මහින්ද – ධර්මාශෝක සටන වැස්සෙන් නිමාවෙයි

302
Singer U19 Cricket January 22nd

දක්ෂයින් අතර අතිදක්ෂයින් සොයන වයස අවුරුදු 19න් පහල සිංගර් කුසලාන පළමු පෙල ක්‍රිකට් තරගාවලියේ ගාල්ල මහින්ද විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර තරඟය අද (22) වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා ජයපරාජයෙන් තොරව අවසන් විය.

පසුගිය ලිපි: පාසල් රැසකට පළමු ඉණිමේ ජයග්‍රහණ

A කාණ්ඩයේ තරගයක් වු මෙහි කාසියේ වාසිය ගාල්ල මහින්ද විද්‍යාලය සතුවිය.

අද දෙවන හා අවසන් දිනයට තරගය ආරම්භ කරන විට මහනුවර ධර්මරාජ ක්‍රීඩකයෝ තම පළමු ඉණිමට කඩුලු 5ක් දැවී ලකුණු 188ක් ලබාගෙන සිටිහ.

එතෙක් දුරට ඉණිම ගොඩනැංවූ නිවන්ත හේරත් ලකුණු 65කට දවාලීමට මහින්ද විද්‍යාලයේ පන්දු යවන්නන් සමත් විය.

නොදැවී ලකුණු 32*ක් ලබාගත් ගිහාන් විතාරණ මැදපෙළ පිතිකරණය සවිමත් කරමින් තවත් සාර්ථක අඩිතාලමක් සකස් කරවීය. ධර්මරාජ පිතිකරණය බිදවැට්ටූ අශේන් කණ්ඩම්බි ලකුණු 36ක් තුල කඩුලු 5ක් දවාගැනීමට සමත් විය.

දහවල් ආහාරයෙන් අනතුරුව මහනුවර ධර්මරාජ පිටියට දැඩි වර්ෂාපතනයක් පතිත වූ අතර එම වර්ෂාව තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට සමත් විය.

මහනුවර ධර්මරාජ විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 247 (පන්දුවාර 109.5): නිවන්ත හේරත් 65,  දුලාජ් බණ්ඩාර 46, ගිහාන් විතාරණ 32*, දේශාන්  ගුණසිංහ 28, අශේන් කණ්ඩම්බි 5/36, කවිදු එදිවීර 2/61

ගාල්ල මහින්ද විද්‍යාලය පළමු ඉණිම – කිසිවෙකු නොදැවී ලකුණු 1 (පන්දුවාර 1)

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට