ලුම්බිණි විද්‍යාලයට කඩුලු 7ක ජයක්

404

සිංගර් 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 3ක් අද (31) අවසන් වන විට, තවත් තරග තුනක් පළමු දිනය සඳහා ආරම්භ විය. නිමාවූ තරග වලින් ලුම්බිණි විද්‍යාලය පූර්ණ ජයග්‍රහණයක් ලබා ගන්නා ලදී.

සාන්ත අන්තෝනි විද්‍යාලයට එරංගගෙන් අර්ධ ශතකයක්

වර්ෂාවෙන් එල්ල වන බාධා හමුවේ නොසැලී පැවැත්වෙන සිංගර් අන්තර් පාසල් පළමු පෙල ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද (30) ආරම්භ විය.

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය හා කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර තරගය

කොළඹ ලුම්බිණි විද්‍යාලයට කඩුලු 7ක ජයග්‍රහණයක් හිමවූ මෙම තරගය දෙවන දිනට කොළඹ බී.ආර්.සී. පිටියේදී ආරම්භය ලබා ගත්තේ ලුම්බිණි විද්‍යාලයේ පළමු ඉණිමත් සමඟිනි.

ලුම්බිණි විද්‍යාලයේ පළමු ඉණිමද, වේල්ස් කුමර විද්‍යාලයේ පළමු ඉණිම මෙන්ම අසාර්ථක වූ අතර, එහිදී සංජය ප්‍රනාන්දු කඩුලු 3ක් දවාලන ලදි. වේල්ස් කුමර විද්‍යාලයේ පළමු ඉණිමේ අඩුපාඩු දෙවන ඉණිමේද දක්නට ලැබුනු අතර, ඔවුන් ලකුණු 80කට සීමා කරගත්තේ විමුක්ති කුලතුංගගේ සුපිරි පන්දු යැවීම නිසාවෙනි. අවසානයේ තම දෙවන ඉණිම ඉවසිල්ලෙන් යුතුව ගොඩනැංවූ ලුම්බිණි විද්‍යාලයේ රවිදු සංජීව නොදැවී අර්ධ ශතකයක් වාර්තා කරන ලදී.

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉණිම  – සියල්ලන්ම දැවී ලකුණු 97 (පන්දුවාර 62): අවිදු ප්‍රනාන්දු 27, විමුක්ති කුලතුංග 4/32, තානුක දාබරේ 3/17

කොළඹ ලුම්බිණි විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 86 (පන්දුවාර 26.2): තනුක දාබරේ 30, සංජය ප්‍රනාන්දු 3/19, සවිදු පීරිස් 2/13

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය දෙවන ඉණිම  – සියල්ලන්ම දැවී ලකුණු 80 (පන්දුවාර 40.3): දිලංක මදුරංග 24, විමුක්ති කුලතුංග 6/27, කණිෂ්ක මදුවන්ත 2/15, තනුක දාබරේ 2/33

කොළඹ ලුම්බිණි විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 3ක් දැවී ලකුණු 94 (පන්දුවාර 18.2): රවිදු සංජීව 52*, අමිත් දාබරේ 18*, තිලාන් නිමේ 2/43


කොළඹ නාලන්ද විද්‍යාලය හා වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගය

සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉණිමේ ජයග්‍රහණයක් ලබා ගනිමින් නිමාවට පත්වූ මෙම තරගයේ නාලන්ද විද්‍යාලයේ පළමු ඉණිම වෙනුවෙන් සුහඟ විජේවර්ධන ලකුණු 35ක් ලබාගෙන ඉණිමේ ගැලවුම්කරැ බවට පත්වීමට වෑයම් කලත්, කවීෂ දුලංජනගේ හා කවිදු මදුකගේ දක්ෂ පන්දු යැවීම හමුවේ එය ව්‍යර්ථ විය. වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයේ දෙවන ඉණිමේ කඩුලු 4ක් දවාලීමට නාලන්ද විද්‍යාලයේ දසුන් සෙනෙවිරත්න සමත් විය.

