ගෙවුනු දවස: දෙසැම්බර් 17 – ජීවන් මෙන්ඩිස්ගේ සුපිරි දස්කම්

273
Sri Lanka Sports News

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශ ගත කර, සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

 ක්‍රිකට් 

ජීවන් ටැමිල් යූනියන් කණ්ඩායමට ජය ගෙන එයි

දේශීය ක්‍රිකට් පිටියේ ක්‍රීඩකයින්ට තම නිසඟ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට වේදිකාවක් තනාදෙන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ පැවති තරග 4ක් ඊයේ (17) නිමාව දුටුවේය.

ඒ අතුරින් ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය පූර්ණ තරග ජයග්‍රහණයක පහස විඳීමට සමත් වූ අතර CCC, මුවර්ස් සහ NCC යන ක්‍රීඩා සමාජ ප්‍රථම ඉනිමේ ජයග්‍රහණ වල හිමිකරුවන් බවට පත්විය.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 450 (පන්දුවාර 101.5): ජීවන් මෙන්ඩිස් 115, තරංග පරණවිතාන 100, මනෝජ් සරත්චන්ද්‍ර 82, තික්ෂිල ද සිල්වා 2/45, මලින්ද පුෂ්පකුමාර 5/134, ඉසුරු උදාන 2/102.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 219 (පන්දුවාර 42.1): ශෙහාන් ජයසූරිය 59, තික්ෂිල ද සිල්වා 59, සචිත්‍ර සේරසිංහ 24, ජීවන් මෙන්ඩිස් 4/79, දිනුක් වික්‍රමනායක 3/18.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 297 (පන්දුවාර 84.2): ශෙහාන් ජයසූරිය 67, අශේන් සිල්වා 67, මහේල උඩවත්ත 53, සචිත්‍ර සේරසිංහ 50*, ජීවන් මෙන්ඩිස් 4/56, දිනුක් වික්‍රමනායක 3/96.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – කඩුලු 4ක් දැවී ලකුණු 69 (පන්දුවාර 15.3): පුලිණ තරංග 28*, මලින්ද පුෂ්පකුමාර 3/24.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 276 (පන්දුවාර 81.4): හෂාන් දුමිඳු 105, අකිල ධනංජය 42*, සචිත් පතිරණ 3/37, ලහිරු මධුශංක 3/45, ලක්ෂාන් සඳකැන් 3/63.

කොළඹ ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 384 (පන්දුවාර 79.4): වනිඳු හසරංග 116, අශාන් ප්‍රියන්ජන් 80, ලහිරු මධුශංක 59, රොන් චන්ද්‍රගුප්ත 58, අකිල ධනංජය 4/111, නිසල තාරක 3/68.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 316 (පන්දුවාර 85): හෂාන් දුමිඳු 69, ප්‍රියමාල් පෙරේරා 63*, ඇන්ජෙලෝ ජයසිංහ 52, සදීර සමරවික්‍රම 48, සචිත් පතිරණ 4/86.

සම්පූර්ණ ලිපිය: ජීවන් මෙන්ඩිස්ගේ තුන් ඉරියව් දක්ෂතා ටැමිල් යූනියන් පිළට ජය ගෙනෙයි


වරාය අධිකාරියට ඉණිමක ජයක්

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තෙවන සතියේ තරඟ කිහිපයක්ම පසුගිය දා (15) ආරම්භ වූ අතර, තවත් තරඟයක් 16 වැනිදා ආරම්භ විය. එයින් ඊයේ (17) අවසන් වූ තරගයකින්, ශනුක දිසානායකගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඉණිමක හා ලකුණු 14ක ජයග්‍රහණයක් ලබා ගැනීමට වරාය අධිකාරි කණ්ඩායම සමත් විය.

පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉණිම – 103/10 (50): සමිත් දුශ්ශන්ත 26, චානක කොමසාරු 5/35, චාමිකර එදිරිසිංහ 4/29

ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රීඩා සමාජය පළමු ඉණිම – 223/08 dec (87): හේශාන් ගුණතිලක 99, යොහාන් ද සිල්වා 32, කල්‍යාණ රත්නප්‍රිය 4/65

පොලිස් ක්‍රීඩා සමාජය දෙවන ඉණිම – 106/10 (39): හෙශාන් පෙරේරා 36*, තරිදු ඩිල්ශාන් 21, ශනුක  දිසානායක 5/29, චාමිකර එදිරිසිංහ 3/34

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජ කණ්ඩායම පළමු ඉණිම – 232/10 (70.2): රුවන්ත ඒකනායක 111, හශාන් ප්‍රභාත් 50, තරිදු සිරිවර්ධන 3/20, කල්හාර කොටවසිංහ 3/64

කළුතර නගර සමාජ කණ්ඩායම පළමු ඉණිම (දෙවන දිනය අවසානයේදී)  – 258/03 (81): රිසිත් උපමාල් 116*, ගීත් පෙරේරා 57, නිපුන ගමගේ 34*, තරිදු සිරිවර්ධන 29, සඳමාල් ජයවික්‍රම 3/64


 රග්බි 

ශ්‍රී ලංකා බලාපොරොත්තු සුන්වෙයි

මැලේසියාවේදී පැවැත්වෙන 19න් පහල රග්බි ඒශියාඩ් (ASIAD) තරඟාවලියේ පළමු කාණ්ඩයේ රැඳී සිටීමේ ශ්‍රී ලංකා බලාපොරොත්තුව සුණු විසුනු කර දමන්නට චීන තායිපේ කණ්ඩායමේ ශැන්ග් ටෙන්ග් සමත්වීමත් සමඟ චීන තායිපේ හා පැවති තරඟය 31-25ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය විය.

ප්‍රථම අර්ධය චීන තායිපේ 19 – 10 ශ්‍රී ලංකාව

සම්පූර්ණ කාලය චීන තායිපේ 31 (5T 3C) – 25 (4T 1C 1P) ශ්‍රී ලංකාව

  • චීන තායිපේ – ෂෙන්ග් ටෙන්ග් 2T, සූ ෂෙන් 1T 1C, චෙන් යෙන් ලෑන් 1T, චෙන් යූ සංග් 1T, චී සෙන් වූ 2C.
  • ශ්‍රී ලංකාව – වජීඩ් ෆවුමි 1T, නවීන් හේනකන්කානම්ගේ 1T, රොමේෂ් ප්‍රියංකර 1T, නිරෝෂ් උදයංග 1T, සන්දේශ් ජයවික්‍රම 1C 1P

සම්පූර්ණ ලිපිය: අවසන් මොහොතේදී චීන තායිපේ ජය ලබයි

දිනයක නිමාව