රොෂාන් ජයතිස්සත් ශතක සමාජයට

72
Premier League Tournament Tier B 29th February 2020

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League – Tier B පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අද (29) පැවැත්වෙන තරග අතුරින් කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත් වූයේ පානදුර ක්‍රීඩා සමාජයේ රොෂාන් ජයතිස්ස ය. ඔහු කළුතර ටවුන් සමාජයට එරෙහිව ශතකයක් ලබා ගත්තේය.

කුරුණෑගල යූත් සහ කැන්ඩි කස්ටම්ස් 

කුරුණෑගල වෙලගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දෙවැනි දිනයේ දී විදෙස් ක්‍රීඩක ඉයන් ඩේව් සිං පන්දු 199කට මුහුණ දෙමින් හතරේ පහර 19ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 154ක් ලබා ගත්තේය. 

කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 264 (80.4) සංදීප් කුන්චිකූර් 43, කේශාන් වන්නිආරච්චි 37, තරින්ද විජේසිංහ 28, විනෝද් පෙරේරා 37, රන්දීර රණසිංහ 99, සම්පත් පෙරේරා 3/47, තාරක ගුණවර්ධන 2/38, උමේග චතුරංග 4/74 සහ දෙවැනි  ඉනිම කිසිවෙක් නොදැවී 24 (6)

කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය ; පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 7කදී කිසිවෙක් නොදැවී 27) කඩුලු 7ක් දැවී 309 (84) අකීල් ඉන්හාම් 28, කසුන් සිල්වා 41, ඉයන් ඩේව් සිං නොදැවී 154, ලසිඳු නිම්සර 35, රජිත වික්‍රමාරච්චි 19, නවින් කවිකාර 5/113


ගුවන් හමුදාව සහ පොලිසිය

කටුනායක ගුවන් හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් පොලිස් ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සත්කාරක ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 458ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පොලිස් ක්‍රීඩකයන්ට තම පළමු ඉනිමට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 142ක් පමණි. ඒ අනුව ඔවුන් සත්කාරකයන්ට වඩා ලකුණු 316ක් පිටුපසින් පසු වෙති. 

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 90ක දී කඩුලු 5ක් දැවී 293) සියලුම දෙනා දැවී 458 (134.5)  ලක්වින් වීරසූරිය 34, අරවින්ද ප්‍රේමරත්න 63, සුමින්ද ලක්ෂාන් නොදැවී 133, මාධව නිමේෂ් 24, චාමිකර හේවගේ 67, සුජාන් මයුර 2/24, ලහිරු ඩියන්ත 3/118, සුපුන් මධුශංක 3/95, මංජුල ජයවර්ධන 2/67 

පොලිස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 142 (40.1) ගිටන්ස් කෙහ්රා 43, මංජුල ජයවර්ධන 33, ලසඳ රුක්මල් 2/10, ගයාන් ද සිල්වා 2/27, අරවින්ද ප්‍රේමරත්න 2/45, සුමින්ද ලක්ෂාන් 3/19


ගාල්ල සහ නාවික හමුදාව

හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයෙන් ඉනිමක පරාජයෙන් ගැලවීමට නම් නාවික හමුදා ක්‍රීඩකයෝ අවසන් දිනයේ දී තවත් ලකුණු 131ක් ලබා ගත යුතුය.  

ගාල්ල ක්‍රිකට් සමාජය; පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 84කදී කඩුලු 7ක් දැවී 283) සියලුම දෙනා දැවී 336 (93) විනුර දුල්සර 68, සාරංග රාජගුරු 50, නිමේෂ් පෙරේරා 54, රවිශ්ක විජේසිරි නොදැවී 53, සතික් නිමල්ෂ 6/122, ඩිලංක අවර්ඩ්ට් 2/47

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 182 (57.2) ඩබ්ලිව්. මයන්ත 23, තරුශාන් ඉද්දමල්ගොඩ 22, ශාලිත් ප්‍රනාන්දු 23, තරුෂ ප්‍රනාන්දු 21, බුද්ධික මධුශාන් නොදැවී 51, අහමඩ් ජමාල් 2/43, අකලංක ගනේගම 2/60, සාරංග රාජගුරු 3/16 සහ දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 23 (9) 


පානදුර සහ කළුතර ටවුන්

පානදුර දී පැවැත්වෙන මෙම තරගයේ දී පානදුර ක්‍රීඩා සමාජය වෙනුවෙන් පෙර දිනයේ නොදැවී ලකුණු 91ක් ලබා සිටි රොෂාන් ජයතිස්ස අද පන්දු 125කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 128ක් දක්වා තම ඉනිම දීර්ඝ කර ගත්තේය.  

පානදුර ක්‍රීඩා සමාජය; පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 90කදී කඩුලු 8ක් දැවී 323) සියලුම දෙනා දැවී 361 (94.4) මින්හාජ් ජලීල් 71, සංජික රිද්ම 49, හර්ෂ කුරේ 23, රාජු ගයාෂාන් 32, රොෂාන් ජයතිස්ස 128, කෞමල් නානායක්කාර 20, සුවන්ජි මදනායක 3/75, හසිත නිර්මාල් 2/84,  එරංග රත්නායක 5/99 සහ දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 22 (8)

කළුතර ටවුන් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 263 (71.2) ගේෂාන් විමලධර්ඹ 54, කෙවින් පීරිස් 39, නවීඩ් සර්වාර් 43, එරංග රත්නායක 52, ගිහාන් රූපසිංහ 39, රොෂාන් ජයතිස්ස 4/94, කෞමාල් නානායක්කාර 5/30


බ්ලුම්ෆීල්ඩ් සහ සෙබස්තියනයිට්ස් 

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ දී සෙබස්තියන් ක්‍රීඩකයෝ තම ජයග්‍රහණය වෙනුවෙන් තවත් ලකුණු 91ක් පසු පසින් වෙති. ඔවුන් ඒ වෙනුවෙන් දෙවැනි ඉනිමේ කඩුලු 10ම ඉතිරිව ඇති අතර ඔවුන්ට ලැබුණ ඉලක්කය ලකුණු 119කි. 

මෙම තරගයේ දී බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජයේ ගයාන් සිරිසෝම ලකුණු 110ට කඩුලු 12ක් දවා ගත්තේය. ඔහු මෙම තරගවාරයේ දී කඩුලු 10කට වැඩියෙන් ලබා ගත් දෙවැනි අවස්ථාවයි මේ. 

සෙබස්තියනයිට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 76 (34.4) දසුන් සෙනෙවිරත්න 17, ගයාන් සිරිසෝම 6/31, දිලීප ජයලත් 4/21 සහ දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 297 (75) නවෝද්‍ය ඉමේෂ් 35, ප්‍රභාත් ද සොයිසා 28, දසුන් සෙනෙවිරත්න 23, හසන්ත ප්‍රනාන්දු 50, තිලංක ද සිල්වා 86, ගයාන් සිරිසෝම 6/79, මධුශාන් රවිචන්ද්‍රකුමාර 2/88

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 60කදී කඩලු 6ක් දැවී 230) සියලුම දෙනා දැවී 255 (67.1) සචින් ජයවර්ධන 96, හර්ෂ විතාන 68, චාමර සිල්වා 25, මිෂේන් සිල්වා 37, නවීන් ගුණවර්ධන 4/98, හසන්ත ප්‍රනාන්දු 2/45, දසුන් සෙනෙවිරත්න 2/13 සහ දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 28 (6)

මෙම තරග සියල්ල හෙට (01) තෙවැනි දිනයට ක්‍රියාත්මක වේ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<