තිරිමාන්නගේ දැවැන්ත පිතිප්‍රහාරය හමුවේ බංගලියන්ගේ පෙන හැකිළේ

3253

බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම අතර චිතගොං හී සාහුර් අහමඩ් චෞද්‍රි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු නිල නොලත් සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය (27) නිමාවේ දී පළමු ඉනිමට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලබාගත් ලකුණු 449ට පිළිතුරු ලෙසින් බංග්ලාදේශ A ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 44ක් ලබා සිටියහ. ඒ අනුව බංගලියන්ට ශ්‍රී ලංකා පළමු ඉනිම හා සම තත්ත්වයට පිවිසීමට තවත් ලකුණු 405ක් අවශ්‍ය ය. ඒ සඳහා ඉතිරිව ඇත්තේ කඩුලු 8ක් පමණි.

එහෙත් හරි වැස්ස; දිමුත් සහ තිරිමාන්න අර්ධ ශතක රැස් කරති

බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම අතර චිතගොං හි සාහුර් ..

ශ්‍රී ලංකාව වෙනුවෙන් වමත් ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න මෙම තරගයේ දී තම ක්‍රිකට් දිවියේ හොඳම ජාත්‍යන්තර ඉනිම ක්‍රීඩා කරමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 168කි. පන්දු 339ක් පිටියේ රැඳී සිටි ඔහුගේ ඉනිමට හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක් ඇතුලත් විය. ඉනිමේ කඩුලු ලකුණු සබඳතා කිහිපයකටම දායක වූ තිරිමාන්න ආරම්භක කඩුල්ලට පිටියට පිවිස 8 වැනි කඩුල්ල දැවී යන තෙක් ම පිටියේ රැඳී සිටීම කැපී පෙණුනි.

ප්‍රතිවාදී දැවැන්ත ලකුණ ප්‍රමාණයක් ඉදිරියේ තබා ගනිමින් පිටියට පිවිසි බංග්ලාදේශ A ක්‍රීඩකයන්ගේ පළමු කඩුල්ල ලකුණු 21ක්ව තිබිය දී දවා ගැනීමට නිසල තාරක සමත් විය. ඒ වෙද්දී බංගලි ඉනිම කියැවුණේ ද ලකුණු 21ක් ලෙසිනි. පන්දු 17කට මුහුණ දී සිටි සෞම්‍ය සාකර් පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදී දැවී යන විට හතරේ පහර 4ක් තම ඉනිමට එක් කර තිබුණි.

ඒ හා සමඟින්ම ක්‍රියාත්මක වූ චරිත් අසලංක අනෙක් ආරම්භක පිතිකරුවා වූ ශාද්මන් ඉස්ලාම් (01) ද විවේකාගාරයට යැවීමට කටයුතු යෙදුවේ ය.

දිනය අවසන් වෙන විට තුෂාර් ඉම්රාන් නොදැවී ලකුණු 15ක් ලබා ගනිමින් ද නායක මොසදැක් හුසේන් නොදැවී ලකුණු 08ක් ලබා ගනිමින් ද පිටියේ රැඳී සිටී.

පෙර දිනය තරගයේ පළමු දිනයට නතර වෙද්දී ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ ලබා සිටි ලකුණු සංඛ්‍යාව කඩුලු 4ක් දැවී 171කි. ඒ වෙද්දී ලහිරු තිරිමාන්න නොදැවී ලකුණු 66ක් ලබා සිටි අතර චරිත් අසලංක ලබා සිටි ලකුණු සංඛ්‍යාව 11කි. තරගයේ දෙවැනි දිනය ආරම්භයේ සිට ඔවුන් දෙදෙනා කිසිදු අපහසුවකින් තොරව තම කඩුලු සබඳතාව පවත්වා ගෙන ගියහ.

නමුත් බංගලියන්ට අවශ්‍යම මොහොතක තම කඩුල්ල පුද කිරීමට එතෙක් වේලා සාර්ථකව පන්දුවට පහර දෙමින් සිටි චරිත් අසලංක පරිත්‍යාගශීලි විය. ශතකයට ලකුණු 10ක් මෙපිටින් සිටි ඔහුගේ ඉනිම නිමා වූයේ දුවද්දී දැවී යෑමකට ගොදුරු වෙමිනි. ඒ වෙද්දී ඔහු පන්දු 155කට මුහුණ දී සිටි අතර හතරේ පහර 13ක් ඊට ඇතුලත්ව තිබුණි. චරිත් සහ ලහිරු අතර 5 වැනි කඩුල්ලට වූ ලකුණු සබඳතාව 156කි. ඔවුන් දෙදෙනා එක්ව පන්දුවාර 49කුත් පන්දු 4ක් පුරා මේ සබඳතාව පවත්වා ගෙන ගියහ.

එම දැවැන්ත සබඳතා ඉනිමෙන් අනතුරුව 6 වැනි කඩුල්ලට ද දැවැන්ත ලකුණු සබඳතාවක් ගොඩ නැගීමට දායක වීමට තිරිමාන්න සමත් විය. සම්මු අශාන් සමඟ එක්වූ ඔහු එම කඩුල්ලට එක් කළ ලකුණු සංඛ්‍යාව 119කි. සම්මු අශාන් දැවී යද්දී පන්දු 97ක දී හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 70ක් ලබා සිටියේය.

කුසල්ගේ ධෛර්යයෙන් ශ්‍රී ලංකාව ගොඩ යයි

දිල්රුවන් පෙරේරා සහ කුසල් පෙරේරා එක්ව 7 වැනි කඩුල්ලේ දී පෑ දක්ෂතා හේතුවෙන්…

ඉනිමේ 7 වැනි කඩුල්ල ලෙසින් නිසල තාරක ලකුණු 20ක් ලබා සිටිය දී දැවී ගිය අතර ඊට පසුව යැවුණ පන්දුවාරයේ පළමු පන්දුවේ දී තිරිමාන්නගේ ඉනිම ද අවසන් විය. ඒ විගස ශ්‍රී ලංකා නායකයාගේ තීරණය වූයේ ඉනිම අත්හිටුවීමයි.

බංග්ලාදේශය වෙනුවෙන් දකුණතින් මඳ වේගපන්දු යැවූ කාලිඩ් අහමඩ් ලකුණු 92කට කඩුලු 4ක් දවා ගත් අතර අබු හයිඩර් රොනි කඩුලු 2ක් දවා ගත්තේය.

තරගය හෙට (28) තෙවැනි දිනටත් ක්‍රියාත්මකයි.

ශ්‍රී ලංකා A කණ්ඩායම;

පළමු ඉනිම කඩුලු 8ක් දැවී 449 (131.1): දිමුත් කරුණාරත්න 60, ලහිරු තිරිමාන්න 168, අශාන් ප්‍රියංජන් 23, චරිත් අසලංක 90, සම්මු අශාන් 70, නිසල තාරක 20, අබු හයිඩර් රොනි 2/69, කාලිඩ් අහමඩ් 4/92

බංග්ලාදේශ A කණ්ඩායම;

පළමු ඉනිම කඩුලු 2ක් දැවී 44 (17.0): සෞම්‍ය සාකර් 2

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<