ඉන්දියාවට එරෙහි වන යොවුන් කණ්ඩායමේ බර නිපුන්ට

321

එළඹෙන 17 වැනිදා ආරම්භ වන ඉන්දු – ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ නිපුන් දනංජය වෙත ලබාදී ඇත.

පුෂ්පකුමාර හා ජයසූරිය ශ්‍රී ලංකාවට ජයග්‍රහණය රැගෙන එයි

බංග්ලාදේශ A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවති තෙවන නිල නොවන සිව්දින ටෙස්ට් තරගය ඉනිමකින් හා ලකුණු 38කින් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම…

ඉන්දීය යොවුන් කණ්ඩායම හා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර ජූලි මස 17 වැනිදා සිට අගෝස්තු මස 10 වැනිදා දක්වා  පැවැත්වෙන මේ ක්‍රිකට් තරගාවලියට සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක් හා තරුණ එක්දින ක්‍රිකට් තරග 5ක් ඇතුළත්ය. එම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ලැබී ඇති නිපුන් ධනංජය දක්ෂ මැදපෙළ පිතිකරුවෙකි. එසේම පිට දඟපන්දු යවන්නෙකි.

ධනංජයට අමතරව කඩුලු රකින පිතිකරුවෙක් වන නිශාන් මධුෂ්ක ද මේ සංචිතයට ඇතුලත් කර ඇති අතර ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ වේගපන්දු යවන ක්‍රීඩක කලණ පෙරේරා ද මේ සංචිතයට අන්තර්ගතව සිටී. එසේම ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කමිඳු මෙන්ඩිස්ගේ සොහොයුරා වන සඳුන් මෙන්ඩිස් ද මෙම ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබීම සුවිශේෂී වේ.

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේ 15 වියැති යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ද මේ සංචිතයට ඇතුළත් කර ඇති අතර මේ සංචිතයේ සිටින ළාබාලතම ක්‍රීඩකයා වන්නේ ද ඔහුයි.

කුසල්, දිමුත් ලකුණු පුවරුව ගොඩ දමන්නට වෑයම් කරති

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ (12) තරගය දිවා විවේකයට නතර කරන විට…

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන හෂාන් තිලකරත්න හා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු වන හේමන්ත දේවප්‍රිය විසින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මේ තරගාවලිය සඳහා පුහුණුකර ඇත. තරගාවලියේ එකම පුහුණු තරගය හෙට (13) හා අනිද්දා (14) කොළඹ NCC ක්‍රිකට් පිටියේ පැවැත්වේ.

සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය 

නිපුන් දනංජය (නායක – වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය), නිශාන් මධුෂ්ක (මොරටු මහා විද්‍යාලය), නුවනිඳු ප්‍රනාන්දු (මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය), කලණ පෙරේරා (ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය), නිපුන් මාලිංග (ගාල්ල මහින්ද විද්‍යාලය), පසිඳු සූරියබණ්ඩාර (රාජකීය විද්‍යාලය කොළඹ), කමිල් මිශාර (රාජකීය විද්‍යාලය කොළඹ), නවෝද් පරණවිතාන (ගාල්ල මහින්ද විද්‍යාලය), සඳුන් මෙන්ඩිස් (ගාල්ල රිච්මන්ඩ් විද්‍යලය), දුනිත් වෙල්ලාලගේ  (කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය), පුබුදු බණ්ඩාර (මහනුවර ත්‍රිත්ව විද්‍යාලය), නවෝද්‍ය විජේකුමාර (කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය), කල්හාර සේනාරත්න (කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය), ශසික දුල්ෂාන් (මාතර සාන්ත සර්වේසස විද්‍යාලය), නවීන් නිර්මාල් ප්‍රනාන්දු (මිගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය)

අතිරේක ක්‍රීඩකයින්

චිහාන් කළිඳු (මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය), විජයකාන්ත් වීශ්වකාන්ති (යාපනය මධ්‍ය මහා විද්‍යාලය), සොනාල් දිනූශ (මහානාම විද්‍යාලය), ලක්ෂිත රසාංජන (නාලන්ද විද්‍යාලය)

  තරග කාලසටහන  

  • පළමු ටෙස්ට් තරගය – ජූලි 17/18/19/20 – NCC ක්‍රීඩා පිටිය
  • දෙවන ටෙස්ට් තරගය  – ජූලි 24/25/26/27 – හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය
  • පළමු එක්දින තරගයජූලි 30  – කොළඹ පී. සරා ඕවල්
  • දෙවන එක්දින තරගය – අගෝස්තු 2  – SSC ක්‍රීඩාංගණය
  • තෙවන එක්දින තරගය – අගෝස්තු 5 – SSC  ක්‍රීඩාංගණය
  • සිව්දින තරගය – අගෝස්තු 7 – මොරටුව ටිරෝන් ප්‍රනාන්දු පිටිය
  • පස්වන එක්දින තරගය – අගෝස්තු 10 – මොරටුව ටිරෝන් ප්‍රනාන්දු පිටිය

මේ ක්‍රිකට් තරගාවලියේ සියලුම තරග ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 1 ඔස්සේ හා ThePapare.com වෙබ් අඩවිය හරහා සජීවීව විකාශනය කරනු ඇත. සියලුම තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<