අලුත් නීති එක්ක පන්දුවාර වේගය පාලනය කරන්න අමාරුයි

184

COVID-19 වයිරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා එකතු කළ නව නීති රීති නිසා පන්දුවාර යැවීමේ වේගය පාලනය කිරීම ඉතා අපහසු වනු ඇති බව පාකිස්තාන ටෙස්ට් නායක අසාර් අලී පවසා සිටිනවා. 

පන්දුව ඔප දැමීම සඳහා ඛේටය භාවිතා කිරීම තහනම් කළ පසුබිමක නව නීති සමඟ පන්දුවාර වේගය ද පවත්වා ගැනීම අපහසු වුනත්, පාකිස්තාන කණ්ඩායම එම අභියෝගය ජය ගැනීමට සුදානමින් සිටින බව ද ඔහු පවසා සිටිනවා.

ලංකාවෙන් ඉගෙන ගෙන එංගලන්ත පිතිකරුවා බර අඩුකරන්

ක්‍රිකට් පිටිය තුළ COVID-19 වයිරසය ව්‍යාප්තිය අවම කිරීම සඳහා පනවා ඇති නව නීති රීති අනුව පන්දු යවන්නට දැන් සිය ස්වෙටරය, අව් කණ්ණාඩි හෝ හිස් වැසුම් විනිසුරුවන්ට ලබා දීමට හැකියාවක් නැහැ. ඔවුන් හතරේ සීමාව වෙත ගොස් තමන්ගේ භාණ්ඩ හතරේ සීමාවෙන් එපිට තබා නැවත පන්දු යැවීම සඳහා පැමිණිය යුතු වෙනවා. පාකිස්තානය පසුගිය ජූලි 5 හා 6 පැවැත්වුණු පුහුණු තරගයක දී මෙම නව නීති රීති වලට අනුව ක්‍රීඩා කළා.

“දේවල් කිහිපයක් තියෙනවා අපිට හැඩගැසෙන්න” අසාර් පවසා සිටියා. “මේ කාලගුණ තත්ත්වයේ දී වේගපන්දු යවන්නන්ට පමණයි දහදිය දැමුවේ, ඒ නිසා පන්දුව ඔප දැමීම අපිට ලොකු අභියෝගයක් වුනා. නමුත් කාලගුණ තත්වය තරමක් උණුසුම් වුනාම ඒ ප්‍රශ්නය විසඳෙයි.”

“පන්දු යවන්නන්ට සිය ස්වේටර් හා හිස් වැසුම් හතරේ සීමාවේ තබා නැවත පන්දු යවන්න එන්න වෙනවා. ඒ නිසා පන්දුවාර යැවීමේ වේගය පාලනය කරන්න ටිකක් අමාරුයි. යසීර් ෂා වගේ පන්දු යවන්නෙක් ගත්තොත් ඔහු පන්දු රකින්නේ කඩුල්ල අසල, ඔහුට හතරේ සීමාවටම ගිහින් සිය ස්වේටරය තියලා එන්න වෙනවා. මම හිතනවා ඉස්සරහට තියන පුහුණු තරගවල දී අපි ඒකට හුරුවෙයි කියලා.”

“2020 ආසියානු ක්‍රිකට් කුසලානය අවලංගුයි” – ගංගුලි

COVID-19 වසංගතය නිසා මාස තුනක් පුහුණුවීම් කරන්නට නොහැකි වුනත් සිය ක්‍රීඩකයින් අගෝස්තු 5 ආරම්භ වන පළමු ටෙස්ට් තරගය වන විට හොඳ සුදානමකින් සිටියි යැයි අලී විශ්වාස කරනවා.

“පිතිකරුවන්ට හා පන්දු යවන්නන් යන දෙගොල්ලන්ටම මේ තත්වයන්ට හුරු වෙන්න සිදු වෙනවා” ඔහු පවසා සිටියා. “හුළඟ නිසා පන්දු යවන්නන්ට ටිකක් අමාරුවෙයි. නමුත් ඔවුන් ටිකක් කල් යද්දී හුරුවෙයි. ක්‍රීඩකයින්ට ටිකක් කල් යාවි මේ අලුත් වෙනස්කම්වලට හුරුවෙන්න. ක්‍රීඩකයෝ හොඳ තත්වයෙන් ඉන්නවා. ඒක ධනාත්මක කරුණක්.”

“බාබර් අසාම්, අසාද් ශෆික් හා අබිඩ් අලී ඇතුළු පිතිකරුවන් හොඳ පාලනයකින් යුතුව පිතිකරණයේ යෙදෙනවා” ඔහු පවසා සිටියා. “ශාන් මසූද් මේ තත්වයන් යටතේ හොඳින් ක්‍රීඩා කරන බව පේනවා මොහොමඩ් රිස්වාන් නුත් එහෙමයි.”

“මොහොමඩ් අබ්බාස් තමයි අපේ අත්දැකීම් බහුලම පන්දු යවන්නා. ඔහු යොවුන් පන්දු යවන්නන් හොඳින් බලා ගන්නවා. ඔහු අපේ පන්දු යැවීමේ බල ඇණියේ වැදගත්ම පන්දු යවන්නායි. නසීම් ෂාත් පුහුණු තරගයේ දී හොඳින් පන්දු යැව්වා. දිගින් දිගටම පන්දු යවද්දී ඔහු පාලනයකින් යුතුව පන්දු යවයි.”

“IPL එළියට ගෙනියන්නේ ඉන්දියාවේ බැරිමනම් විතරයි” භාණ්ඩාගාරික

පාකිස්තානය එංගලන්තයේ දී ටෙස්ට් තරග තුනක් හා විස්සයි විස්ස තරග තුනක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

Cricbuzz ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<