ගෙවුනු දවස ජුලි 18 – මිලින්ද සහ අසේල ගෙන් ශතකයක්

236
On this Day July - 18

ගෙවුනු දවස ලිපි මාලාවත් සමඟ එකතු වන ඔබට ස්තුතියි! ගෙවුනු දවස ලිපි මාලාවේ අරමුණ මඟහැරුනු පුවත් ඔබට සමීප කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

ක්‍රිකට් –

මිලින්ද සහ අසේල සාර්ථක ගමනක

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දීර්ඝ  අන්තර් ජාතික ක්‍රිකට්  තරඟාවලිය ආරම්භ කිරීමට පෙර ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා සභාපති කණ්ඩායම අතර පැවැත්වෙන තුන්දින පුහුණු තරඟයේ පළමු දිනය අද (18) පී. සරවනමුත්තු ඕවල් ක්‍රීඩා පිටියේදී ආරම්භ විය.

ශ්‍රී ලංකා සභාපති කණ්ඩායම පළමු ඉණිම – 229 -10 (57.2) අසේල සම්පත් 58, මිලින්ද සිරිවර්ධන 53, චතුරංග ද සිල්වා 49, දසුන් ශානක 39 ස්ටෙෆාන් ජෝන් 5/43, මුන්රෝ බර්ඩ් 2/26, මෙචෙල් ස්ටාක් 2/39

ඕස්ට්‍රේලියානු කණ්ඩායම  (පළමු දිනය නිමාවන විට) – 127-1 (32) ඇන්තනී බර්න්ස් 64*, ශෝන් මාෂ් 47, උස්මාන් කවාජා 11* , ශෙහාන් ජයසූරිය 1/23

සම්පූර්ණ ලිපිය: ස්ටීව්ගේ දඟ කැවීමෙන් ශ්‍රී ලංකා පිත්ත දඟ කැවෙයි


මලල ක්‍රීඩා –

ලංකාවෙන් ක්‍රීඩකයෝ තිදෙනෙක්

ලෝක ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල අද (19) පෝලන්තයේදී ඇරඹෙයි. මේ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් තිදෙනෙක් එක්ව සිටියි.

ලෝක ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ඉසව් 2ක පරිසාධන මට්ටම් ඉක්මවන්නට සමත්වූ එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ ග්‍රේෂන් ධනංජයයි. වෙන්නප්පුව ජෝෂප් වාස් විද්‍යාලයේ උසස් පෙළ හදාරන ග්‍රේෂන් මේ තරගාවලියේදී පිරිමි දුර පැනීම සහ තුන් පිම්ම ඉසව් නියෝජනය කරයි.

ඔහු තුන් පිම්ම ඉසව්වේ ලෝක කණිෂ්ඨ පරිසාධන මට්ටම ඉක්මවූයේ පසුගිය මැයි මාසයේ පැවති ජාතික ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී නව තරග වාර්තාවක් සමග මීටර් 15.78 ක දක්ෂතාවක් දක්වමිනි.

සම්පූර්ණ ලිපිය: ලෝක ශූරතා කණිෂ්ට මලල ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්

දවසේ නිමාව