ගෙවුනු දවස අගෝස්තු 29 – නායකත්වය දනුෂ්ක රංජන්ට

639
August - 29

අවිවේකි ජීවන දිවියක් ගත කරන ඔබට, එදිනෙදා මඟ හැරෙන ක්‍රීඩා පුවත් කෙටියෙන්, නිවැරදිව, සිංහලෙන් එකම ලිපියකින් ඉදිරිපත් කිරීමේ අරමුණින් ThePapare.com විසින් ඔබට “ගෙවුනු දවස” නමින් විශේෂාංග ලිපි මාලාවක් දිනපතා ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

රග්බි –

මුතූගේ අඩුව පුරවන්න දනුෂ්ක

2016 අාසියා සත්සමාජික රග්බි තරගාවලියට, ශාන්ත පීතර විද්‍යාලීය සහ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජ ක්‍රීඩක දනුෂ්ක ගුණතිලක, ශ්‍රී ලංකා ජාතික රග්බි සංචිතයේ නායකයා ලෙස පත් කර අැත. තරගාවලිය මේ සති අන්තයේ හොන්ග් කොන්ග් හිදි පැවැත්වෙනු අැත.

12 දෙනෙකුගෙන් සැදුම්ලත් මෙම සංචිතය අාසියා සත්සමාජික තරගාවලියේ පළමු වටයේ තරග සඳහා සැප්තැම්බර් 02 සහ 03 යන දිනයන් හිදි සහභාගී වන අතර සැප්තැම්බර් 24 සහ 25 පැවැත්වෙන දෙවැනි වටයේ තරග සඳහා ඔවුන් දකුණු කොරියාව බලා පිටත්වනු අැත. සංචිතය අද හොන්ග් කොන්ග් බලා පිටත් විමට නියමිතයි.

සංචිතය

දනුෂ්ක රන්ජන් (C), දුලාජ් පෙරේරා, දනුෂ් දයාන්, දිනූෂ චතුරංග, ජේසන් දිසානායක, කවින්දු පෙරේරා, හිරන්ත පෙරේරා, සාලිය හඳපාන්ගොඩ, සෂාන් මොහොමඩ්, තරිඳු රත්වත්ත, කෙවින් ඩික්සන් (U20), ඔමල්ක ගුණරත්න (U20)

මැට් ටර්නර් – පුහුණුකරු, රජීව් පෙරේරා – සහකාර පුහුණුකරු, රොහාන් චින්තක – කළමනාකරු

අතිරේක ක්‍රීඩකයින් – රෙහාන් සිල්වා, නිෂොන් පෙරේරා, රීසා රෆයිඩීන් (all U20)


ක්‍රිකට් –

අසලංක නොදැවී 100

28 වැනිදා ආරම්භ වූ ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම හා සිම්බාබ්වේ සංවර්ධන කණ්ඩායම අතර සිව්දින තරඟයේ දෙවන දිනය ඊයේ (29) නිමාවන විට සිම්බාබ්වේ පළමු ඉණිමට නොදෙවෙනි ඉණිමක් දියත් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

සිම්බාබ්වේ සංවර්ධන කණ්ඩායමේ පළමු ඉණිම – 349-10 (100.1) බ්‍රයන් චැරී 76, ටැරිසායි මුසකන්ඩා 61, චාල්ස් කුංජේ 53, ලුකේ ජොන්ග්වේ  50, ජෝයිලෝඩ් ගුම්බි 47, නිමන්ත ප්‍රනාන්දු 2/23, ශෙහාන් මදුසංක 2/69, චරිත් අසලංක 2/79

ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමේ පළමු ඉණිම –287-05 (73)  සඳුන් වීරක්කොඩි 151, චරිත් අසලංක 100*, රුමේෂ් බුද්ධික 17, වික්ටර් නව්වාචි 3/42, කාල් මුම්බා 2/63

සම්පූර්ණ ලිපිය: ශ්‍රී ලංකා පිත්තට සිම්බාබ්වේ මවිත වෙයි


සෙබෙස්තියන් විදුහලට ජය

සිංගර් කුසලාන අන්තර් පාසල් වයස අවුරුදු 15න් පහල පළමු කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තවත් තරගයක් ඊයේ (29) ආරම්භ විය. කොළඹ නාලන්ද සහ කළුතර සිරි කුරුස විදුහල අතර පැවැත්වෙන මේ තරගයේ පළමු දිනය පිතිකරුවන්ට වැඩි වාසි ගෙනදුන් දිනයක් විය.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 254-08 (50) ගිහාන් සේනානායක 54*, නුවනිදු ප්‍රනාන්දු 52, තරැෂ ප්‍රනාන්දු 51, නිශාන්ත අභිලාෂ් 35, අසේල සිගේරා 4/18, චානක ධනුක 3/60

ආනන්ද විද්‍යාලය – 237-10 (49.1) දුශාන් හෙට්ටිගේ 50, අසේල සිගේරා 49, දිනුජ රණසිංහ 3/41

සම්පූර්ණ ලිපිය: සාන්ත සෙබස්තියන් අවසන් තරඟයට


15න් පහල ක්‍රිකට් උණුසුම

සිංගර් පාසල් වයස අවුරුදු 15න් පහල ක්‍රිකට් තරගාවලියේ 4වැනි අර්ධ අවසන් පූර්ව වටයේ තරගය ඊයේ හෝලි ක්‍රොස් විදුහල සහ නාලන්ද විද්‍යාලය අතර හොරණදි පැවැත්විය.

හෝලි ක්‍රොස් විද්‍යාලය – 249 (72.4-all out) ෂෙරන් ෆොන්සේකා 92, උමයංග සුවාරිස් 44, පැතුම් දර්ශන 38, ජිතේෂ් වාසල 4/38, අශේන් වලිසුන්දර 2/18)

නාලන්දා විද්‍යාලය – 53 /1 (16) අවිශ්ක පෙරේරා 48*


පාපන්දු –

කල්ගිය සුපර් 8 මේ සති අන්තයේ

2016 ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ තරග සැප්තැම්බර් 03 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේදි අාරම්භ කරන බව ඊයේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් දැනුම් දෙන ලදි.

මෙම තරග වටය පැවැත්වීමට තිබුනේ පසුගිය 27 වැනිදා වුවත් එදිනට තුරඟ තරග පිටිය ඒ සඳහා භාවිතා කිරීමට නොහැකි වීම නිසාවෙන් දින නියමයකින් තොරව එම තරග කල්යන ලදි.

“තරගය සති 4ක් පුරා පැවැත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික සංචිතය තරග සංචාරයක් නිසාවෙන් කාම්බෝජය සහ තායිලන්තය බලා පිටත්ව යෑමට නියමිත නිසාවෙන් තරගය සති 4ක් අඛණ්ඩව පවත්වා සංචාරයෙන් පසුව නැවතත් අාරම්භ කිරීමට අප බලාපොරොත්තු වනවා යැයි පාපන්දු සම්මේලනයේ ප්‍රධාන විධායක නිළදාරී ජස්වර් උමාර් ThePapare.com වෙත  සඳහන් කරන ලදි.

දවසේ නිමාව