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 191  (පන්දුවාර 66.5): එරංග මදුෂාන් 59, අවිශ්ක තරිදු 33, රැක්ෂාන් රොද්‍රිගෝ 22, අසේල කුලතුංග 4/34, ලක්ෂිත රසාංජන 2/38, දසුන් සෙනෙවිරත්න 2/30

කොළඹ නාලන්ද විද්‍යාලය පළමු ඉණිම  – සියල්ලන්ම දැවී ලකුණු 161 (පන්දුවාර 48): සුහඟ විජේවර්ධන 35, කසුන් සඳරුවන් 31, මාලිංග අමරසිංහ  28, අවිශ්ක පෙරේරා 21, කවීෂ දුලංජන 3/21, කවිදු මදුක 3/33, අවිශ්ක තරිදු 2/26

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 107 (පන්දුවාර 61.4): අවිශ්ක තරිදු 36, රුක්ෂාන් රොද්‍රිගෝ 26, දසුන් සෙනෙවිරත්න 4/37, උමේක්ෂ ඩිල්ශාන් 2/02, අසේල කුලතුංග 2/25


මොරටු විද්‍යාලය හා කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය අතර තරගය

මොරටු විදුහල් පිටියේදී තම පළමු ඉණිම ලකුණු 217කට අත්හිටුවූ ඩී.එස්. සේනානායක විද්‍යාලයට අමතක නොවන පිළිතුරු ඉණිමක් දියත් කිරීමට මොරටු විද්‍යාලයේ සමත් වූයේ තම පළමු ඉණිමේ ජයග්‍රහණයද සනිටුහන් කරගෙනයි.

ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ශෙහාඩ් අමින්ගේ දක්ෂ පිතිකරණය සමඟින් ගොඩනැංවූනු පළමු ඉණිමේ කඩුලු 4ක් දවාලීමට රශාන් කවිශ්ක සමත් විය. අනතුරුව මොරටු විද්‍යාලය වෙනුවෙන් තම පළමු ඉණිම දියත් කිරීමට පිටියට පැමිණි ඉශාන් මදුසංක හා ජීවන්ත ප්‍රනාන්දු ලකුණු 87ක් හා ලකුණු 83*ක් බැගින් ලබාගෙන තම විද්‍යාලයට පළමු ඉණිමේ ජය ලබාදෙන ලදි.

කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලය පළමු ඉණිම  –  කඩුලු 9ක් දැවී ලකුණු 217 dec (පන්දුවාර 76.1): ශෙහාඩ් අමීන් 105*, නෙත්සිත් ජයමාන්න 47, රශාන් කවිශ්ක 4/86

මොරටු විද්‍යාලය පළමු ඉණිම –  කඩුලු 6ක් දැවී ලකුණු 246 (පන්දුවාර 56): ඉශාන් මදුසංක 87, ජීවන්ත ප්‍රනාන්දු 83*, සිනෙත් උදයංග 33, මුදිත ලක්ෂාන් 3/100

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරඟ,

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර තරගය

තර්ස්ටන් පිටියේදී කාසියේ වාසිය ජයග්‍රහණය කල ජෝසප් වාස් විද්‍යාලය පළමුව පන්දුවට පහරදීමට තීරණය කල අතර දිනය අවසානයේ තම පිළිතුරු පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටින තර්ස්ටන් විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 223ක් ලබාගෙන සිටියි.

තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ තුන් ඉරියව් ක්‍රීඩක චරණ නානායක්කාර කඩුලු 6ක් ලබා ගත් අතර, පිත්තෙන් ලකුණු 67ක් ලබා ගැනීමට චරණ සමත් විය. නොදැවී කඩුල්ලේ රැදී සිටින නවෝද් සමරකෝන් ලකුණු 44*යි.

වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 82 (පන්දුවාර 34.1): අංජන රුක්මාල් 19, චරණ නානායක්කාර 6/27, අයේෂ් හර්ෂන 3/13

කොළඹ තර්ස්ටන් විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ) – කඩුලු 6ක් දැවී ලකුණු 223 (පන්දුවාර 56): චරණ නානායක්කාර 67, ඉමේෂ් විරංග 54, නවෝද් සමරකෝන් 44*, සවන ප්‍රභාශ් 39, දනංජය පෙරේරා 4/65

කොළඹ තර්ස්ටන් විද්‍යාලය වෙන්නප්පුව සාන්ත ජෝශප් විද්‍යාලයේ පළමු ඉණිමට වඩා ලකුණු 141ක් පෙරමුණේ පසුවෙයි.


මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර තරගය

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට පළමු දිනය තුල වැඩි වාසියක් අත්කර දුන් මෙම තරගය සෙබස්තියන් විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී පැවැත්වේ. කාසියේ වාසිය තමන් සතු කරගත් සෙබස්තියන් විද්‍යාලය පළමුව පන්දුවට පහරදුනි.

ඩේමියන් බයිසර් ලකුණු 59ක් ලබාගෙන තම විද්‍යාලයට ලකුණු 233ක ලකුණු පුවරුවක් වෙත යාමට මග විවර කරවීය. මහේෂ් තීක්ෂණ කඩුලු 5ක් දවාලමින් සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ පිතිකරුවන්ට යම් අස්වැසිල්ලක් විය. පිළිතුරු පළමු ඉණිම ක්‍රීඩා කරන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය දිනය අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 45ක් ලබාගෙන සිටින්නේ පළමු ඉණිමේ ජයග්‍රහණයද සිහිනයක් කරගෙනයි. ටශික පෙරේරා කඩුලු 4යි.

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 233 (පන්දුවාර 68.2): ඩේමියන් බයිසර් 59, මලින්ත පීරිස් 45, රොශාන් ප්‍රනාන්දු 36, ටශික පෙරේරා 28, නිමේෂ් බණ්ඩාර 24, මහේෂ් තීක්ෂණ 5/61, කවීශ ජයතිලක 4/68

කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ) – කඩුලු 5ක් දැවී ලකුණු  45 (පන්දුවාර 20): ටශික පෙරේරා 4/26

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 188ක් පිටුපසින් පසුවෙයි


කුරුණෑගල මලියදේව විද්‍යාලය හා මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය අතර තරගය

කුරුණෑගල මලියදේව පළමු ඉණිම කඩුලු 2ක් දැවී ලකුණු 86ක් ලෙස දැක්වෙද්දී පළමු දිනය අවසන් වූ මෙම තරගය කටුනේරිය සාන්ත සෙබස්තියන් විදුහල් පිටියේදී පැවැත්වේ. කාසියේ වාසිය ජයගත් මාරිස්ටෙලා විද්‍යාලය පළමුව පන්දුවට පහරදුනි.

මනරම් පිතිකරණයක නිරත වෙමින්  අශාන් ප්‍රනාන්දු හා රවිදු ප්‍රනාන්දු දෙදෙනා පිළිවෙලින් ලකුණු 117 බැගින් රැස් කරමින් මාරිස්ටෙලා විද්‍යාලයේ පළමු ඉණිම ලකුණු 407ක් දක්වා රුගෙන ගියේ කුරුණෑගල මලියදේව විද්‍යාලයට පළමු ඉණිමේ ජයග්‍රහණය ලබා ගැනීමට ඇති ඉඩකඩ පවා බොහෝ දුරට අවම කරවමිනි. පන්දු යැවීමේ දී කවින් බණ්ඩාර මලියදේව විද්‍යාලය වෙනුවෙන් කඩුලු 4ක් දවාලන ලදි.

මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 7ක් දැවී ලකුණු 407 (පන්දුවාර 74): අශාන් ප්‍රනාන්දු 117, රවිදු ප්‍රනාන්දු 117, ලසිත් කෘෘස්පුල්ලේ 52, සචිදු කොළඹගේ 41, රොශේන් ප්‍රනාන්දු 33, කවීන් බණ්ඩාර 4/72, දමිත සිල්වා 2/106

කුරුණෑගල මලියදේව විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ) – කඩුලු 2ක් දැවී ලකුණු 86 (පන්දුවාර 19):

කුරුණෑගල මලියදේව විද්‍යාලය මාරිස්ටෙලා විද්‍යාලයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 321ක් පසුපසින් පසුවෙයි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<