක් වෙන එකක් නැහැ. මම ලකුණු 70කට වඩා නොදැවී ගහලා තරගය ජයග්‍රහණය කරනවා කියලා. ඒ වගේ විශ්වාසයක් තමයි මම මගේ ක්‍රීඩකයින්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. අද ඔහුට එය කරන්න අවස්ථාවක් නොලැබෙන්නත් තිබුණා. නමුත් ඔහු කතා කරපු විදිහෙන් නායකයෙක් විදිහට මට ලොකු විශ්වාසයක් ආවා අපි අද තරගය ජය ගනියි කියලා. ඒක ගොඩක් වැදගත් දෙයක්. ඒ නිසා ඒ වගේ ක්‍රීඩකයින් කණ්ඩායමේ සිටීම මට ලොකු සතුටක්.”
අසේල අද උදෑසන ලබා දුන් පොරොන්දුව ගැන පවසමින් චන්දිමාල් එසේ කීවේය.
සම්පූර්ණ වාර්තාව: අසේලගෙන් චන්දිමාල්ට පොරොන්දුවක්






















