සිල්වෙස්ටර් විදුහලට විද්‍යාර්ථ විදුහලෙන් අභියෝගයක්

458
Singer Schools U19 Cricket and Big match roundup

සිංගර් කුසාලන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙදින තරගයක් හා සීමිත පන්දුවාර තරගයක් මෙන්ම තවත් පාසල් ක්‍රිකට් මහා තරග කිහිපයක්ම අද (3) පැවැත්විය. ඒ අතුරෙන් මහානාම විද්‍යාලයේ මලිදු මදුරංගගේ ලකුණු 184ක සුපිරි ඉනිම වැඩි අවධානයකට ලක්විය.

පීතර විද්‍යාලයේ අභියෝගය හමුවේ ජෙහාන් ඩැනියෙල්ගෙන් විශිෂ්ට ශතකයක්

එදා මෙදාතුර ලක් මාතාව ජයග්‍රහණයෙන් සරසන්නට මූලිකත්වය ගත් විශිෂ්ට ක්‍රීඩකයින් රැසකගේ තිඹිරිගෙය බවට පත්වූ පාසල් දෙකක් අතර පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (03)…

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය හා කොළඹ මහානාම විද්‍යාලය

මලිදු මදුරංගගේ විශිෂ්ට පිතිහරඹයත් සමඟින් වර්ණවත් වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල මහානාම විද්‍යාලය ධර්මපාල තණතීරුවේ පළමුව පිතිකරණයට අවස්ථාව ලබා ගන්නා ලදි.

දක්ෂ පිතිකරණයක නිරත වුනු මලිදු මහානාම පළමු ඉනිම ලකුණු 371ක් දක්වා ඉහලට ඔසවා තැබීමට ලකුණු 184ක් තනිවම රැස් කිරීම දිනය තුල කාගේත් අවධානයට ලක්විය. ඔහුට සහය වෙමින් නිදුක වැලිකල ලකුණු 53ක් රැස්කර ගත්තේය. පන්දු යැවීමේ දී ශසික ඩිල්ශාන් ලකුණු 72ක් තුල කඩුලු 5ක් දවා ගන්නා ලදි.

මහානාම විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 371 (76.3): මලිදු මදුරංග 184, නිදුක වැලිකල 53, පැතුම් බොතේජු 49*, ශසික ඩිල්ශාන් 5/72, මහීම වීරකෝන් 2/82

ධර්මපාල විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 53/1 (13): අමිල දයංක 21


සීමිත පන්දුවාර තරගය,

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය හා ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය  කඩුලු 3කින් ජයග්‍රහණය හිමිකර ගනිමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. මෙම තරගය කදිරාන විදුහල් පිටියේ දී පැවැත්විය.

කාසියේ වාසිය දිනූ මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පළමුව පන්දු යවා නියමිත පන්දුවාර ප්‍රමාණයට පෙරාතුව සාන්ත ඇලෝසියස් පිතිකරුවන් ලකුණු 163කට සීමා කරවීය. එහි දී නවිදු නිර්මාල් ලකුණු 47ක් පෞද්ගලිකව තම විදුහලට ලබා දුන් අතර, තිමිදු ප්‍රීතිම කඩුලු 3ක් දවාලන ලදි.

පිළිතුරු ඉනිම දියත් කල මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට ජයග්‍රහණය හිමි කර ගැනීමට හැකි වන ලෙස වේගවත් පිතිකරණයක නිරත වුනු කෙවින් පෙරේරා ලකුණු 45ක් ලබා ගන්නා ලදි. ලසිත් කෘෘස්පුල්ලේ ලකුණු 32යි. පන්දු යැවීමේ දී කවිශ්ක ඩිල්ශාන් කඩුලු 3ක් දවාලුව ද එය තම විද්‍යාලයට ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය – සියල්ලන්ම දැවී 163 (46.2): නවිදු නිර්මාල් 47, හරීන් බුද්ධිල 36, තිමිදු ප්‍රීතිම 3/25, සංබ පූර්ණ 3/39, රවිදු ප්‍රනාන්දු 2/15, පසිදු උශෙට්ටි 2/23

