ගෙවුනු දවස ජනවාරි 2 – ලහිරුගෙන් තරමක අභියෝගයක්

817
Sports Roundup

කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.

උදාවූ නව වසරේ ඔබගේ සියළු යහපත් පැතුම් ඉටුවන, නිදුක්, නීරෝගී ශ්‍රී සුභ නව වසරක් වේවා යැයි, ගෙවුනු දවසේ ප්‍රාර්ථනයයි!

    ක්‍රිකට්     

ඩීන් එල්ගාර් 129

Lahiru Kumara
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේදී ලහිරු කුමාර කඩුල්ලක් දවා ගත් අවස්ථාවක් සමරමින් ©ThePapare.com

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ (02) කේප්ටවුන් හිදී ආරම්භ විය. ඒ කලින් තරගයේදී ශ්‍රී ලංකා පිළ නියෝජනය කළ කුසල් පෙරේරා සහ දුෂ්මන්ත චමීර වෙනුවට උපුල් තරංගට සහ ලහිරු ගමගේට ශ්‍රී ලංකා පිළේ දොරගුළු විවර කර දෙමිනි. දකුණු අප්‍රිකානුවන් කලින් තරගයට ඉදිරිපත් කළ ජයග්‍රාහී කණ්ඩායමම මෙම තරගය සඳහා ද යොදාගෙන තිබුණි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනයේ සාර්ථකම පන්දු යවන්නා වීමට තම තෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර සමත් වූ අතර ඔහු දිනය නිමාකළේ ලකුණු 86ට කඩුලු 3ක් දවාලමිනි. සුරංග ලක්මාල් ලකුණු 69ට කඩුලු 2යි. පිත්තටත් පන්දුවටත් සමතැන් හිමිවූ ප්‍රථම දිනය ඊයේ නිමාවට පත්වූයේ දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව කඩුලු 6ට ලකුණු 297ක් ලෙස සටහන් වෙද්දීය. එබැවින් ඉතිරි දකුණු අප්‍රිකානු පිතිකරුවන් සිව්දෙනාද හැකි ඉක්මනින් දවාගෙන ධනාත්මක පිතිකරණයක නියැලීම හෙට දිනයේදී ශ්‍රී ලංකාව හමුවේ ඇති ප්‍රධානම අභියෝගය බවට පත්ව තිබේ.

දකුණු අප්‍රිකා (ප්‍රථම ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 297 (පන්දුවාර 90): ඩීන් එල්ගාර් 129, ක්වින්ටන් ඩි කොක් 68*, ෆැෆ් ඩූ ප්ලෙසිස් 38, හෂීම් අම්ලා 29, ලහිරු කුමාර 3/86, සුරංග ලක්මාල් 2/69, රංගන හේරත් 1/34.

සම්පූර්ණ තරග වාර්තාව: ලහිරුගේ අභියෝගයට එල්ගාර්ගෙන් ප්‍රබල ප්‍රතිරෝධයක්


අදීෂගේ සාර්ථක පිතිකරණය

SLC Premier League
බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩක අධීෂ නානායක්කාර (සංරක්ෂිත දර්ෂණ) ©ThePapare.com

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලිය දිවයිනේ වෙසෙන දක්ෂ ක්‍රිකට් තරු ජාත්‍යන්තරය දක්වා රැගෙන යාමේ අරමුණින් පැවැත්වෙන්නකි. එහි තවත් තරගයක් ඊයේ (02) A කාණ්ඩය නියෝජනය කරමින් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ සත්කාරකත්වය යටතේ ආරම්භ විය. ඒ ප්‍රතිවාදී ගාලු ක්‍රිකට් සමාජයට එරෙහිවයි.

අද (03) දිනයේදී ගාලු ක්‍රිකට් සමාජයේ පිතිකරුවන්ට ලකුණු 300කට ආසන්න ඉලක්කයක් හිමිවීමට බොහෝදුරට ඉඩ ඇති නිසා දෙපිළේම ක්‍රීඩකයින් අතරේ අද දිනයේදී ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය තහවුරු කර ගැනීම වෙනුවෙන් කරට කර සටනක් ඇති වීමට ඉඩ තිබේ. එබැවින් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ දඟ පන්දු යවන ක්‍රීඩක මලිත් ද සිල්වාට ගාලු පිතිකරණ බලඇණිය බිඳ හෙලීමේදී වැඩි වගකීමක් හිමිවන අතර යශෝධ ලංකා සහ දමිත හුණුකුඹුර වැනි පිතිකරුවන්ට ගාලු ඉනිම ගොඩ නැංවීමේදී වැඩි කාර්‍යභාරයක් ඉටු කිරීමට සිදුවනු ඇත.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය (ප්‍රථම ඉනිම) -කඩුලු 9ක් දැවී ලකුණු 266 (පන්දුවාර 96): අදීශ නානායක්කාර 78, ලහිරු ජයකොඩි 48, විනෝද් පෙරේරා 46, නිපුන් කරුණානායක 30, රොෂාන් ජයතිස්ස 3/55, සජීව වීරකෝන් 3/86, චලන ද සිල්වා 2/68.

සම්පූර්ණ තරග වාර්තාව: දඟ පන්දුවේ තර්ජනය හමුවේ අදීශ නානායක්කාර සාර්ථක පිතිකරණයක


තානුකගෙන් නොදැවී අර්ධ ශතකයක්

Thanuka
ඉසිපතනි විද්‍යාලීය ක්‍රීඩක තානුක දාබරේ (සංරක්ෂිත දර්ෂණ) ©ThePapare.com

දිනෙත් මදුරාවල නොදැවී ලකුණු 107*ක් ලබාගෙන දක්ෂ පිතිකරණයක නිරත වූයේ ඊයේ (02) පැවැති වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ සාන්ත ජෝසප් විද්‍යාලය සහ සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර පැවති තරගය අතරතුරදීයි.

සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 7ක් දැවී ලකුණු 319 dec (පන්දුවාර 64): දිනෙත් මදුරාවල 107*, ජෙහාන් ප්‍රනාන්දුපුල්ලේ 73, නිපුන් සුමනසිංහ 46, හරීන් කුරේ 33*, ටශික පෙරේරා  2/70, අශරු වර්ණකුලසූරිය  2/75

සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 3ක් දැවී ලකුණු 105 (පන්දුවාර 28): නිමේෂ් බණ්ඩාර 60, නුවනිදු ප්‍රනාන්දු 36

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 248 (පන්දුවාර 68.5): දුලිප් ගුණරත්න 46, රවිදු කොඩිතුවක්කු 35, ඉශේන් පෙරේරා 32, උදාර රවිදු 5/41, පැතුම් මහේෂ් 2/25

ගුරුකුල විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 4ක් දැවී ලකුණු 71 (පන්දුවාර 24): ඩිනුර ගුණවර්ධන 2/17

ආනන්ද විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 130 (පන්දුවාර 60.1): කවිදු ගිම්හාන 37, සුපුන් වරාගොඩ 29, සහන් සුරවීර 25, ලහිරු හිරන්‍ය 21, තානුක දාබරේ 4/45, විමුක්ති කුලතුංග 3/28, රුවින් පීරිස් 2/03

ලුම්බිණි විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 4ක් දැවී ලකුණු 99 (පන්දුවාර 34): තානුක දාබරේ 53*, චාමික ගුණසේකර 3/27

සංක්ෂිප්ත වාර්තාව: දිනෙත් මදුරාවල තවත් ශතකයකට හිමිකම් කියයි

දවසක අවසානය