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – 164/7 (43): කෙවින් පෙරේරා 45, ලසිත කෘෘස්පුල්ලේ 32, අශාන් ප්‍රනාන්දු ලකුණු 30, කවිශ්ක ඩිල්ශාන් 3/36


පාසල් ක්‍රිකට් මහා තරඟ,

8 වන සහෝදරාත්මක සටන

හලාවත සාන්ත මරියා විද්‍යාලය කාසියේ වාසිය ජයග්‍රහණය කර පළමුව පන්දු යැවීමට පිටියට පැමිණියේ ඇල්බට් පීරිස් ක්‍රීඩා පිටියේ දීයි. මෙම තරගයෙන් ලකුණු 77ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සමත් විය.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 200ක් ලබාගෙන හොඳ අභියෝගයක් ප්‍රතිවාදී සාන්ත මරියා පිතිකරුවන් වෙත ලබා දෙන ලදි. සාන්ත ජෝසප් වාස් ඉනිමට පිතිකරුවන් සියල්ලන්ම ලකුණු 20කට වැඩි ලකුණු ප්‍රමාණ ලබාගෙන සවිමත් පිතිකරණයක නිරත වෙමින් සාර්ථක ලකුණක් වෙත ඇදීයන ලදි. පන්දු යැවීමේ දී චාරුක තරිදු කඩුලු 3ක් සාන්ත මරියා විද්‍යාලය වෙනුවෙන් ඩැහැ ගැනීමට සමත් විය.

පිළිතුරු සාන්ත මරියා ඉනිම ලකුණු 123කට සීමා කරමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වුනු සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට ජයග්‍රහණය සඳහා අවස්ථාව සැලසුණි.

සාන්ත ජෝශප් වාස් විද්‍යාලය – 200 සියල්ලන්ම දැවී (45.1): නිපුන් ධනංජය 29, ශෙහාර රණතුංග 28, ඉශාන් ප්‍රනාන්දු 27, ඩිල්ශාන් ප්‍රසාද් 25, ධනුෂ්ක නෙරන්ජන 25, අංජන රැක්මාල් 24, චාරුක තරිදු 3/47, උදිත හිරුශික 2/25,ශානුක ප්‍රනාන්දු 2/31, මලිත් තිත්තතගල්ල 2/40

සාන්ත මරියා විද්‍යාලය – සියල්ලන්ම දැවී 123 (43.2): වර්ග්‍රාස සදීශ් 25, ධනුෂ්ක නෙරන්ජන 2/18, ශෙහාර රණතුංග 2/24, ඇන්ටන් චමෝද් 2/25, නිපුන් ධනංජය 2/31


58 වන සුරතුරුන්ගේ සටන (පළමු දිනය)

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය හා මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය

පළමු දිනය අවසන් වන විට කඩුලු 2ක් දැවී ලකුණු 37ක් ලබා ගැනීමට විද්‍යාර්ථ විද්‍යාලය සමත් වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල විද්‍යාර්ථ කණ්ඩායම පළමුව පන්දු යවන ලදි.

සාන්ත සිල්වෙස්ටර් පළමු ඉනිමට ලකුණු 40ක් එක් කිරීමට මන්ජිත් රාජපක්ෂට හැකි විය. එම ඉනිම හැරෙන්නට සාන්ත සිල්වෙස්ටර් පිතිකරුවන්ට වෙනත් සාර්ථක ලකුණක් ලබා ගැනීමට නිමේෂ් සේනානායක ඇතුළු විද්‍යාර්ථ පන්දු යවන්නන් ඉඩකඩ ලබා දුන්නේ නැත. පන්දු යැවීමේ දී නිමේෂ් සේනානායක කඩුලු 3යි.

තරගය පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 134 (63): මන්ජිත් රාජපක්ෂ 40, නිමේෂ් සේනානායක 3/23, රවිශ්ක උපනන්ද 2/14, නිපුන කුමාරසිරි 2/27

විද්‍යාර්ථ විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 37/2 (19):

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට